SST Ceylon food

SST Ceylon food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SST Ceylon food, Food Delivery Service, Kuala Lumpur.

01/11/2022

❛❛ සිඳින්න බැරි පින ❜❜
━━━━━━ • ✿ • ━━━━━━
කඨින චීවර පූජාව බිස්නස් එකක් කියලා සමහරු කිව්වට.. සිත පහදවාගෙන ආනිසංස දැනගෙන කඨින චීවරයක් පූජා කරනවා නම්, ඒ පින අනුමෝදන් වෙනවා නම්.. ලැබෙන ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ..

❛❛ කඨින චීවර පූජාවක් කලොත්,අනුමෝදන් උනොත්, දෙව් මිනිස් සැප කෙරවල අමා මහා නිවන් සුව ලැබෙනවා.. ❜❜
කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකෙට එළි කළෙත් අපගේ ශ්‍රාස්තෲ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි..

කඨින චීවර පූජාවේ ආනිසංස කොයි තරම්ද කියලා අපට පෙන්නලා දීලා..අපව දුකෙන් නිදහස් කරන්න, භාග්‍යවතුන් වහන්සේට කොයි තරම් අනුකම්පාවක් තිබුනද කියනවා නම්.. දවසක් භික්ෂු සංඝයා 500ක් රැස් කරවාගෙන හිමාලයේ අනවතප්ත විලට වැඩම කරනවා..

ඊට පස්සේ භාගයවතුන් වහන්සේ,අර 500ක් වූ ස්වාමින් වහන්සේලා අමතලා මෙහෙම වදාරනවා..
❛❛ පින්වත් මහණෙනි,ඔබ වහන්සේලා අතරින් පෙර ජිවිතයක විශේෂ පින්කමක් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් ඒ ගැන කියන්න ❜❜
භාග්‍යවතුන් වහන්සේ දන්නවා, මේ වෙලාවේ එක රහතන් වහන්සේ නමක් කඨින පිංකමේ ආනිසංස මේ ලෝකෙටම එලි කරනවා කියලා..

ඒ වෙලාවේ ඉදිරියට ආපු "නාගිත" මහාරහතන් වහන්සේ තමන්ගේ පෙර ජිවිතේ කර ගත්ත ඒ මහානූභාව සම්පන්න පින මෙන්න මෙහෙම කියනවා..

❛❛ ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස !
මීට අනූ එක් කල්පයකට පෙර "විපස්සි" බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක් තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් පද ආරක්ෂා කළා. එක දවසක් මට විපස්සි බුදු රජාණන්වහන්සේ දකින්න ලැබුනා..
බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්‍රද්ධාවෙන් දන් පැන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත "කඨින චීවර" පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා.❜❜

❛❛ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස,..
එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ආනිසංස..❜❜

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨින චීවර පූජාවක ඇති ආනිසංස ගැන ප්‍රකාශ කලා..

❦ මම උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. 34 වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා 34 වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් තිබුන ද,.. සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් 84 වාරයක් සක්විති රාජ සම්පත් ලැබුනා..මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦දිව්‍ය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦රජ සහ බ්‍රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක නම් උපන්නේ නැහැ. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦චතුස්සාගර පර්යන්ත වූ චක්‍රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ තමයි කඨින පූජාවේ ආනිසංස..

❦ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්‍රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ සියලු සැප අවසන ඒ අමා මහා නිවනද ලැබුණා..

මෙසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල් හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්‍රකාශ කළා..
====================================
කඨින පින්කමට කියන්නේ සිඳින්න බැරි පින්කම කියලයි..
මලක් පූජා කලත්, සෑයක් තැන වූවත්, විහාර කරවූවත්,දන් පැන් දුන්නත්..ඒ සියල්ලක්ම කඨින චීවර පූජාව වගේම නිවනට උපකාර කරනවා..
හැබැයි ඒ සියල්ලක්ම අපි කරන අකුසල් වලින් යට යන්න පුලුවන්.. ඒ අකුසල් වලින් නිවනට බාදා වෙන්න පුලුවන්.. කර්මයකින් තවත් කර්මයක් සිඳින්න පුලුවන්..

හැබැයි කඨින පින්කම කරලා, අනූමෝදන් වෙච්ච කෙනෙකුට ඒ පිනේ ආනිසංසයෙන් අර කරපු පින් සිඳින්නේ නැතුව රැකලා දෙන්න පුලුවන්.. නිවන දක්වාම අරන් යන්න පුලුවන්.. එච්චරටම මේ කඨින පිංකම ආනූභාවසම්පන්නයි...

කඨින පිංකම අද බිස්නස් එකක් කියලා සමහරු කිව්වත්, කෙනෙක් තුන් සිත පහදවාගෙන කඨින පින්කමක් කරනවා නම්, ඒ පින කෙනෙක් අනුමෝදන් වෙනවා නම්, එයාට මේ ආනිසංස උරුමයි.. එයා කරන අනෙක් පින් අකුසල් වලින් සිඳින්න බැරි වෙන්න රැකවරණය සහිතයි.. සියල්ල අවසන ඒ අමා මහා නිවන් සුව උරුමයි..!!!

කඨින පිංකම ගැන මෙතෙක් ඇසූ සුන්දරම දේශනාව..
https://youtu.be/qkvE4NfHefs

නමෝ බුද්ධාය!!!

උපුටා ගැනීමකි කළණ මිතුරාගේ ලිපියකි ...

21/03/2021

Good evening friends.

Address

Kuala Lumpur
50050

Website

Alerts

Be the first to know and let us send you an email when SST Ceylon food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share