Yaalu

Yaalu Good food. Good friends. Good Food. Good Friends

නයි මිරිස් සෝස්....සැරයි රසයි
31/05/2021

නයි මිරිස් සෝස්....
සැරයි රසයි

Ingredients250grm Nai MirisSaltVinger3Tsp Olive Oil75grm Suger50grm Garlic50grm SesameWater

කතුරුමුරුංග මල් ඔම්ලට්ර සයි ගුණයි විනාඩි පහයි Quick Breakfast
09/05/2021

කතුරුමුරුංග මල් ඔම්ලට්ර සයි ගුණයි විනාඩි පහයි
Quick Breakfast

කතුරුමුරුංග මල් ඔම්ලට්ර සයි ගුණයි විනාඩි පහයි Quick Breakfast

දකුණේ ජනප්‍රියම කෑමක් කන්න එන්න.
24/01/2021

දකුණේ ජනප්‍රියම කෑමක් කන්න එන්න.

බල මාලුයි පොලුයි බතුයි - දකුණෙ කෑමක්

දකුණේ බොම්බෙලි කරවල බැදුම
27/10/2020

දකුණේ බොම්බෙලි කරවල බැදුම

Rosted Bread with Devil Bombeli Fish, අවශ්‍ය ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් බෝම්බෙලි කරවල, ළුණු ගෙඩි දෙකක්, සුදු ළුණු බික් 3ක්, රම්පෙ, කරපිංචා, කෑලි ම...

ගොඩ කාලෙකින් නේද යාළු.අප හා රැදී සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!අපේ youtube චැනල් එකත් එක්ක එකතු වන්න ආරාධනා කරනව.ඔබ සැමට ස...
25/10/2020

ගොඩ කාලෙකින් නේද යාළු.

අප හා රැදී සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!

අපේ youtube චැනල් එකත් එක්ක එකතු වන්න ආරාධනා
කරනව.

ඔබ සැමට සුවදායක රාත්‍රියක්!

Sri Lankan Dallo Curry - ශ්‍රීලංකන් දැල්ලො කරිය - Yaalu

28/03/2017

ප්‍රිය මිත්‍රවරුනි,

අපි පොඩි අත්හදාබැලීමක් කරන්න හිතුව.

විනෝද චාරිකාවල යන අය මේ දවස්වල බොහොමයි.

මේ අය මුහුදු වෙරලක් ගාව නවත්තල මතක සටහන් විදියට නොයෙකුත් චායාරූප අරං යනව. නැත්තං ඒ ප්‍රදේශයට ආවේනික මොකක් හරි භාන්ඩයක් අරං යනව.

ඒක ඉතිං ඒ කාලෙ ඉදං කරන දෙයක් නෙ.

ඉතිං අපි හිතුව පවුලත් එක්ක හෝ යාළුවො එක්ක යන ඒ විනෝද චාරිකාවට මතකයෙ රැදෙන සිහිවටනයක් දෙන්න.

ඔබ හිතනව ඇති ඒක මොනවගේ දෙයක්ද කියල.

අපි අපේ ජංගම අවන්හලේ අවශ්‍ය කලමනා ටික දෙනව ඔබට කැමති විදියට පරිහරනය කරල කැමති කෑමක් හදාගන්න.

ලුනු වැඩි වෙන්න පුලුවං, මිරිස් වැඩි වෙන්න පුලුවං, සමහරවිට පබිලිස් මහතාගෙ කෑම වගේ රස වෙන්නත් පුලුවන්. ඒ මොනව උනත් ඔබේ ජීවිතේ ඒක සුන්දර මතකයක් වේවි.

අපි අත්හදා බැලීමක් විදියට මේක කරල බලමු.

ඔබට ශුබ දවසක්.

දාහක් ඉක්මවූ යාළුවො සියළු දෙනාටම.අපගේ හෘදයාංගම ස්තුතිය!
27/03/2017

දාහක් ඉක්මවූ යාළුවො සියළු දෙනාටම.
අපගේ හෘදයාංගම ස්තුතිය!

20/03/2017

ප්‍රිය මිත්‍රවරුනි,

ගොඩක් කාලෙකින් මුකුත් විස්තරයක් දාන්න බැරි උන එක ගැන මුලින්ම අපි සමාව ඉල්ලනව.

මේ ගැන අපේ යාළු හවුලෙ ඉන්න Dushi Liyanage සහෝදරිය විමසුව. අපි ඇය ස්තුතිපූර්වකව මේ වෙලාවෙ මතක් කරන්න ඕන.

මාර්ග සංවර්ධනයනයක් හේතුවෙන් අපේ ජංගම අවන්හල මේ දවසවල කරගෙන යන්න බැරි උනා. අපි නිකමට වගේ ජංගම අවන්හල තිබුන තැනට අද ආව. මේ අතරෙ හදිසියේම වගේ ප්‍රදාන ඉන්ජිනේරු මහත්තය හමු උනා.

එතුමා අපිව දැකල ඇහුව

'මල්ලිල මොකෝ මේ පැත්තෙ.
කඩේ පටං ගන්න වෙන්නෙ අප්‍රේල් මාසෙ අන්තිම තමයි. ඔහෙල ඉන්න එක අපේ කට්ටියටත් හොදයි නෙ. යකඩ ප්ලේට් එකක් දාල දෙන්නං අද ඉදං වැඩේ කරං යන්නකො. හවස එන්නකො එහෙනං'

අපි ඉතිං හවස ඇවිත් බලනකොට එතුම කියපු විදියටම ජංගම අවන්හල නතර කරන්න වෙනදටත් වඩා නිදහස් තැනක් සකස් කරල තිබුන.

දැං අපි සුපුරුදු විදියට අපේ යාළු පාරිභෝගිකයන් සමග බොහොම නිදහසේ මාතර රස බෙදා ගනිමින් සිටිනව.

බොහොම ස්තූතියි අපිව දිරිමත් කරන හැමෝටම.

හවසට ඇවිත් යන්න එන්න.

ඔබට ශුභ දවසක්!

ප්‍රිය මිත්‍රවරුනි,වැල්ලමඩම කියන්නෙ දකුණෙ අලුත් මාළු වලට ප්‍රසිද්ධ තැනක්. පාන්දර 4ට විතර තමයි ධීවරයො තමන් අල්ලගත්ත මාළු ...
26/02/2017

ප්‍රිය මිත්‍රවරුනි,

වැල්ලමඩම කියන්නෙ දකුණෙ අලුත් මාළු වලට ප්‍රසිද්ධ තැනක්. පාන්දර 4ට විතර තමයි ධීවරයො තමන් අල්ලගත්ත මාළු දෙවුන්දර ජැටියට ගාල් කරන්නෙ.

මෙහෙ ගොඩක්ම ප්‍රසිද්ධ බල මාළු වලට. බල මාළු කියපු ගමන් සමහර අය වැඩිය කැමති නෑ. මොකද උෂ්නාධික මාළු වර්ගයක් නිසා. හැබැයි ලේ වඩන ඒ වගේම ඇගට හොදට හයිය දෙන කෑමක් තමයි බල මාළු කියන්නෙ.

ඒ කොහොම උනත් මාතර මාළු එක්ක බත් එකක් කනවනං ඉතිං බල මාළු කෑල්ලක් වරදිනව බොරු. මෙහෙ අය බල මාළු හදනව උෂ්ණ ගතිය මග ඇරෙන විදියට. මේක ලියන මටත් කටට කෙල උනනව ඒකෙ රස මතක් වෙනකොට.

ඉතිං අපි හිතුව මාතර විදියට රසවත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බල මාළු ඇඹුල්තියලක් හදා ගන්න හැටි කියල දෙන්න.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය.

කපා ගත් බල මාළු කිලෝ 1
මැටි හට්ටියක්
ගොරක ග්‍රෑම් 20ක්
මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමානයක්
ගම්මිරිස් අවශ්‍ය ප්‍රමානයක්
පලා ගත් අමු මිරිස් කරල් 6ක්
ඉගුරු ස්වල්පයක්
සුදුලූනු ගෙඩියක්
කොත්තමල්ලි ග්‍රෑම් 10ක් පමන
දෙහි බෑයක්
සියඹල ග්‍රෑම් 10ක් පමන
කහ කුඩු ස්වල්පයක්
ලුනු අවශ්‍ය ප්‍රමානයක්
රතු ලූනු ගෙඩි 10ක්
රම්පෙ කරපිංචා කුරුදු ඉගුරු

මෙය සාදන්නෙ මෙහෙමයි.

ගොරක
මිරිස් කුඩු
ඉගුරු
සුදුලූනු
කොත්තමල්ලි
කහ කුඩු ගම්මිරිස් මේ සියල්ල හොදින් අඹරවා ගන්න ඉන් පසු එය ගුලි කර තබා කපාගත් මාලු මැටි හට්ටියට දමා ලුනු හා වතුර කෝප්පයක් එක් කර කලින් අඹරා ගත් අමුද්‍රව්‍ය එක් කර හොදින් කලවම් කරගන්න. ඉන්පසු මාලු කෑලි වැහෙන තරමට වතුර දාලා
රතු ලූනු ගෙඩි, රම්පෙ කරපිංචා කුරුදු ඉගුරු දෙහි, පලා ගත් අමු මිරිස් එකතු කරල ලිපේ තියල හින්දල ගන්න.

රතු කැකුලු හාල් සමග පොල් ඩිංගක් දාගත්තනං මේක රස කෑමක් වෙයි.

ඔබට ශුභ දවසක්!


ප්‍රිය මිත්‍රවරුණි !නාසා ආයතනය අළුත් ග්‍රහලෝක හොයා ගනිද්දි අපි තාමත් රෑ අහස දිහා බලාගෙන තරු ගනින රොමෑන්තික මිනිස්සු. මධ්...
24/02/2017

ප්‍රිය මිත්‍රවරුණි !

නාසා ආයතනය අළුත් ග්‍රහලෝක හොයා ගනිද්දි අපි තාමත් රෑ අහස දිහා බලාගෙන තරු ගනින රොමෑන්තික මිනිස්සු. මධ්‍යම රාත්‍රියත් පහු වෙනකල් ජංගම අවන්හලට වෙලා ඉන්න අපිට නිතරම සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සු මුණගැහෙනව.

අද මාහා ශිව රාත්‍රිය දවසෙ දිර්ඝ සති අන්තය යෙදිච්ච හින්ද දුර පලාත්වල ඉඳං බොහෝ පිරිසක් කතරගම වන්දනාවට යන නිසා මාර්ගය තදබදය වැඩියි. යාළු අවන්හලත් බොහොම කාර්‍යබහුල උනා. මේ අතරෙ සුදු ඇඳුමින් සැරසිලා කතරගම ගිහින් එන බොහොම තැන්පත් වැදගත් පවුලක් යාළු අවන්හලට ගොඩ උනේ.

මල්ලි. අපි මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නෙ නෑ. පුළුවන්ද "වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස්" එකක් දාල දෙන්න ?

පුළුවන් අයියෙ. වාඩිවෙන්න විනාඩියෙන් හදල දෙන්නම්.

ඇත්ත්තටම ඒ ඉල්ලීම ලොකු අභියෝගයක්. බිත්තර, කුකුල් මස් නැතිව එළවලු වලින් ෆ්‍රයිඩ් රයිස් එකක රස ගන්නෙ කොහොමද ?

කලින් හදපු ෆ්‍රයිඩ් රයිස් එකට බිත්තර දාපු නිසා තාච්චිය සෝදන්න උනා. තාච්චිය සෝදනව දැකපු ඒ මහත්මයගෙ මූනෙ ලොකු ප්‍රසන්න බවක් ඇති උනා.

තෙල් පොඩ්ඩක් අඩුවෙන් දාල එළවලු, එක්ක තක්කාලි කෑල්ලක් කපල සාමාන්‍ය තෙලේ ෆ්‍රයි වෙන්න දාල සාමාන්‍ය විදියට ෆ්‍රයිඩ් රයිස් එක දැම්ම. දාල ටේබල් එකට යවද්දි. හිතට පොඩ්ඩක් ගැස්මක් ආවෙ නැතුවම නෙවෙයි. පිරිසිදු කම ගැන නෙවෙයි රස ගැනයි හිතේ චකිතය ඇති උනේ. පිළිගන්වන ගමන්

මහත්තයා. චිලි පේස්ට් එකට කූනිස්සො පොඩ්ඩක් දානව. ඒක කන්න බෑ. සෝස් පොඩ්ඩක් දෙන්නද ?

කියල ඇහැව්වෙ. හිතට දැනුන මදි කම නිසා. රස නැති උනොත් ?

හරි මල්ලි උවමනා උනොත් ගන්නම්. කියල ටික වෙලාවකින් ඒ අය හැඳි දෙකක් ඉල්ලගෙන ආහාර ගන්න පටන් ගත්තා.

මල්ලි. තව වෙජිටබල් රයිස් දෙකක් දාන්න. මේක පුදුම රහයි. අපි කොලඹ ඉඳන් ආවෙ. මෙච්ව්හර රහට වෙජිටබල් රයිස් එකක් කෑවමයි.

හිතාගන්න පුළුවන්ද හිතට දැනුන සතුට ?

කාල ඉවරවෙලා යන්න ලෑස්තිවෙලා සල්ලි දෙනගමන් ආයෙම බොහොම නිහතමානීව ස්තුති කරල ඒ අය ගියා. අවසරයක් නැති ව උනත් ජීවිතේ කිසිදාක අමතක නොවෙන ඒ අය මතකේ තියාගන්න ඕනෙ නිසා හොරෙන් ෆොටෝ එකක් ගත්තට අපි එක්ක අමනාප වෙන එකක් නෑ කියල හිතනව.

ශුභ දවසක් !!

Address

Wallamadama
Matara
81000

Telephone

0777699776

Website

Alerts

Be the first to know and let us send you an email when Yaalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yaalu:

Share

Category