06/09/2026
දන්නවද ලංකාවේ ජනප්‍රිය ගුරුවරුන් ගොඩක් ඉන්නවා.. ඒ හැමෝම ටියුෂන් ගුරුවරු හැබැයි මේ ඉන්නේ ජනප්‍රිය වෙන්න ඕනි රජයේ ගුරුවරයෙක්.
කතාව මෙහෙම පටන් ගන්නම්.. තරුණ කොල්ලෙක් තමන්ගේ පළමු පත්වීම විදිහට යනවා ගලේවෙල පැත්තේ අති දුෂ්කර පාසලකට. කොල්ලට මුලින්ම බාර දුන්නේ 4 පංතිය. පංතියේ හිටියේ ළමයි දෙන්නයි. මේ පාසලෙන් අන්තිමට ළමයෙක් ශිෂ්‍යත්වය පාස් වෙන්නේ 2019යේ. කොල්ලා කොහොම හරි මේ පාර ඒ ළමයි දෙන්නම ශිෂ්‍යත්වය ඒ ළමයි දෙන්නම විභාගේ පාස් කරවනවා. Results එක 100%යි.
හිතන්න තරුණ කොල්ලෙක් පොඩි පඩියකට මේ තරම් කැපවීමක්. ආදරෙයි. මේ තමයි ලංකාවේ වයිරල් වෙන්න ඕනි රියල් චරිත ❤️