Meepura Chinese

Meepura Chinese The latest Chinese Restaurant to take on Negombo 🍝🍛🍜🍤

| Ubereats | Pickmefood | Take-away | Not your average Chinese Restaurant-The Best!

08/02/2024

මීපුර චයිනීස් එක වහලා අවුරුදු එකහමාරක් වගේ වුණ නිසා Prasanna අයියයි මමයි තව මොනාහරි පටන් ගන්න ඕනේ කියලා හිත හිතා හිටියේ. මේ ළඟදි දවසක Prasanna අයියා call එකක් දීලා කිව්වා පට්ට අයිඩියා එකක් ආවා, ජෑම් බෝතල් දෙක තුනකුත් අරගෙන එන්න, හම්බෙමු කියලා. මාත් ඉතින් එක පයින් හා කිව්වා. වෙනදට අපි හැමදාම හම්බෙන්නෙ The Grand Gastrobar එකේ. Grand එක ඉතින් අපිට බඩේ බත් ටික වගේ තමයි. ඉස්සර අපි චයිනීස් එක කරන කාලේ සමහර දාට අපේ කඩේ සේල්ස් වලට වඩා Grand එකේ බිල වැඩියි. Grand එකේ staff එක එන්නත් කලින් අපි එතනට වෙලා කයියක් ගහගෙන ඉන්නවා, ඊට පස්සේ ඉඟුරු තේ බිබී, බනිස් කකා එතන ඉඳන් තමයි අපේ කඩේ වැඩ ටික මැනේජ් කලේ. Grand එක මීගමුවේ Brand එකක් වෙලා ඉවරයි, අපේ කඩේ වැහුවට වඩා මිස් වෙනවා ඒකෙ ඉඳන් අපි ගෙවපු කාලේ මතක් වෙද්දි !

මෙදා සැරේ වෙනසකටත් එක්ක අපි කතා වුනා St. Joseph පාරේ අලුතින් ඇරපු Urban Blend එකට යමු කියලා. ගොඩක් අය පෝස්ට් දාලා තිබ්බා ඒකේ කෑම මරු, අයිස් ටී එහෙම පට්ට කියලා. මමත් ඉතින් ජෑම් බෝතල් ටික අරගෙන ගියා, මොකද්ද ප්‍රසන්න අයියගෙ අලුත් අයිඩියා එක කියලා බලන්න. ගිය ගමන් සැන්ඩ්විච් දෙකයි, පීච් අයිස් ටී දෙකයි ඕඩර් කළා. ඕඩර් කරලා පොඩ්ඩක් ඕපදූප කතා කර කර ඉඳලා ඊටපස්සේ අපේ වැඩේට බැස්සා. ප්‍රසන්න අයියා කියපු විදියට මේක අලුත්ම අයිඩියා එකක්, ලංකාවේ දැනට කවුරුවත්ම කරපු නැති දෙයක්. එහෙම කියලා මට ලින්ක්ස් දෙක තුනක් එව්වා. ඒක ඇරපු ගමන් අපි ඕඩර් කරපු කෑම ටික ආවා. එච්චරයි මතක. කාගෙන කාගෙන ගිහින් ඊටපස්සේ බීගෙන බීගෙන ගියා. මගක් කාලා ආයෙමත් ඕඩර් කලා ඒකෙන්ම තව දෙකක්. එච්චරයි මතක !!! ආයේ කෑම නම් කෑම, පට්ටම කෑම. අපි කතා කරගන්න ආව බිස්නස් එක ගැන කතා කරෙත් නෑ. අපි ඒක කරන්නෙත් නෑ මයෙ හිතේ. පහළ ඒකෙ ලින්ක් එක දාන්නම්, ඔයාලට ඕනෙ නම් කරගන්න.

ආයෙත් කියන්නේ, කන්නයි වැඩක් කරගන්නයි බලාගෙන නම් යන්නේ, මෙතන්ට යන්න එපා. කන්නම බලාගෙන යන්න. නැත්තම් ඔයාලට වෙන්නෙත් අපිට උනා වගේ කාලා බඩ පුරෝගෙන ගෙදර එන්න !!!

අයිඩියා එකේ ලින්ක් එක - https://www.quora.com/Can-you-actually-make-a-living...

The latest Chinese Restaurant to take on Negombo 🍝🍛🍜🍤

| Ubereats | Pickmefood | Take-away | Not your average Chinese Restaurant-The Best!

ඔයාලටත් ඉන්නවද මේ වගේ කෑම වලට ආදරේ ගෑල්ලමයෙක් හරි පිරිමි ළමයෙක් හරි? ඉන්නවනම් ආදරෙන් බලා ගන්න, දාලා යන්නෙ නෑ ලොවෙත්. හිට...
27/03/2023

ඔයාලටත් ඉන්නවද මේ වගේ කෑම වලට ආදරේ ගෑල්ලමයෙක් හරි පිරිමි ළමයෙක් හරි? ඉන්නවනම් ආදරෙන් බලා ගන්න, දාලා යන්නෙ නෑ ලොවෙත්. හිටියට මදි, කෑමත් අරන් දෙන්න

කවුරුහරි කිව්වොත් මේ රතිඤ්ඤා පත්තු කරන්නේ IMF එකෙන් ණය හම්බෙච්ච හින්දා කියලා, ඒ තිරිසනෙක් !කෑවෙ නැද්ද තාම චයිනීස් වොක් ව...
23/03/2023

කවුරුහරි කිව්වොත් මේ රතිඤ්ඤා පත්තු කරන්නේ IMF එකෙන් ණය හම්බෙච්ච හින්දා කියලා, ඒ තිරිසනෙක් !

කෑවෙ නැද්ද තාම චයිනීස් වොක් වල ගහන කොත්තුව?

අපි ආයෙමත් චොප්සි දාන්න පටන් ගත්තා !චිකන් චොප්සියට චිකන් ග්‍රෑම් 400යි, වෙජි චොප්සියයි, ෆ්‍රයිඩ් එග් 2යි, එග් ෆ්‍රයිඩ් ර...
22/03/2023

අපි ආයෙමත් චොප්සි දාන්න පටන් ගත්තා !

චිකන් චොප්සියට චිකන් ග්‍රෑම් 400යි, වෙජි චොප්සියයි, ෆ්‍රයිඩ් එග් 2යි, එග් ෆ්‍රයිඩ් රයිසුයි එනවා. ඒක රු. 2750යි.

මික්ස් චොප්සියට ඒවට අමතරව චිකන් එක්ක බීෆ් ඇඩ් වෙනවා. ඒක රු. 3000යි.

කන්ද ගහලා දෙන නිසා පවුලකටම ඇති. ඉස්සර කාපු අය දන්නවා රස 🍲

මීගමුවෙ කොත්තු කිව්වොත් ආයෙ සෙකන්ඩ් වෙන්නෙ ලෙල්ලමටයි මාලු පිහියටයි විතරයි. ඒකෙනුත් පෙරියමුල්ලෙ සමීහා එකේ, අන්සාර් එකේ කො...
17/03/2023

මීගමුවෙ කොත්තු කිව්වොත් ආයෙ සෙකන්ඩ් වෙන්නෙ ලෙල්ලමටයි මාලු පිහියටයි විතරයි. ඒකෙනුත් පෙරියමුල්ලෙ සමීහා එකේ, අන්සාර් එකේ කොත්තු කිව්වොත් ආයෙ අහන්න දෙයක් නෑ ඉතින්. ඔය කොයි කොයි රට දේසාන්තර වල ඉඳලා ආවත්, ගොඩක් අය කටුනායක එයාපෝට් එකෙන් බැස්ස ගමන් ගෙදර යන්නත් කලින් පෙරියමුල්ලෙ කඩ ටික වැඳ පුදාගෙන තමයි ගෙදර යන්නෙ.එච්චරට රසයි !

අපිත් කලින් කොත්තු දැම්මා. මීගමුවෙ කෑම කඩයක් ඇරලා කොත්තු නෑ කියන්නෙ ෆුල් සූට් දාලා ජොකා දැම්මේ නෑ වගේ වැඩක්. ඒත් අපේ කොත්තු බාසා අපිව දාලා ගියාට පස්සේ අපි කොත්තු වැඩේ පොඩ්ඩක් නැවැත්තුවා. ඇත්තම කිව්වොත් කාලයක් තිබ්බා චීන කෑම වලටත් වඩා කොත්තු ගහපු. එච්ච්‍රටම මීගමු වැසියො කොත්තු වලට ලොල් ! ඔන්න අපි ආයේ කොත්තු දාන්න පටන් ගත්තා. බීෆ් කොත්තු, චිකන් කොත්තු, ඉස්පෙශල් කොත්තු මේ ඕන කොත්තුවක් ගන්න පුලුවන් දැන් මීපුර චයිනීස් එකෙන්. හැමදාම එකම හෝටලෙන් කාලා එපා වෙලා නම් හරි, පෙරියමුල්ල පැත්තට යන්න කම්මැලි නම් හරි, එන්න අපේ පැත්තෙ. චීන බඩු වලින් ගහන ඒවල තියෙනවා අමුතු ලල් එකක්.

කාලම බලන්න ❤️

මෙච්චර කල් කඩේ ඇරියේ ඇත්තටම අරින්නම ඕනෙ නිසා මිසක් පටන් ගත්ත කාලේ තිබ්බ ගැම්මෙන්ම නෙමෙයි. දවසකට ගෑස් නෑ, ගෑස් හම්බුනාම බ...
15/03/2023

මෙච්චර කල් කඩේ ඇරියේ ඇත්තටම අරින්නම ඕනෙ නිසා මිසක් පටන් ගත්ත කාලේ තිබ්බ ගැම්මෙන්ම නෙමෙයි. දවසකට ගෑස් නෑ, ගෑස් හම්බුනාම බිත්තර නෑ, බිත්තර තියෙද්දි ඩිලිවරි කරන්න පෙට්‍රල් නෑ, ඊට පස්සේ කරන්ට් එක නෑ, මේ ඔක්කොම තියෙද්දි මිනිස්සුන්ට කඩෙන් කන්න සල්ලි නෑ. ඉතින් මේ ඔක්කොම අස්සෙ අර කලින් කිව්වා වගේ කඩේ ඇරියෙ, වහලා බැරිම නිසයි. බොරුවට මාකටින් කරලා මිනිස්සුන්ව රවට්ටලා කෑම විකුණලා පුරුදු නැති නිසාත්, අලුතින් මාකට් කරන්න දෙයක් තිබුනේ නැති නිසාත්, ශේප් එකේ පුලුවන් විදියට වැඩේ ඇදගෙන ගියා. මෙච්චර කල් කඩේ වහන්නෙ නැතුව කරන් යන්න පුලුවන් උනේ ගොඩක්ම වැඩ ඇරිලා ගෙදර යන ගමන් පුටාර් එකේ ඇවිත්, එහෙමත් නැත්තම් පාක් එකේ ඉඳලා හයර් ඉවර වෙලා රෑ ගෙදර යන ගමන් රයිස් අරන් ගිය වීල් පාක් එකේ අයියලා ටික නිසයි, Pickme සහ UBER එකේ රයිඩර්ලා ටික හින්දයි. ඒ ඔක්කොටම බොක්කෙන්ම තුති !

අද ඉඳන් පරණ විදියටම කඩේ අරිනවා. චෙරි ගහ යට පුටු මේස ටිකක් දාලා, නවත්තලා තිබ්බ චිකන් චොප්සි, බීෆ් චොප්සි, කොත්තු ඔක්කොම පරණ රහටම, පරණ සුවඳටම දානවා දැන්. ගෙදර අරන් යන්න බැරි නම් කඩේ ඉඳන්ම කාලා යන්නත් පුලුවන්. පාර පැන්න ගමන් ලාෆ් එකේ බියරුත් තියෙනවා.

එන්න එහෙනම්, අපි ආයෙත් පරණ පුරුදු විදියටම අරිමු !

වයිෆ් මොනාහරි ගේන්න කිව්වොත් එතනින්ම ගේන්න. ඇයි කියලා අහන්න එපා, කියන තැනින්ම ගේන්න.ඔයාට එන්න බැරි නම් දුමින්ද අයියට කෝල...
03/11/2022

වයිෆ් මොනාහරි ගේන්න කිව්වොත් එතනින්ම ගේන්න. ඇයි කියලා අහන්න එපා, කියන තැනින්ම ගේන්න.

ඔයාට එන්න බැරි නම් දුමින්ද අයියට කෝල් එකක් දෙන්න 0777527110, එයා ඩිලිවරි ඇරේන්ජ් කරයි. ඔයාලා ගහ මරා ගන්න ඕනෙ නෑ

වැස්ස වෙලේ කඩේට වෙලා ඉද්දි හෙණ ගහන්න වගේ බඩගින්නක් ආවා. උදේ ඉඳන් crave කරන් හිටියෙ අද නම් සවලෙන් සී ෆුඩ් කන්න DutchTrail...
23/10/2022

වැස්ස වෙලේ කඩේට වෙලා ඉද්දි හෙණ ගහන්න වගේ බඩගින්නක් ආවා. උදේ ඉඳන් crave කරන් හිටියෙ අද නම් සවලෙන් සී ෆුඩ් කන්න DutchTrails Sri Lanka කියලා කොහොම හරි. ඒත් මේ වැස්සත් එක්ක ක්‍රේවින් ඔක්කොම ශක බුම් වුනා. ඒ නිසා චෙෆ්ට කියලා අලුත් මෙනු එකේ තිබ්බ ඒවලින් ඩිශස් ටිකක් ගහලා දෙන්න කිව්වා. පාර පැනලා ලාෆ් එකෙන් ලයන් කෑන් එකක් අරන් කැශියර් එක උඩ තියාගෙනම කන්න කියලා බැලුවෙ. ඔයාලා දවල්ට කන්නෙ මොනාද?

Sweet & sour, chilli sauce, kankun, ginger garlic, hot butter, oyster sauce මේ ඕනම ඩිශ් එකක් චිකන්, බීෆ්, පෝක්, ෆිශ්, කට්ල් ෆිශ්, ප්‍රෝන්ස් වලින් ගන්න පුලුවන්. ඩිලිවරි ඕනෙ නම් කෝල් එකක් දෙන්න 0777527110 ❤️

අලුත් එක, රස එක, කාලා බැලුවත? තනියම කන්නෙපා, ආදරේ කරන අයත් එක්ක බෙදාගෙන කන්න. ගිහින් දෙන්න බැරි නම් කියන්න, අපි ඩිලිවරිත...
12/10/2022

අලුත් එක, රස එක, කාලා බැලුවත? තනියම කන්නෙපා, ආදරේ කරන අයත් එක්ක බෙදාගෙන කන්න. ගිහින් දෙන්න බැරි නම් කියන්න, අපි ඩිලිවරිත් කරනවා.

කරන්ට් එක නැති වෙලේට ලෑන්ඩ් ලයින් එක ශක බුම් වෙනවා, ඒ වෙලේට කෙලින්ම දුමින්ද අයියටම කෝල් කරන්න +94 77 752 7110 ☺️

අද අපි වහලා, හෙට කමු 🍜

පිල්ලි කරලා එවන ඌරවත් ඩෙවල් දාලා කන ජාතියක් තමයි මීගමු වැසියො කියන්නෙ කියලා අපේ සීයා පොඩි කාලේ කියලා තියෙනවා. එහෙව් ජාති...
08/10/2022

පිල්ලි කරලා එවන ඌරවත් ඩෙවල් දාලා කන ජාතියක් තමයි මීගමු වැසියො කියන්නෙ කියලා අපේ සීයා පොඩි කාලේ කියලා තියෙනවා. එහෙව් ජාතියක් ඉන්න පැත්තක කෑම කඩයක් දාලා සී ෆුඩ් චිකන් විතරක් දීලා මදි කියලා හිතුනා. අපි මෙනු එක වෙනස් කළා. එක පාර ඔක්කොම දාන්නෙ නැතුව එක එක දාන්නම්. ඊට පස්සෙ ඔක්කොම එකට දාන්නම්

අද බීෆ් 🐮

බීෆ් ඩිශ් එකේ බීෆ් ග්‍රෑම් 200ක් එනවා. චිලී බීෆ්, ස්වීට් & සවර් බීෆ්, හොට් ගාලික් බීෆ්, ඔයිස්ටර් බීෆ්, කන්කුන් බීෆ් මේ ඕන බීෆ් එකක් ගන්න පුලුවන්. ගාණ පටන් ගන්නෙ රු. 2,250 ඉඳලා 🍲

වගකීමෙන් කියන්නෙ, අපේ කස්ටමර් සර්විස් හොඳයි තමයි, ඒත් මෙච්චර හොඳ නෑ. මේ වෙන කවුරුහරි චීනෙක්, හොයලා බලන්න 🧐ඉඳලා හිටලා හරි...
14/09/2022

වගකීමෙන් කියන්නෙ, අපේ කස්ටමර් සර්විස් හොඳයි තමයි, ඒත් මෙච්චර හොඳ නෑ. මේ වෙන කවුරුහරි චීනෙක්, හොයලා බලන්න 🧐

ඉඳලා හිටලා හරි ගෑල්ලමයට පිටින් මොනාහරි කන්න අරන් දීලා, බොන්න අරන් දීලා ආදරෙන් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ. හෙට වෙනකම් ඉන්න එපා, අද හරි කමක් නෑ, පටන් ගන්න. චයිනීස් කන්න මූඩ් එකේ නම් ඉන්නෙ එන්න මීපුර චයිනීස් එකට 0312222031 🍝

Address

351, Colombo Road
Negombo
11500

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94312222031

Website

Alerts

Be the first to know and let us send you an email when Meepura Chinese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meepura Chinese:

Share