23/04/2026
වචනෙකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.
Peace Walk එකේ ස්වාමීන් වහන්සේලාට දෙළුම් යුෂ පූජා කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න බොහෝ අය ඉදිරිපත් වුනා..ගෞරණීය මහා සංඝරත්නය වගේම සිරස TV ආයතනයේ සේවය කරන අයත් අපිට මේ සඳහා උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ වගේම තවත් හිතවතුන් රාශියක් ඉදිරිපත් වුනා..මම බලාපොරොත්තු වෙනවා උන් වහන්සේලා මේ පාගමන යන කාල සීමාව තුළදී උන්වහන්සේලාගේ ශරීර ශක්තිය වර්ධනය කිරීම සඳහා මාතප්‍රාණ බෝතල් 300ක් පමණ පුජා කරන්න. අවශ්‍යතාවය අනුව තව වැඩිපුර අවශ්‍ය නම් පූජා කරන්න පුලුවන්.
මීට සුළු මොහොතකට පෙර Delum Bar සාමාජිකයන් විසින් වත්තල විහාරස්ථානයකට වැඩම කරපු ආචාර්‍ය මහවිතව පඤ්ඤාරතන හිමියන්ට ( Sudam Sabhawa ) මාතප්‍රාණ බෝතල් 100ක් සහ මාතප්‍රාණ නිෂ්පාදනය සම්බන්ධව අපි ITI ආයතනයෙන් ලබා තියෙන සියලුම තත්ව සහතික වාර්තා බාරදුන්නා. උන්වහන්සේ මේ පාගමනට ඇප උපස්ථාන කිරීම සම්බන්ධව බොහෝ කාර්‍යන් සිදුකරන ස්වාමීන් වහන්සේ නමක්.
ඉතින් තවත් බොතල් 200ක් දෙන්න අපි සූදානම්. ඒ සියලුම බෝතල් සම්පූර්ණම අපේ මාතකඩාර දෙළුම් ආයතනයෙන් නොමිලේ දෙන්නේ. මේ වැඩේට සම්බන්ධවෙන්න කැමැත්ත ප්‍රකාෂ කරපු අනිත් අයටත් මේ බෝතල් 200න් කොටස් කොටස් වෙන් කරනවා.
වචෙනෙකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.❤
Asika Pinsara Samarasekara
CEO - Mathakadara Pomegranates මාතකඩාර දෙළුම් / Delum Bar