Negombo.City

Negombo.City Everything Around Negombo This is the place to find - promote - Sell everything around Negombo.

19/08/2021

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව,
වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

⦾ උපරිමයෙන් විවේක ගැනීම,
⦾ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,
⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,
සහ
⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.

විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.

රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

මෙයට අමතරව,
⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව
⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ
⦾ සිහි කල්පනාව වෙනස් වීම
යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.

එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියමකෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

ඉහත සඳහන්කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

06/08/2021

මාධ්‍ය නිවේදන
2021.08.06

කොවිඩ් - 19 එන්නත්කරණ මධ්‍යස්ථාන *:.( COVISHIELD AstraZeneca දෙවන මාත්‍රාව )*

වේලාව පෙ:ව 8:30 සිට ප:ව 2:30 දක්වා

මීගමුව මහනගරසභා බල ප්‍රදේශයේ පළමු මාත්‍රාව ලබා ගත් පුරවැසියන් සඳහා *COVISHIELD AstraZeneca * කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ * දෙවන මාත්‍රාව*

📢06-අගෝස්තු-2021 ( සිකුරාදා )

💉.මාතෘ සායනය සිරිවර්ධන පෙදෙස මුන්කකරය

💉.ශුද්ධාත්ම දේවස්ථානය කොච්චිකඩේ

💉.සා ෆ්‍රැන්සිස් සාලිස් දේවස්ථානය කට්ටුව

තවමත් *COVISHIELD AstraZeneca ** කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ *දෙවන මාත්‍රාව* , මේ වන තෙක් ලබා නොගත් මීගමුව මහනගරසභා බල ප්‍රදේශයේ ජීවත්වන පළමු මාත්‍රාව ලබාගත් ඕනෑම පුරවැසියකු හට ඉහත සදහන් *අදාල දිනයන්හිදි* , අදාල ස්ථාන වෙත පැමිණ ඔබට එන්නත ලබාගත හැක. ( එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැදුනුම්පත රැගෙන එන්න )

නගරාධිපති මාධ්‍ය ඒකකය - මහා නගරසභාව මීගමුව .
2021.08.04


AstraZeneca #දෙවනමාත්‍රාව

29/06/2021
20/06/2021

මාධ්‍ය නිවේදන
2021.06.20

කොවිඩ් - 19 එන්නත්කරණ මධ්‍යස්ථාන.

21-ජුනි-2021 ( සදුදා )

වේලාව පෙ:ව 9:00 සිට ප:ව 1:00 දක්වා

SINOPHARM කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථාන

01.නගර ශාලාව මහා නගරසභාව මීගමුව
(මීගමුව මහනගරසභා බල ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන් සදහා)

ජුනි 10 සිට 21 අතර ඕනෑම දිනක, මසක් සම්පූර්ණ වූවත් තවමත් SINOPHARM එන්නතේ දෙවන මාත්‍රාව , මේ වන තෙක් ලබා නොගත් මීගමුව මහනගරසභා බල ප්‍රදේශයේ ජීවත්වන පුරවැසියන් හට ජුනි 21 දින සදුදා එනම් හෙට දින, මීගමුව මහා නගරසභා ප්‍රාධාන ශාලාවට පැමිණ ඔබට එන්නත ලබාගත හැක.

පළමු මාත්‍රාව මීගමුව මහනගරසභා බල ප්‍රදේශයේ කුමන ස්ථානයකින් ලබා ගත්තත් දෙවන මාත්‍රාව හෙට දිනයේදි එනම් 21 (සදුදා) ඉහත ස්ථානයෙන් ඔබට ලබා ගත හැක.

දයාන් ලාන්සා - මීගමුව නගරාධිපති.
2021.06.20


17/06/2021

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන් සොයාගැනේ?

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.
මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Negombo.City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Negombo.City:

Share