20/06/2026
*"අවුරුද්දකට අඩු බබාට කැස්ස + දුම් ඇලිම හැදුනොත් - මම කළ වරද ඔබ කරන්න එපා"*
2026.06.08 දා තංගල්ලේදී මම මුහුණ දුන්න සිදුවීමක් නිසා අද මේක ලියනවා.😊
මගේ බබාට දැන් මාස 10යි දවස් 14යි. එයාට කැස්ස හැදිලා මම 2026.05.30 / 06.03 / 06.08 යන දින වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් අරගත්තා. එයා දුම් ඇල්ලීමට "Nebulize with Oxygen" කියලා චිට් එකේ ලියලා දුන්නා.
ම හිතුවේ "දොස්තර ලියුම දීලා, දැන් අවුලක් නෑ" කියලා. හැබැයි මම ගිය ප්‍රයිවට් තැන් 3කින්ම එක දෙයක් miss වුණා. ඔක්සිජන් එකෙන් දුම් ඇල්ලුවේ නෑ. Oxygen නැතුව විතරක් දුම් දුන්නා.🥲
හතරවෙනි දවසේ තව තැනකට ගියම තමයි දොස්තර කෙනෙක් කිව්වේ "මේක Oxygen එකෙන් කරන්න කියලා ලියලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන් තංගල්ල අරොග්‍ය රෝහලේ සහ Southern Lanka Hospital එකේ විතරයි" කියලා.🥲
🤔*"ම දොස්තරවරුන්ට බනින්නේ නෑ. එයාලා busy, මග ඇරෙනවා වෙන්න පුළුවන්. නමුත් මම එක ප්‍රශ්නයක් ඇහුවා නම් ඒ දින තුන ගැන පසුතැවෙන්නේ නෑ."*🥲🥲
මේක ලියන්නේ "දොස්තරලා නරකයි" කියන්න නෙමෙයි. System එකේ gap එකක් තියෙනවා. අම්මලා දැනුවත් වුණොත් ඒ gap එක පිරිමහගන්න පුළුවන්. අන්න ඒකටයි.🙏
"නමුත් වෛද්‍යවරුන්ටත් වගකීමක් තියෙනවා. එහෙම අවදානමක් ගැන තව ටිකක් පරීක්ෂාකාරී වෙන්න."🤔
*අවුරුද්දට අඩු බබෙක්ට Nebulizer දෙනකොට වෛද්‍යවරයාගෙන් අහන්න:*
"මගේ දරුවගේ saturation එක කීයද? Finger එකට දාන clip එක දාලා බලනවද?"
ඒ clip එකෙන් තත්පර 5න් SpO2 / O2 මට්ටම බලනවා.
*වැදගත් දෙකක්:*
1. *O2 කියන්නේ බෙහෙතක්*. වැඩිය දෙන එකත් අඩුවෙන් දෙන එකත් දරුවට අහිතකරයි. ඒ නිසා ගෙදර Oxygen concentrator ගෙනල්ලා තනියම දාන්න එපා. දොස්තර නියම කරොත් විතරක්.
2. *සියලුම ළමයින්ට O2 අවශ්‍ය නෑ*. පොඩි දුම් ඇලිම, හති අඩු නම්, කිරි බොනවා නම් දොස්තර බෙහෙත් වලින් බලනවා. O2 ඕනද නැද්ද කියන්නේ pulse oximeter එකෙන් බලන saturation එකෙන්. 94% ට වඩා වැඩි නම් ගොඩක් වෙලාවට O2 දෙන්නේ නෑ.
*වහාම රෝහලට යන්න ඕන ලක්ෂණ:
1. හුස්ම ගන්නකොට ඉළ ඇට යටින් හම ගොඩක් උඩට ඇදෙනවා නම්
2. මිනිත්තුවට හුස්ම 60 ට වඩා වැඩි නම්
3. කිරි බොන එක සම්පූර්ණයෙන් නැවතුනොත්
4. තොල්, දිව, අත්පා නිල්/අළු පාට වුනොත්
5. ගොඩක් නිදි, ඇහැරවගන්න බැරි, response නැත්තම්
*O2 නැතුව ටික කාලයක් හිටියොත් වෙන්න පුළුවන් අවදානම්:*
1. හති + මහන්සිය වැඩි වීම
2. අනිත් ඉන්ද්‍රිය වලට stress එක
3. Pneumonia එක දරුණු වීම
"මේක කාටවත් බැනලවත් අපහාස කරන්නවත් ලියපු එකක් නෙමෙයි. O2 නැතුව ඉන්න එකේ අවදානම දැනගන්න. මම මුහුණ දුන්න බය අනිත් කාටවත් වෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය."😊😊
ම වෛද්‍යවරයෙක් නෙමෙයි. මගේ අත්දැකීමෙන් සහ විශ්වාසදායී තොරතුරු වලින් සොයාගත් දේ ඔබ සමග share කළේ. දරුවෙකු අසනීප නම් සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න.🤛
👇O2 ඇල්ලීමේ වැදගත්කම සහ අවදානම හෙට දිනයේ ඔබ සමග බෙදා ගන්නම්.❤️
අයිතිය සුරකින්න.කොපි පේස්ට් නොකරන්න
Rumee Beby & Mother ✍️