CHAMS WOOD

CHAMS WOOD CHAMARA

17/03/2024
මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන...
10/03/2024

මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...

හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...

ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...

ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...

ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...

ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...

එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...

ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...

එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...

එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...

පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...

බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...

ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...

හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!

Bar එක හරි කිව්වේ නෑ...
ඒ උනාට හිතන්න...
මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...

තමන්ට Respect කරන තැනකට...
මිනිස්සු ඒවා හොයන් යනවා...

කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...

අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන
ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව
ආදරය බෙදන තැනක් කරමු❤️

- උපුටාගැනීමකි -

ඊයේ උදේ මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු.140යි..අ...
15/02/2024

ඊයේ උදේ මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු.140යි..

අවුරුදු 25 ක 26 ක තරුණයෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා එයා ගාව තිබුණේ විස්සෙ කොල හතරක් විතරයි. මුදලාලි කිව්වා 80ට දෙන්න බෑ, අපි ගන්නෙම 100, 120යි කියලා...
ඒ කොල්ලා කිව්වා එක ගෙඩියක් දෙන්න පස්සේ ආවම දෙන්නම් කියලා...

මුදලාලිගේ නෝනා වෙන්න ඕනා එයා බැන්නා ඔයාලාට අරක්කු බොන්න සල්ලි තියෙනවා, වෙරි බහින්න තැඹිලි බොන්න සල්ලි නෑ, හදපු අම්මලා තාත්තලාටත් පව් ඕවා කියලා...
ඒ කොල්ලා කමක් නෑ එහෙනම් කියලා ගියා...

ආයෙත් හවස 1.50ට විතර එයාව මම දැක්කා බස් හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා,
එන එක බස් එක්කටවත් නැග්ගේ නෑ, ගොඩක් වෙලා බලන් ඉදලා මම ගිහින් ඇහුවා තැඹිලි ගෙඩියක් අරන් දෙන්නද කියලා...
එයා කිව්වේ..
"ජා ඇල ට යන්න රු100ක් ඕනා මන් ගාව තිබ්බ සල්ලි වලින් අම්මට තැඹිලි ගෙඩියක් අරන් දුන්නා, ඩොක්ට කිව්වා පිලිකාව මර්දනය කරන්න දෙන බෙහෙත සැර නිසා ඇඟ නිමෙන්න දවසට තැඹිලි ගෙඩියක්වත් අම්මට දෙන්න කියලා..."

"මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ... රු 60 ක් මදි නිසා ID එක තියලයි තැඹිලි ගෙඩියක් අරන් අම්මට පෙව්වේ, එකෙත් බිව්වෙ එක උගුරයි, මම පයින්ම ජාඇලට යනවා කියලා..."

මමත් කොහොමත් ඒ පැත්තට යන නිසා දාගත්තා කොල්ලව වාහනයට,
ඊට පස්සෙ වෙච්ච දේවල්, කතාවේ ඉතුරු ටික දිග වැඩි...

ඔයාලට වෙලාවක් තියෙනවා නම් තැඹිලි වතුර, කොමඩු, ගස්ලබු, දෙළුම් ටිකක් අරන් යන්න, නාඳුනන අම්මා, තාත්තා, සහෝදර සහෝදරියක් වෙනුවෙන් මහරගම පිලිකා රෝහලට...
0112850253 මේ දුරකතන අංකය ඔයාලට උදව් කරයි...

කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්, ආයෙමත් දාන්න හිතුවේ අපේක්ෂා රෝහලට ඒ අවශ්‍යතාවය තාමත් එහෙම තියෙන නිසයි..

උපුටා ගැනීමකි.

Address

GIRIULLA
Kurunegala
514

Telephone

+94768066072

Website

Alerts

Be the first to know and let us send you an email when CHAMS WOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHAMS WOOD:

Share

Category