21/10/2026
2026/10/20 වෙනිදට අවුරුදු 5යි.. අමාරු කාර්තු පහුකරගෙන මේ ආපු ගමන කට්ටක් තමයි.. හැබැයි ඒ කට්ටට මං ආසයි 😍❤️ හරිම විනෝදයි 😍 හීන දැකීම, ඒ හීන හැබෑ කරගන්න වෙන මහන්සිය, කැපවීම, දරාගැනීම මට පුරුදු කරපු මගෙ පුංචි business එක දිනෙන් දින දියුණු වෙන දිහා බලාගෙන සතුටු වෙන පිරිසක් ඉන්නවා.. ඒ වගේම එයාලා තමයි මගෙ හයිය.. 😍 ගෙදර පුංචිම වැඩක්වත් මගෙ අතින් නොකෙරුණත් Job එකටයි business එකටයි මං හිරවෙලා ඉද්දි ඒ හැමදේම කරගෙන මගේ දේවල් වලදීත් උපරිම සහයෝගය දීලා මං ගාවින්ම ඉන්නේ අම්මා ❤️ නිදිවරාගෙන කේක් හදනකොට අම්මවයි මල්ලිවයි ඇහැරවගෙන මගෙ තනියට මට හයියක් වෙලා ඉන්නේ අප්පච්චි ❤️, කේක් business එක පටන් ගන්න අඩිතාලම දාලා හැමදේම ලස්සනට හදලා දීලා මගේ වැඩ වලට ලේසි වෙයි කියලා හිතෙන හැමදේම මටත් හොරෙන් ගෙදරට එවලා වැටෙන තැන්වලදී වැටෙන්න නොදී මාව අල්ලන් ඉන්න මට හයියක් වෙන මගේ ආදරණීය හබීතුමා 😍 Shalitha Kumara Nelumdeniya, වැඩ ඇරිලා එනකන් බලන් ඉදලා ආපු ගමන් අනිත් පැත්තට කේක් දෙන්න ඇදගෙන යද්දින් බෑ නොකියා මොන වැඩේ තිබුනත් ඩිලිවරි වැඩේ miss නොකර කියන ඕන වැඩක් කරලා දීපු අයියා ❤️ Samith Abeysekara , අයියා ගෙදර නැති නිසා තනියම හැමදේම කරට අරන් මගෙන් වෙන කරදරත් ඉවසගෙන මට බැන බැන හරි එයාගේ වැඩ අතරට මගේ Deliver වැඩේ Videography වැඩේ භාර අරන් දැනට මං ගාව ඉන්න හයිය මල්ලි ❤️ Buddhika Senadheera , මොන දේ කිව්වත් බෑ කියන්නේ නැතුව කරලා දීල හයියක් වෙන අක්කී ❤️ Rajika Dilanjani, Deliver partners ...වැඩ වැඩි දවසට මාර වැඩේ ලොකු ඕඩර් එකක් ආවා වැඩ ගොඩයි කියපු ගමන් හරි මම එන්නම් කියලා ඇවිත් මාත් එක්ක නිදිවරාගෙන මං තරම්ම මහන්සි වෙලා මගේ කට්ට වෙනුවෙන් සමහර තැන් වලදි කට්ට කාගෙන හයියක් වෙන මල්ෂා ❤️ චමුදි, හිරුණි, wedding cake ඕඩර් එකක් ආවම කතා කරපු ගමන් ඇවිත් උදව් කරන ලොකු අම්මලා දෙන්නා, ඒ වගේම අවුරුදු 5 පුරාවටම මාත් එක්ක හිටපු ඉස්සරහටත් මාත් එක්කම ඉන්න මගේ ආදරණීට Customers ලා හැමෝටම , මාව motivate කරන සහ විවේචනය කරන වට්ටන්න හදන හැමෝටමත් ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️ ඒ හැමදේම මට ඉස්සරට යන්න ශක්තියක් 😍 මට වචනෙකින් හරි උදව්වක් කරලා තියන හැමකෙනෙක්ටම ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️
Thakshila Abeysekara
fansGolden cakes by Thakshi