14/01/2026
දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක් වන GLOMARK සුපිරි වෙළදසැල් ජාලය සමඟ අත්වැල් බැදගෙන නවතම අයිස්ක්‍රීම් බහලුම් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම අද( 13) ලොන්ඩන් පෙදෙස GLOMARK සුපිරි වෙළදසැල් ශාඛාවේ දී මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරීණි.
දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මිල්කො සමාගම දේශීය කිරි ගොවීන්ගෙන් පමණක් එකතු කරගන්නා කිරිවලින් සෞඛ්‍යාරක්ෂිත කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන හයිලන්ඩ් (Highland) සන්නාමය යටතේ දිවයින පුරා බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.මිල්කො සමාගමේ කිරි රස අනූන නිෂ්පාදනයක් වන හයිලන්ඩ් අයිස්ක්‍රීම් පාරිභෝගික ජනතාව අතර වඩාත් හොඳින් ප්‍රචලිත කිරීම සඳහා මෙතෙක් පැවති බහාලුම් වෙනුවට නව මාදිලියේ ආකර්ෂණීය බහාලුම්වල අසුරා වෙළදපළට සහ පාරිභෝගිකයින්ට හදුන්වා දීමත් නව රස වර් ග කීපයක් වෙළදපළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
මින් ඉදිරියට GLOMARK ඇතුලු සියලුම දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් ජාලා තුළින් නව මාදිලියේ හයිලන්ඩ් අයිස්ක්‍රීම් සියලු පාරිභෝගිකයින්ට මීල දී ගත හැක.
වැඩිදුර විස්තර >>>https://www.dinamina.lk/2026/01/13/local/255736/
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Join with us on WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VbApApOId7nEyhur462S
🛑 Subscribe us on YouTube 👉 https://www.youtube.com/
🛑 Like us on Facebook 👉 https://web.facebook.com/Dinamina.lk/
🛑 Follow us on Instagram 👉 https://www.instagram.com/dinaminaonline/
🛑 Follow us on X 👉 https://x.com/Dinaminanews
🛑 Website 👉 https://www.dinamina.lk/