04/11/2015
ඔන්න මම අද හැදුවා Black forest cake එකක්, මෙහෙ දැන් චෙරි බෙරි තියෙන කාලෙනේ, මට හිතුනා හදන්න , මමත් මේ මුල්ම වතාවට හැදුවේ, පොඩ්ඩක්වත් අමාරු නැහැ, අනික මේ වගේ දේවල් දැක්කම හදන්න අමාරුයි හුගක් මුදල් ඕනේ කියල හිතන අයට චුට්ටක්වත් වද වෙන්න එපා කියල කියන්නයි මට ඕනේ..මේ චෙරි වෙනුවට ලංකාවේ අයට දැන් පුළුවන් ස්ට්‍රෝබෙරි ගන්න..දැන් හේවි ක්‍රිමුත් ලංකාවේ තියෙනවනේ, ඉතින් හුගක් සල්ලි දීලා කඩෙන් ගන්න එපා, හරිම පහසුයි හදන්න ගෙදරම හදන්න හොදේ..පොඩි වෙලාවයි යන්නේ, පැහැදිලිවම ලියන්න ඕනේ නිසා මම ලියන්නම් විස්තර ගොඩයි කියල අමාරුයි කියල හිතන්න එපා හොදේ..
අපි මුලින්ම ස්පොන්ජ් කේක් එක හදාගමු..
පිටි කෝප්ප 2, සිනි කෝප්ප 2
කොකෝ පව්ඩර් කෝප්ප 3/4 , බේකින් පව්ඩර් 15g, ලුණු චුට්ටක්
මේ සියල්ලම එකට එකතු කරලා හැන්දකින් කලවම් කරන්න..
එයටම බිත්තර 3, එළවලු තෙල් කෝප්ප 1/2, කිරි කෝප්ප 1, වැනිලා මේස හැදී 1 එකතු කරන්න..
මේ සියල්ල හොදින් බීට් කරන්න...හරිම ලේසියි නේද :)
දැන් සුදුසු කේක් තැටියක කේක් බැටර් එක දාලා 180 උෂ්ණත්වයෙන් විනාඩි 45 බේක් කරගන්න..( ලෙයර්ස් දෙකකට තැටි දෙකක හදනවනම් විනාඩි 35 වගේ ඇති ) කේක් එක බේක් වෙලාද කියල බලන්න ටුත් පික් එකකින් හොදින් බේක් වෙලානම් ටුත් පික් එකේ මුකුත්ම ගෑවිලා නැහැ :)
කේක් එක බේක් වුනාම නිවෙන්න තියන්න...
දැන් මම කේක් එකේ මැදට එකතු කරන්න චෙරි ටිකක් නැට්ට අයින් කරලා ඇට අයින් කරලා පොඩි කොටස් වලට කපලා සිනි හැදී 3 සමගින් උණු කලා..චෙරි කොටස් තිබුනේ පුරවල කෝප්ප 1 වගේ... දැන් ඒ හදාගත් චෙරි ටොපින් එක නිවෙන්න තියලා විපින් ක්‍රීම් බීට් කරගමු
විපින් ක්‍රීම් මෙහෙ හදුන්වන්නේ මොන නමින්ද කියන අයට මම ෆොටෝ එකක් එකතු කලා බලාගන්න
දැන් මේ හෙවි විපින් ක්‍රීම් එක බීට් කරගන්න අමාරු කියන අයට තමයි මේ පැහැදිලි කිරීම
මේක ඝනකම් කිරි එකක්, බීට් කරන්න කලින් ශීතකරණයේ තියල ගන්න (හුගක් වෙලාවට බීට් කරන්න ගන්න බාජනේ පවා ශීතකරණයේ තියල ගන්නේ මම නම් එහෙම කලේ නැහැ හොදේ) ඔන්න ශීතකරණයේ තියල ගත්ත හෙවි විපින් ක්‍රීම් (මිලි 500) සහ අයිසින් සුගර් මේස හැදී 3 (පැණි රසට වැඩියෙන් කැමතිනම් වැඩියෙන් එකතු කරන්න :) ) එකතුකරලා හයි ස්පීඩ් දාලා බීට් කලා, දැන් අවශ්‍ය පමණට බීට් වුනාම නවත්වන්න, හුගක් බීට් කලාමත් ආයේ දියාරු වෙනවා..
(ෆොටෝ බලන්න පැහැදිලි වෙයි)
දැන් නිවුණු කේක් එක උඩ ඉස්සුණු කොටස් කපල අයින් කරන්න සමාන කොටස් දෙකකට වෙන් කරන්න..විප් ක්‍රීම් එකෙන් කොටසක් එක් කරලා ඊට උඩින් චෙරි ටොපින් එක එකතු කරන්න..මුලින් චෙරි ටොපින් එක දැම්ම නම් වැඩිය හොදයි කියල හිතුනා :)
දැන් ආයේ අර අනිත් කේක් එක තියල උඩින් විප් ක්‍රීම් වලින් මුළු කේක් එකම කවර් කරන්න, චොක්ලට් ග්‍රේට් කරලා හැඩ කරගන්න..හුගක් ආස නම් තව චොක්ලට් එකතු කරන්න පුළුවන්, චෙරි බෙරි වලින් තමන් කැමති විදියට සරසාගන්න...කැමතිනම් ලේයර්ස් 3 කට හදන්න..ආස විදියට නිර්මාණය කරගන්න පුළුවන් :) හරිම රසයි හදන්නත් ලේසියි..අමාරු නැහැ නේද :)