Bhagya Rice Mill

Bhagya Rice Mill Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhagya Rice Mill, Fast food restaurant, NO/17 ILUKEGAMA , KEKIRAWA, Kekirawa.

වර්තමානයේදී ලොව ඉදිරියට ගමන් කිරීමේ වේගය වඩ වඩාත් කඩිනම් කිරීමට හේතුවන ප‍්‍රධානතම ක‍්‍රමෝපායක් වශයෙන් තොරතුරු තාක්ෂණය හඳ...
18/02/2018

වර්තමානයේදී ලොව ඉදිරියට ගමන් කිරීමේ වේගය වඩ වඩාත් කඩිනම් කිරීමට හේතුවන ප‍්‍රධානතම ක‍්‍රමෝපායක් වශයෙන් තොරතුරු තාක්ෂණය හඳුනාගත හැකිය. පළමුවෙන්ම ලංකාවේ නාගරික සමාජය අතරට පිවිසුනු මෙම තොරතුරු තාක්ෂණය හා ඊට අයත් පරිගණකය, විද්‍යුත් තැපෑල, වෙබ් අඩවි යනාදි යෙදුම් දැන් දැන් ග‍්‍රාමීය ප‍්‍රදේශවලටත් ආධුනික ලෙස සැලකෙන්නේ නැත. තොරතුරු තාක්ෂණය යන පුළුල් විෂයය තව දුරටත් හුදු නාගරික අලංකරණයක් ලෙස නොපවතින බවත් එය මහ පොළොවේ සැබෑ අභියෝග ජය ගන්නා නව ක‍්‍රමවේදයක් ලෙස ජන සමාජය තුළ මුල් බැස ගන්නා බවත් කෙමෙන් දැකගත හැකිය. ග‍්‍රාමීය ප‍්‍රජාවගේ ජීවිත හා බද්ධ වුණු කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයට තොරතුරු තාක්ෂණය පිවිසීම මීට එක් උදාහරණයකි. කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශයට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රට පුරා පිහිටුවන ග‍්‍රාමීය කෘෂි තොරතුරු තාක්ෂණය මධ්‍යස්ථානය හරහා මෙසේ තොරතුරු තාක්ෂණය කෘෂි ක්ෂේත‍්‍රයට අවතීර්ණ වී තිබේ.එදිනෙදා දියත් කෙරෙන කි‍්‍රයාදාමයක් ඔස්සේ පවත්වාගන්නා සකි‍්‍රය කර්මාන්තයක් වන කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමනට එල්ල වන ප‍්‍රධාන බාධාවක් වනුයේ තොරතුරු ගලා යාමේ මන්දගාමී ස්වභාවයයි. සෘෂි ක්ෂේත‍්‍රයට සම්බන්ධ වන විවිධ සමාජ කණ්ඩායම් අතර තොරතුරු ගලා යාමේ විධිමත් ක‍්‍රමවේදයක් මෙතෙක් ගොඩනැගී නොපැවතිණ. ගොවීන්, ඔවුනට මඟ පෙන්වීම හා උපදේශකත්වය සපයන රජයේ නිලධාරීන් කෘෂි ක්ෂේත‍්‍රයට අදාළව පර්යේෂණවල නියුක්ත වන විද්වතුන් අතර මෙන්ම වෙළෙඳ පොළ හා ගැණුම්කරුවන් අතරද අන්‍යෝන්‍ය වශයෙන් සෘජුවම තොරතුරු හුවමාරු කර ගැනීම දුෂ්කර කාර්යයක් විය. මෙම තත්ත්වය හේතුවෙන් ගොවීනට කෘෂිකර්මයේ නූූතන යහපත් ප‍්‍රවණතා හඳුනා ගැනීමේ මං ඇහැරුණු අතරම සිය වගා ගැටලු විසදා ගැනීමටද අසීරුතා මතු විය. එමෙන්ම සිය අස්වැන්න අලෙවි කර ගැනීමේදී අතරමැදියන්ගෙන් තොරව සෘජුව වෙළෙඳපොළ හා සම්බන්ධ වීමට ඔවුනට ලැබුණේ සීමිත, ඉඩ ප‍්‍රස්ථාවන්ය. එමෙන්ම ශී‍්‍ර ලාංකීය කෘෂිකර්මාන්තය ආශ‍්‍රය කර ගත් දත්ත පද්ධතියක ඌනතාව හේතුවෙන් කෘෂිකර්මය සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්ති හා තීන්දු ගැනීමෙහි ලා රාජ්‍ය පාර්ශවයට විවිධ බාධා එල්ල විය.



විද්‍යුත් තැපෑල මෙකී නොකී බොහොමයක් දුෂ්කරතා හා බාධාවන්ට තිරසාර විසඳුමක්, පළමුව සඳහන් කළ කෘෂි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ කි‍්‍රයාවලිය තුළින් නිර්මාණය වී තිබේ. මෙම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය පිහිටවනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ‍්‍රය කර ගනිමිනි. ප‍්‍රදේශයේ ගොවි ජනතාවට මෙම මධ්‍යස්ථාන ඇසුරු කිරීමේ ඉඩකඩ නොමිලේ ලබා දෙනු ලැබේ. CD තැටි ආශ‍්‍රයෙන් කෘෂි දැනුම හා තොරතුරු ලබා ගැනීමට මෙන්ම විද්‍යුත් තැපෑල භාවිතා කරමින් තොරතුරු සන්නිවේදනය කර ගැනීමට මේ මගින් හැකි වී ඇත. මෙම තැපෑල භාවිතා කරමින් තොරතුරු සන්නිවේදනය කර ගැනීමට මේ මගින් හැකි වී ඇත. මෙම නව පහසුකම තුළින් කෘෂි තාක්ෂණික තොරතුරු ගොවීන්ට ලබා දීමේ සිය ව්‍යාපෘති ජාලය වඩාත් කාර්යක්‍ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමට මෙන්ම පුළුල් කොට වර්ධනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව මාවතක් විවර වී ඇත. මෙය ගොවීනට රාජ්‍ය නිලධාරීන්ට, කෘෂි වෙළෙඳුනට හා ව්‍යවසායකයින්ට යනාදී සමාජයේ විවිධ ස්ථරවලට විවෘත වී ඇති පුළුල් ප‍්‍රස්ථාවකි. ගොවි ජනතාව සම්බන්ධයෙන් ගත් කළ සිය වගාවන්ට වැළදෙන රෝග හඳුනාගැනීම පළිබෝධනාශක භාවිතය සම්බන්ධව දැනුවත් වීම, පසු අස්වනු තාක්ෂණය හඳුනාගැනීම, ගොවි බිමේ පාංශු ස්වභාවයන් හඳුනා ගැනීම ආදී බොහොමයක් අංශයන් වලට අදාලව සිය අවබෝධය පුළුල් කර ගැනීමට මෙයින් පහසුවෙන් අවකාශ ලැබී ඇත. කෘෂි තොරතුරු මධ්‍යස්ථාන වලට ලබා දී ඇති පරිගණක හා CD තැටි ඔස්සේ මෙම විෂයයන් සම්බන්ධව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකෙන්ම ඔවුන්ට තොරතුරු සපයනු ලැබෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී. බඩ ඉරිඟª, මිරිස්, රතු ළුෑණු හා ලොකු ළුෑනු, ගස්ලබු, කෙසෙල්, බතල, අර්තාපල්, විසිතුරු පැළ වර්ග සහ බිම්මල් වැනි බොහොමයක් වගාවන් සම්බන්ධව CD තැටි නිපදවා තිබේ. මෙම CD තැටි මගින් ගොවීන් පමණක් නොව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා කෘෂිකර්ම උපදේශක වරුන්ද පුහුණු නිලධාරීන් හා කෘෂිකර්ම උපදේශකවරුන් ද පුහුණු කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව සිටී.



ගොවි දත්ත බැංකුමෙම මධ්‍යස්ථාන ඔස්සේ ගොවීන් වෙත ප‍්‍රදානය කෙරෙන තවත් නවතම අත්දැකීමක් වන්නේ නම් විද්‍යුත් තැපැල භාවිතයෙන් කෘෂි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ඉඩ සැලසීමයි. ඒ අනුව තම වගාව සම්බන්ධයෙන් මතුවන ගැටලු හෝ වගාව වඩාත් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට අදාල පර්යේෂණ නිලධාරීන් සමග ඊමේල් පණිවුඩ ඔස්සේ සම්බන්ධ වීමට ඔවුනට හැකි වේ. වගාවට අදාළ ඡායාරූප ආදියද මේ මගින් යොමු කිරීමටත් ලබා ගැනීමටත් හැකි බැවින් වඩාත් නිවැරදිව හා පැහැදිලිව තොරතුරු සන්නිවේදනය කර ගැනීමේ ශක්‍යතාව ඔවුනට ලැබි ඇත. මේ වන විට නුවර - මාරස්සන හා රත්නපුර - රාස්සගල යන ග‍්‍රාමීය කෘෂි තොරතුරු මධ්‍යස්ථානවලට අන්තර්ජාල පහසුකම සහ ඒ හරහා විද්‍යුත් තැපැල භාවිතා කිරීමේ පහසුකම සලසා ඇති අතර සෙසු මධ්‍යස්ථානවලට CDMA හෙවත් රැහැන් රහිත දුරකථන පහසුකම් ලබා දී ඇත. තව නොබෝ දිනකින්ම එම මධ්‍යස්ථාන වලටත් අන්තර්ජාල තාක්ෂණය හඳුන්වා දීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. මෙම තාක්ෂණය ඔස්සේ මෙතෙක් කල් සිය ශ‍්‍රමයත් අගනා කාලයත් මුදලුත් වැය කරමින් ඉටු කර ගත් කාර්යයන් තමාට වඩාත් නුදුරු ස්ථානයකින් නොමිලේ ඉටු කර ගැනීමට ගොවි මහතුන්ට ලැබී ඇති ඉඩ කඩ විපුල ඵල දායක බව නොකිවමනාය.මෙම මධ්‍යස්ථාන ආශ‍්‍රයෙන් ගොඩ නැගෙන අනෙක් සුවිශේෂි පහසුකම වනුයේ ගොවි දත්ත බැංකුවයි. ඒ ආශ‍්‍රයෙන් අදාළ ගොවි ජන බල ප‍්‍රදේශය තුළ සිටි සියලු ගොවියන්ගේ තොරතුරු ගබඩා කරනු ලබයි. ඒ අනුව ගොවීන්ගේ නම් දුරකථන අංක, පදිංචි ලිපින ඔවුන් වගා කරන බෝග වර්ග, වගාවේ පරිමාවන් හා අපේක්ෂිත අස්වැන්න ආදී සියලු අදාල තොරතුරු මෙම ගොවි දත්ත බැංකුවෙහි තැන්පත් කෙරේ. මෙකී තොරතුරු සතියක් පාසා යථාවත් කිරිමද සිදු කෙරෙන බැවින් තොරතුරුවල විශ්වාසනීයත්වය හා වටිනාකම තහවුරු කෙරේ. සැබැවින්ම මෙවන් ගොවි දත්ත බැංකුවක් රටේ කෘෂි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ඉටු කළ හැකි කාර්යයභාරය සුළු පටු නොවේ. එය ගොවීනට වෙළෙඳ පොළට සේම ව්‍යවසායකයිටත් විශේෂයෙන්ම රජයටත් එකසේ වැදගත් ය. ඒ මගින් ගොවීනට තම ප‍්‍රදේශය පුරා වගාවන් ව්‍යාප්ත වන අන්දම හා තම කර්මාන්තය තරඟකාරි ලෙසින් පවත්වා ගතයුතු ආකාරය හඳුනාගැනීමට ඉඩ සැලසේ. ඔවුනට වෙළෙඳපොළ සෙසු බලවේගයන් සමග සෘජුව ගණුදෙනු කිරීමේ ඉඩකඩද විවර වනුයේ දත්ත පද්ධතිය ඔස්සේ වෙළෙඳ ප‍්‍රජාවට ඔවුන් හා සම්බන්ධ වීමේ අවස්ථාව සැලසී ඇති හෙයිනි. මේ මගින් වෙළෙඳපොළ අතරමැදියන්ගේ භූමිකාව අවම කොට ගොවීන්ගේ නිෂ්පාදනවලට හොඳ මිලක් හා පාරිභෝගිකයන්ටද සහනයක් ලබා ගැනීමට මාවත විවෘත වෙයි. රජයටද මේ මගින් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය උදා කර ලීම උදෙසා සිය ප‍්‍රතිපත්ති හැඩ ගස්වා ලිමටත්, ස්ථාපනය කිරීමටත්, තීන්දු හා තීරණ ගැනීමටත්, වඩාත් නිරවද්‍ය නිරවුල් හා කඩිනම් මාවතක් හෙළි පෙහෙළි වෙයි. එහෙත් මෙම කි‍්‍රයාදාමය තවමත් ප‍්‍රාරම්භක අවස්ථාවේ පවත්නා බැවින් මෙම සියලු ජයග‍්‍රහණ පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට තවත් පුළුල් කාලයක් හා ඉඩකඩක් අවශ්‍ය වනු ඇත.



වෙබ් අඩවියක්මේ ගොවි දත්ත බැංකු මේ වන විට රාස්සගල හා මාරස්සන යන කෘෂි තොරතුරු මධ්‍යස්ථානයන්හි ස්ථාපනය කර ඇති අතර සෙසු මධ්‍යස්ථානවලද ස්ථාපනය කිරීමට අපේක්ෂිතය. ඉදිරියේදී මෙම දත්ත බැංකු ඒකාබද්ධ කොට දීපපව්‍යාප්ත ගොවි දත්ත බැංකුවක් පවත්වා ගැනීම තුළින් ලාංකීය කෘෂි ක්ෂේත‍්‍රයේ දියුණුවට පැවති බාධාවන් හා අභියෝග රැසක් ජය ගැනීමට අපට හැකි වනු නියතය. මෙම කෘෂි තාක්‍ෂණ මධ්‍යස්ථාන සඳහා කෘෂිකර්ම උපදේශකවරුන් 250 ක් හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් 900 ක් ද සේවයෙහි යොදවනු ඇත. මෙය ඔවුන්ගේ දැනුම හා පුහුණුවද වැඩි වර්ධනය වීමට නිරායාසයෙන් ඉඩ සලසයි. එමෙන්ම ඉදිරියේදී සමස්ත කෘෂි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයන්ට අන්තර්ජාල සම්බන්ධතාව ලැබීමත් සමගම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.agridept.gov.lk වෙබ් අඩවියට ඇතුළුව අන්තර්ජාලයේ සෙසු කෘෂි දැනුම් සම්භාරය ලබා ගැනීමට ගොවිනට අවස්ථාව උදා වේ.පෙර සඳහන් කළ සියලු පහසුකම් පිරිනමන අතරම තවත් සුවිශේෂි කාර්යය භාරයක් මෙම ග‍්‍රාමීය කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානය විසින් නිරායාසයෙන්ම ඉටු කරනු ඇත. එනම් ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාවගේ අවධානය හා ආකර්ශණය කෘෂි ක්ෂේත‍්‍රය වෙත දිනා දීමයි.එමෙන්ම පාසල් ශිෂ්‍යයින්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන තොරතුරු හා මඟ පෙන්වීම් මෙම මධ්‍යස්ථාන ඔස්සේ ලබා ගත හැකි බැවින් කෘෂිකර්ම විෂයට අදාලව ශිෂ්‍යයින්ගේ අවධානය හා නැඹුරුව දියුණු කිරීමට මේ තුළින් ඉඩ සැලසෙනු ඇත.තොරතුරු තාක්ෂණ විෂයය බිම් මට්ටම කරා කැඳවා ගෙන යන අතරම කෘෂිකර්ම ක්ෂේත‍්‍රය නැවුම් මුහුණුවරකින් වැඩි කාර්යක්ෂමතාවයකින් ඉදිරියට මෙහෙයවීමට රුකුල් දෙන මෙම ග‍්‍රාමීය කෘෂි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන වල විර පැවැත්ම හා සංවර්ධනය රඳා පවතින්නේ ජනතාවගේ අවධානය හා දැනුවත් වීම මත බව ද අවධාරණය කළ යුතුය.

Magngnokka මඤ්ඤොක්කා උද්භිද විද්‍යාත්මක නාමය - මැනිහොට් ඒස්කියුලෙන්ටා (Manihoat esculenta)හැදින්වීමඅඩු අවදානයක් යොදා අව...
17/02/2018

Magngnokka මඤ්ඤොක්කා

උද්භිද විද්‍යාත්මක නාමය - මැනිහොට් ඒස්කියුලෙන්ටා (Manihoat esculenta)

හැදින්වීම
අඩු අවදානයක් යොදා අවම යෙදවුම් මත ඒකක භුම් ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් දෙන ප්‍රධානතම අල බෝගය මඤ්ඤොක්කාය. මෙය නියගයට ඔරොත්තු දෙන කාෂ්ටක බෝගයක් වන අතර නිසරු භුමි වලටද එය හොදින් ගැලපේ. මඤ්ඤොක්කා අල ප්‍රධාන වශයෙන් ශක්තිය ලබාදෙන ආහාරයක් වන අතර එහි පත්‍ර වැඩි ප්‍රෝටීන් හා ඛණිජලවන (කැල්සියම් හා යකඩ) අඩංගු පලා වර්ගකි.

පෝෂණ වටිනාකම

සංඝටකය

අලවල

පත්‍රවල

තෙතමනය %

62.8

74.8

ශක්තිය (Kg / 100g)

580

-

ප්‍රෝටීන් %

0.53

5.1

පිෂ්ටය %

31.0

-

සීනි %

0.83

-

තන්තු %

1.40

-

අළු %

0.84

2.7

ඛණිජ වර්ග (mg /100)

සංඝටකය

අලවල

පත්‍රවල

කැල්සියම්

20

350

පොස්පරස්

46

56

මැග්නීසියම්

30

-

පොටෑසියම්

302

-

සල්ෆ්

6.4

-

යකඩ

0.23

218

විටමින් වර්ග (mg /100g)

සංඝටකය

පත්‍රවල

පත්‍රවල

විටමින් A

-

3

තයමින්

0.05

0.2

රයිබෝප්ලෙවින්

0.04

0.3

නියුක්ලෝනික් අම්ලය

0.6

1.5

විටමින්

15.0

200

ප්‍රභේද
අවම විෂ සහිත අලයේ වැඩි වියලි ද්‍රව්‍ය හා පිෂ්ඨ ප්‍රමාණයක් අඩංගු, වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි වැඩිදියුණු කල ප්‍රභේද 06 නිර්දේශ කර ඇත.

ප්‍රභේදය

ලක්ෂණ

එම්.යු 51




වයස (මාස) 8 - 10
අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 50 ට අඩු

වෙනත් කරුණු

මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
පොත්ත ඇතුලත දම් රෝස පාටය.
අලයේ මදය සුදු පාටය.
දිගු ගෙලක් ඇත.
සී.ඒ.ආර්.අයි. 555




වයස (මාස) 8 - 10
අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 28 - 30

වෙනත් කරුණු

මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
පොත්ත ඇතුලත ලා රෝස පාටය (Pink &Whaite)
සුවදවත්ය.
මදය සුදු පාටය.
කිරිකවඩි




වයස (මාස) 6 - 12
අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 18 - 22

වෙනත් කරුණු

අතු බෙදෙන වර්ගයකි.
වයස අනුව අස්වැන්න වෙනස්වේ.
පොත්ත ඇතුලත කිලිටි සුදු පාටකි.
මදය සුදු පාටයි.
සුරනිමල (BW 01)



වයස (මාස) 8 - 12
අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 38- 40 PPM

වෙනත් කරුණු

අග්‍රස්ථය අතු බෙදීම සිදු වේ.
දුඹුරු පොත්තකින් හා සුදු පාට මදයකින් යුක්තය.
ස්වර්ණ (BW 02)



වයස (මාස) 8 - 12
අඩංගු සයනයිඩ් ප්‍රමාණය 20 - 25 PPM

වෙනත් කරුණු

කද රිදීමය අළු පැහැතිය.
මදය කහ පාට වන අතර පිටත පොත්ත දුඹුරු පාටවේ.
ශානි (BW 14)



වයස (මාස) 8 - 12
අඩංගු සයනයිඩ් ප්‍රමාණය 43 - 45 PPM

වෙනත් කරුණු

කද දුඹුරු පාට වන අතර කල්ගත වූ විට අතු බෙදීම සිදුවේ.
මදය සුදු පාටය.

වගාවට සුදුසු ප්‍රදේශ
උස් වු ශීත දේශගුණික තත්ත්ව සහිත ප්‍රදේශ වල හැර මුහුදු මට්ටමේ සිට මීටර් 1200 දක්වා සෑම ප්‍රදේශයකම වගාකල හැක. වියලි කලාපයේ වාර්ෂික බෝගයක් ලෙසද තෙත් කලාපයේ කන්න බෝගයක් ලෙසද වගා කෙරේ.

රෝපණ ද්‍රව්‍ය
සිටුවීම සදහා 20 - 25 Cm දිග වර්ධක අංකුර 4 - 6 පමණ අඩංගු මේරූ අලුත් දඩු කැබලි යොදා ගන්න. මධ්‍යස්ථ ලෙස අතු බෙදෙන වර්ග සදහා හෙක්ටයාරයකට දඩු කැබලි 12,500 පමණද අතු බෙදෙන වර්ග සදහා 10,000 පමණ අවශ්‍ය වේ.

පරතරය
අතු බෙදෙන වර්ග
100 Cm x 100 Cm

මධ්‍යස්ථ ලෙස අතු බෙදෙන වර්ග
90 Cm x 90 Cm

සිටුවීම
සකස් කරගත් ඉඩමෙහි දඩු කැබලි වලින් අංකුර 2-3 පමණ පස මට්ටමින් ඉහලට සිටින සේ සිටුවන්න. එක් ස්ථානයක එක් දඩු කැබැල්ල බැගින් අංකුර ඉහලට සිටින සේ සෘජුව සිටුවිය හැක.

රසායනික පොහොර නිර්දේශය
සෑම පළාතකටම

ආකාරය

යොදන වේලාව

වර්ගය

ප්‍රමාණය

හුණු යෙදීම

සිටුවීමට සති 02 පෙර

අළුහුණු / ඩොලමයිට්

1 - 2 ටොන් / හෙක්

කාබනික පොහොර යෙදීම

සිටුවීමට දින 3-5 පෙර

කුකුල් පොහොර / ගොම
පොහොර හෝ
කොම්පෝස්ට් පොහොර

10 ටොන් / හෙක්

රසායනික පොහොර


වර්ගය/ප්‍රමාණය කි.ග්‍රෑ/ හෙක්.

පෝෂණ ප්‍රමාණය
කි.ග්‍රෑ / හෙක්



Urea

TSP

MOP

N

P2 O 5

K2 O


සිටුවීමට පෙර

-

120

-

-

55

-


සිටුවා සති 02

85

-

125

40

-

75


සිටුවා සති 10 - 12

85

-

60

40

-

35


සිටුවා සති 16 - 18

85

-

60

40

-

35

Total


255

120

245

120

55

145

හුණු යෙදී යුත්තේ PH < 5 පමණක් නම්
කුකුල් පොහොර යොදන විට TSP හා MOP 25% අඩුකරගත හැක.
ගසෙහි පාපදස්ථයේ සිට 20-25 Cm දුරින් ගස වටා පස මතුපිට පොහොර යොදා අවට පස් ගස මුලට කරන්න.

වල් පැලෑටි පාලනය
මුල් මාස 3-4 කාලය දක්වා වගාවේ වර්ධනය දුර්වලය. පොහොර යෙදීම හා වල් පැලෑටි පාලනය එකවර සිදු කිරීම වඩා ප්‍රායෝගිකය.

අස්වනු නෙලීම
අල මේරීම ප්‍රභේද අනුව වෙනස් වේ. පදුරු කිහිපයක් ගලවා අල මේරීම ප්‍රමාණවත්දැයි බැලීම සුදුසු ක්‍රමයයි. බෝගයේ පසු අස්වනු කාලය ඉතා කෙටි නිසා වෙළද පොලේ ඉල්ලුම අනුව අස්වනු නෙලිය යුතුය.

අස්වැන්න
ලබාගත හැකි අස්වැන්න වගා කරන ප්‍රභේදය, අස්වනු නෙලන අවස්ථාවේදී වගාවේ වයස සහ අනුගමනය කල වගා පාලන ක්‍රම අනුව වෙනස් වේ.

ප්‍රභේදය

හෙක්ටයාරයකට ටොන්

එම්.යු. 51

35 - 40

සී.ඒ.ආර්.අයි. 555

35 - 40

කිරිකවඩි

22 - 75

සුරනිමල

35 - 50

ස්වර්ණ

35 - 40

ශානි

35 - 40

Pol Wanasana Maita පොල් වනසන මයිටා ශ‍්‍රී ලංකාවේ පොල් පළිබෝධයකු ලෙස වාර්තා වූ “මයිටාව“ පොල් වගාවේ ප‍්‍රධාන පළිබෝධකයෙකි. ...
17/02/2018

Pol Wanasana Maita පොල් වනසන මයිටා


ශ‍්‍රී ලංකාවේ පොල් පළිබෝධයකු ලෙස වාර්තා වූ “මයිටාව“ පොල් වගාවේ ප‍්‍රධාන පළිබෝධකයෙකි. “ඇසේරියා ගුරෙරෝනිස්” නමින් විද්‍යාත්මකව හඳුන්වන ලද මයිටාවා ඇසට නොපෙනෙන අන්වීක්ෂීය ජීවියෙක් වන අතර හැඩයෙන් පණුවකුට සමානය. ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමකාලීනව 1997 දී පැතිරී ගිය මෙම පොල් මයිටා රෝගය ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්ත වනුයේ සුළගින්ය.මීට අමතරව පොල් ප‍්‍රවාහනය සහ අමු පොල් ලෙලි ප‍්‍රවාහනයෙන්ද මෙය ව්‍යාප්ත වේ. ශ‍්‍රී ලංකාවේ පළමුවෙන්ම මෙම රෝගය හඳුනාගෙන ඇත්තේ පුත්තලම දිස්ති‍්‍රක්කයෙනි. ඒ 1997 වර්ෂයේදීය. පොල් මයිටා රෝගය සෑදුනු පොල් ගෙඩියක ලෙල්ල හැකිලී, කලුපැහැ ගැන්වී යන අතර පොල් මදයද කුඩාවේ.



මර්දනය කළ නොහැකමෙම පළිබෝධක “මයිටාවා” කුඩා ගෙඩියේ සිට අස්වනු නෙලන අවස්ථාව දක්වා ඕනෑම පොල් ගෙඩියක තැරිය (ඇස්ස) තුළ විශාල වශයෙන් ජීවත්වේ. සාමාන්‍යයෙන් මාස 3 - 6 දක්වා වයසේ නොමේරූ ගෙඩි මෙම හානියට වඩාත් පාත‍්‍රවේ. මෙම මයිටාවා සාර්ථක ලෙස මර්ධනය කිරීම සඳහා ශ‍්‍රීී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිම රටක සාර්ථක මර්ධන ක‍්‍රමයක් මෙතෙක් හඳුනාගෙන නොමැත. මේ මයිටාවා පළිබෝධකයාගේ හානිය පාලනය කරීමට ත්, එය ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහාත් පොල් පර්යේෂණ ආයතනය මගින් මේ දක්වා වරින් වර රසායනික මිශ‍්‍රණ කීපයක් නිර්දේශ කොට ඇත.නව පර්යේෂණවල ප‍්‍රතිඵල හා දත්ත පදනම් කරගෙන පොල් පර්යේෂණ ආයතනය පසුගිය දා මයිටා මර්දනය සඳහා අන්තර් නිර්දේශයක් හ¼ඳුන්වා දුන්නේය. නොමේරූ ගෙඩිවල තැරිය (ඇස්ස) තුළ මයිටා ගහනය විනාශ කිරීමටත්, නිරෝගී ගෙඩිවලට මයිටාවගේ හානිය ඇති නොවීමටත් මෙම අන්තර් නිර්දේශය වඩාත් ප‍්‍රථිපලදායී බව හඳුනාගෙන ඇත. නොමේරූ පොල් වලුවලට පාවිච්චි කළ එන්ජින් තෙල් හා ජලය අඩංගු මිශ‍්‍රණයක් යෙදීම මගින් සම්පූර්ණයෙන්ම මයිටාවන් විනාශවන බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබේ. යම්කිසි නොමේරූ පොල් වල්ලක් එක් වරක් ඉහත මිශ‍්‍රණයෙන් ප‍්‍රථිකාර කළ විට එයට නැවත ප‍්‍රතිකාර කිරීමත්, අත්‍යවශ්‍ය නොවේ. එසේම ප‍්‍රතිකාර කරන ලද හානියට පාත‍්‍ර නොවූ නොමේරූ පොල් වලු ඉදිරියේදී මෙම හානියෙන් ආරක්ෂා වීමද මෙහිලා වැදගත් වේ.මිශ‍්‍රණය ලීටරයක් සාදා ගැනීමට අවශ්‍යදේ* ජලය මි. ලී. 700 (තේ කෝප්ප 3.5)* පාවිච්චි කළ එන්ජින් ඔයිල් (දැවි තෙල්) මි. ලී. 300 (තේ කොප්ප 1.5)* සබන් ග‍්‍රෑම් 6 (තේ හැඳි 1)* පාන් පිටි ග‍්‍රෑම් 6 (තේ හැඳි 1)සාමාන්‍යයෙන් දැවිතෙල් දැව ආරක්ෂකයක් ලෙස භමිතෙල් සමග මිශ‍්‍ර කර භාවිතා කරයි. මෙම මිශ‍්‍රණය සඳහා දැවි තෙල් තෝරා ගැනීමේදී එය භූමිතෙල් සමග මිශ‍්‍ර නොවූ ඒවා වීමට වග බලාගැනීම වැදගත් වේ.



මිශ‍්‍රණය සාදාගන්නා ආකාරයපාන්පිටි ජලයට එක්කර හොඳින් කලවම් කොට ඒකාකාරී ද්‍රාවනයක් සාදා ගෙන සබන් මිශ‍්‍රණය එයට එකතු කොට හොඳින් කලවම් කරන්න. ඉන් අනතුරුව දැවිතෙල් (භූමිතෙල් කලවම් නොවූ) එකතුකොට හොඳින් මිශ‍්‍ර කර ගන්න. මෙම සාදා ගත් මිශ‍්‍රණය කුඩා ප්ලාස්ටික් බෝතලයකට දමාගන්න.මිශ‍්‍රණය සහිත කුඩා ප්ලාස්ටික් බෝතලය රැගෙන ගසට නැග විවෘත වී ඇති මලේ සිට පලවන හා දෙවන වලු දෙක හැර ඉතිරි වලුවල ගෙඩියේ තැරිය (ඇස්ස) ප‍්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. ප‍්‍රතිකාර කළයුතු කුඩාම නොමේරූ ගෙඩියේ දිග වන්නේ සෙන්ටි මීටර් 5 - 6 කි. මිශ‍්‍රණයේ තෙල් හා ජලය වෙන්වීම වැලැක්වීමට සෑම ආලේප කිරීමකටම පෙර හොඳින් කලවම් කිරීම වැදගත් වේ.මෙය ආලේප කළහැකි වඩාත්ම පහසු ක‍්‍රමය වන්නේ අතේ ඇඟිලි භාවිතා කර තැරිය ප‍්‍රදේශයේ තැවරීමයි. මෙසේ ප‍්‍රතිකාර කිරීමේදී රබර් අත්මේස් යුවලක් පැළඳීම වඩාත් උචිත වේ. ඉන් පසුු ප‍්‍රතිකාර කරන ලද ගෙඩියේ තැරිය ප‍්‍රදේශය කළු පැහයෙන් දිස්වේ. ක‍්‍රමයෙන් ගෙඩියේ වර්ධනයත් සමග කළු පැහැති සීමාව ක‍්‍රමයෙන් අඩුවන ආර එය ගෙඩියේ පහළට ගමන් කරයි. මෙය පැහැදිලිවම තැරිය ආසන්නයේ සිට ගෙඩිය වටා කොල පැහැති නිරෝගී කොටසක් ලෙසින් පහලට ගමන් කරයි. සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුට දිනකට ගස් 30 - 40 අතර ප‍්‍රමාණයකට ප‍්‍රතිකාර කළ හැකිවේ. මිශ‍්‍රණය එක් ලීටරයකින් ගස් 6 - 10 කට ප‍්‍රතිකාර කළ හැක. මෙම මිශ‍්‍රණය මාස 2 - 3 ට වරක් කලින් ආලේප නොකළ පොල් වලු සඳහා ආලේප කිරීමක් කළ යුතුය.



ප‍්‍රතිකාරයේ කාර්යක්ෂමතාව හඳුනා ගැනීමමිශ‍්‍රණය ආලේප කිරීමත් සමග මුලු මයිටා ගහනය හා බිත්තර විනාශවීම සිදුවේ. මෙහි ඇති වාසිය වනුයේ පොල් මයිටාවාගේ විලෝපිත මයිටාවන්ද විනාශ වීමයි. මෙය ආලේප කර මාස 3 - 4 ට පසුව හානිය සහිත ලප ක‍්‍රමයෙන් තැරියෙන් වෙන්වන අතර තවදුරටත් හානියෙන් තොරව ගෙඩිය වර්ධනය වේ. මෙම ප‍්‍රතිකාරය යෙදිය යුතු කාලාන්තරය හා තාක්ෂණය වැඩිදියුණු කිරීම ස¼ඳහා තවදුරටත් පර්යේෂණ සිදුකැරමින් පවතී.ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ජාතික පොල් නිෂ්පාදනය පිළිබඳ නිවැරදි අනාවැකි පලකිරීම, ජාතික කෘෂිකර්ම සැලසුම් කිරීමේදී හා විදේශීක ගැණුම්කරුවන් සමග පවතින කොන්ත‍්‍රාත්ඉදිරියට ගෙන යාමේදී ඉතාමත් වැදගත් කාර්යයක් වේ. පසුගිය වසර 54 තුළ සිදුකළ විශ්ලේෂණ අනුව (1950 - 2003) ජාතික පොල් නිෂ්පාදනය 1973 දී ගෙඩි මිලියන 3039 ක් හා 1986 දී ගෙඩි මිලියන 2430 ක්් අතර විචල්‍යතාවක් පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ඡේදය තුළ ඉලක්කගත අස්වැන්න වූ ගෙඩි මිලියන 3000 වාර්තා ගතවී ඇත්තේ පිළිවෙළින් 1986 හා 2000 වසර වලදී පමණි. 1986 දී ගෙඩි මිලියන 3039 ක් හා 2000 දී ගෙඩි මිලියන 3096 ක් වශයෙනි. වසරක ජාතික පොල් නිෂ්පාදනය තීරණය වීම සඳහා සාධක කීපයක් බලපායි. ඵලදරන පොල් අක්කර ප‍්‍රමාණය, ඵලදරණ ගස්වල වයස්වල ව්‍යාප්තිය, පොහොර භාවිතය, ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු, රෝග හා පළිබෝධ හානි හා එහි ව්‍යාප්තිය හා පෙර වර්ෂයේ වර්ෂාපතන ව්‍යාප්තිය යන සාධක ඒවා වේ. කෙසේ වෙතත් ඉහත සාධකවල වාර්ෂික සංඛ්‍යාලේඛන ලබාගැනීම අපහසු වේ. දේශගුණ හා තාක්ෂණ සහ සාධක පොල් පලදාව තීරණය කරන ප‍්‍රධාන සාධක ලෙස උපකල්පනය කිරීමේදී මෙම සාධක දෙකෙහි බලපෑම් එකතුවක් ලෙස අස්වැන්න පිළිබඳ අනාවැකි පලකිරීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ක‍්‍රමය පසුගිය දත්ත හා වර්තමාන දත්තවල වඩාත් නිවැරදි අනාවැකි ලබා දේ. මෙම ක‍්‍රමය මත පදනම් වී 2004 වර්ෂයේ පොල් පලදා අනාවැකිය ගෙඩි මිලියන 2900 ක් වේ.ඇස්තමේන්තු කරන ලද අගය බෝග සමීක්ෂණ තුළින් මාස 3 කට වරක් නිවැරදි කරනු ලබයි. මේ සඳහා පොල් පර්යේෂණ ආයතනයට පොල් වගාකරුවන්ගෙන් තොරතුරු ලබාදීම මහත් පිටිවහලක් වේ. පොල් වගාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් ඔබ ප‍්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවීම වැදගත්ය. නැතිනම් අධ්‍යක්ෂ, පොල් පර්යේෂණ ආයතනය, ලුනුවිල යන ලිපිනයට දැන්වීම ඉතාම වැදගත් කාර්යයකි. පොල් සංවර්ධන කටයුතු සඳහා තාක්ෂණ හා තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 031 2257688 මගින් පොල් වගාකරුවන්ට ඉහත පොල් මයිටාවා රෝගය පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබාගැනීම කළ හැකිවේ.දැනට ශ‍්‍රී ලංකාවේ වයඹ පළාතේ බිංගිරිය ප‍්‍රදේශයේ මෙම පොල් මයිටා රෝගය විශාල වශයෙන් පැතිර යමින් පවතී. මේ පිළිබඳව බිංගිරියේ අනුමැතිගම පදිංචි ආර්. ධර්මසිරි රත්නායක ගොවි මහතා මෙසේ අදහස් දැක්විය.මෙම රෝගය ලංකාවේ පළමුවෙන්ම හඳුනාගත්තේ පුත්තලම ප‍්‍රදේශයෙන්. ඒ කාලෙ මම ලොරි රියදුරෙක් වශයෙන් කටයුතු කළා. දැදුරුඔයෙන් එහා පැත්තෙ ඉඳල තමයි මෙහාට මේ රෝගය ව්‍යාප්ත වුණේ. ඒ දැනට අවුරුදු පහ හයකට පෙර තමයි. මේ රෝගය හැදිල මුන්දලම ප‍්‍රදේශයේ පොල් ගස් කැපුව. ඒ දිනවල දැදුරු ඔයෙන් මෙහාට රෝගය හැදුනු පොල් ගේන්න දුන්නෙ නැහැ. රෝගය හැදුනු පොල් දැදුරු ඔයට බෑව. මෙහාට මාලු පොල් ගෙන ඒමෙන් තමයි මේ ප‍්‍රදේශයටත් රෝගය ආවෙ. පොල් ගෙඩියෙ ඇස්ස ඇතුලෙ මේ සතා ජීවත් වෙන්නෙ. මේ සතා කෝඳුරුවාටත් වඩා කුඩා සතෙක්. මේ නිසා පොල් ගෙඩියෙ ලෙල්ල හැකිලෙනව. ඒ පොල් ලෙල්ලෙන් වැඩක් ගන්න බැහැ. මේක කොහු කර්මාන්තයට දැඩි බලපෑමක් කරන්න පුළුවන් ඉදිරියේදී. දැනට මේ සඳහා පොල් පර්යේෂණ ආයතනයෙන් ප‍්‍රතිකාර ක‍්‍රම හඳුන්වාදී තියනව.ඇත්ත වශයෙන්ම මෙම පොල් මයිටාවා රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා පොල් වගාකරුවන්ගෙන් ද විශාල කාර්යභාරයක් සිදුවිය යුතුය යන්න අපගේ හැඟීමයි.

Hadalali Nagula හැඩලෑලි නගුල (Moldboard Plough) රෝද දෙක ට්‍රැක්ටර් සඳහා රෝද හතර ට්‍රැක්ටර සඳහා යන ආකාර දෙකින්ම මෙම නගුල්...
17/02/2018

Hadalali Nagula හැඩලෑලි නගුල (Moldboard Plough)


රෝද දෙක ට්‍රැක්ටර් සඳහා රෝද හතර ට්‍රැක්ටර සඳහා යන ආකාර දෙකින්ම මෙම නගුල් නිර්මාණයකෙරේ. ප්‍රධාන වශයෙන් සී සාන ලද බිමක වැටි හෝ කාණු සාදාගැනීමට හා පාත්ති සාදාගැනීමට භාවිතා කළ හැක. ගැඹුරට වඩා කැපුම් තලයෙහි පළල වැඩිවීම විශේෂත්වයකි. මෙහි 15cm සිට 30cm දක්වා ගැඹුරට සී සාගත හැක. ප්‍රාථමික බිම් සකසා ගැනීමේදී ප්‍රයෝජනවත් හා කාර්යක්ෂම උපකරණයකි
D.L.N.M,MADUSHANKA

UdaluThala උදළුතල බිම් සැකසීමෙන් පසු බෝග වගා ස්ථාපිත කිරීමට සුදුසු ලෙස පාත්ති සැකසීමට, කුඹුරු ඇලි සකස් කිරීමට , නියරමඩ ත...
17/02/2018

UdaluThala උදළුතල


බිම් සැකසීමෙන් පසු බෝග වගා ස්ථාපිත කිරීමට සුදුසු ලෙස පාත්ති සැකසීමට, කුඹුරු ඇලි සකස් කිරීමට , නියරමඩ තැබීමට බෝග වගාවේ පස බුරුල් කරගැනීමට වල් පැලෑටි මර්දනයට පස් කැපීම, හෑරීම ආදියට උපකාරවේ.



උදළු තලයක ප්‍රමාණය සෙ.මි. 150 x 150, 230,230,255 x 175 255x 200 හා 255x255 වන ලෙස සෘජුකොණාස්‍රාකාර, හතරැස්, ත්‍රිකෝණාකාර හා රවුම් ආකාර නිපදවනු ලැබේ. මේවායේ බර 600g – 1 Kg 8g දක්වා වේ.

Nagul නගුල් වගාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි ගැඹුරට හා පස බුරුල් කර ගැනිමට සීසෑම කළ යුතු වේ. මේ සඳහා නගුල භාවිතා වේ. අරටුව ...
17/02/2018

Nagul නගුල්


වගාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි ගැඹුරට හා පස බුරුල් කර ගැනිමට සීසෑම කළ යුතු වේ. මේ සඳහා නගුල භාවිතා වේ.



අරටුව ඇති ගසක වක් හැඩයේ ලීයකින් ලී නගුල සදාගනී. එයට අඩි 12 පමණ දිග ශක්තිමත් ලීයක් දිග් හැඩයට ආධාරකය ලෙස සවිකරනුලැබේ.



මෙයට අමතරව යකඩ නගුලද භාවිතාවේ. මුලික බිම්සැකසීමට මෙය ප්‍රයෝජනවත්ය.

Rekkaya රේක්කය පස්කැට හා ගල් බොරළු ඉවත් කිරීම සඳහා කෙටි දත් සහිත රේක්කය භාවිතා කළ හැක. මෙමඟින් පස් සුථරය සුමට කරගැනීමටත්...
17/02/2018

Rekkaya රේක්කය


පස්කැට හා ගල් බොරළු ඉවත් කිරීම සඳහා කෙටි දත් සහිත රේක්කය භාවිතා කළ හැක. මෙමඟින් පස් සුථරය සුමට කරගැනීමටත් ගල්කැට පස්කැට ඉවත් කර කොළ රොඩු වල් ආදිය වගා භූමියෙන් ඉවත් කර ගැනීමටද උපකාරකරගත හැක.

Wee Wagawa වී වගාව වී ශාකයේ සම්භවයවී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර...
17/02/2018

Wee Wagawa වී වගාව


වී ශාකයේ සම්භවය
වී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර විද්‍යා‍ඟයින් වී ශාකයේ පළමු සම්භවය චීනයේ යැයි විශ්වාස කළත් සමහරක් විද්‍යාඥයින් එය ඉන්දියාවේ සිදුව ඇතැයි විශ්වාස කරේ. කෙසේ වුවත් මේවන විට වීවල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වී ඇතැයි අනුමාන කෙරේ.

කෙසේ වුවද විවිධ වී විශේෂ ඉන්දියාවේ, චීනයේ වගාකර ඇති බැව් වාර්තාවන නිසා වීවල සම්භවය ඒ රටවලද ඇති වූවක්බව සීතිමට ද ඉඩ තිබේ. ඔරෙයිසා ඝනයට විශේෂ 22ක් ඇතුලත් වූවද ඒවා අතුරින් වගාකරනු ලබන්නේ විශේෂ දෙකක් පමණි

Oryza sativa L. :- (ආසියානු වී කාණ්ඩය)
Oryza glaberrimasteud :- (අප්‍රිකානු වී කාණ්ඩය)

Oryza sativa විශේෂය Oryza rufipogon නම් ආසියානු වල් දර්ශනයෙන්ද Oryza glaberrima විශේෂය Oryza berviligulata නම් අප්‍රිකාවටම ආවේනික වූ බවට විද්‍යාඥයින් විශ්වාස කරති.

Oryza rufipogon විශේෂ බහුවාර්ෂික (Perenial) වාර්ෂික (Annual) අඛන්ඩව (Continum) යන අකාර 3න්ද Oryza berviligulare විශේෂය බහුවාර්ෂික අකාරයෙන්ද සමාන්‍ය පරිසර තත්ත්ව යට‍තේ දක්නට ඇත.


වී ශාකයේ ව්‍යාප්තිය

වී ශාකය ලෝකයේ නිවර්තන උප නිවාර්තන හා සමශීතෝෂ්ණ රටවල ව්‍යාප්තව පවතින බෝගයක් බවට පත්ව ඇත.මෙලෙස වී ශාකය කෘෂිකාර්මික භොගයක් ලෙස පහත සඳහන් වකවානු වල අනෙකුත් රටවල ද ව්‍යාප්ත වී ඇති බැව් වාර්තා වී ඇත. මෙසපොටේමියාවේ ක්‍රි. පූ. 3 වන සියවසේදී ජපානය හා ‍කොරියාව වැනි රටවල කි.පූ. 2 - 3 සියවසේ ද ව්‍යාප්ත වී ඇත. ඊජිප්තුවේ ක්‍රි. ව. 3වන සියවසේද ජපානය කොරියාව වැනි රටවල ක්‍රි.පූ. 2 - 3 සියවසේද ව්‍යාප්තව ඇත. පෘතුගාලයේ ක්‍රි.ව. 15 සියවසේද කොදෙව් දූපත්වලට ක්‍රි. ව 15 සියවසේද බ්‍රසීලයට ක්‍රි. ව. 15වන සියවසේද ඕස්ට්‍රේලියාවට ක්‍රි.ව. 19වන සියවසේද ඇමරිකානු ප්‍රාන්තවල ක්‍රි.ව. 17 - 19 සියවසේදී මෙලෙස ව්‍යාප්ත වී ඇත.

අප්‍රිකානු වී දර්ශය අප්‍රිකාවට ආවේනික දර්ශනයක් වන අතර මෙය ප්‍රධාන වශයෙන් සහරා කාන්තාරයේ දකුණුදිග සවානා තණ බිම්වල ව්‍යාප්තව ඇත.



වී ගොවිතැනට අවශ්‍ය සාධක

21-32 (සෙල්සියස්) උෂ්ණත්වය.
1900 mm පමණ වූ වර්ෂාපතනය.
ජලය රදා පවතින දියළු මිශ්‍ර මැටි පස (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම) .
තැනිතලා බිම් ප්‍රදේශ. (ජලය හොදින් රදවා තබා ගැනීමට හා පහසුවෙන් වගා කටයුතු කිරීමට)
අස්වැන්න නෙළන කාලයට වියළි බව. (නුවර එළිය දිස්ත්‍රික්කයේ සීමිත කොටසක් හැර ශ්‍රී ලංකාවේ අනෙක් සියළුම ප්‍රදේශ වී වගාවට යෝග්‍ය යි)


වී වගා ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ‍රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.



වී ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමකරණය

වී (Oryza Sativa. L)

රාජධානිය (Kingdom) :- ප්ලාන්ටේ (Plantae) (ශාක)

කාණ්ඩය (Division) :- ට්‍රැකියොෆයිටා (Tracheophyta) (සනාල ශාක)

උප කාණ්ඩය (S. Division) :-ටෙරොප්සිඩ (Pteropsida) (බීජ ශාක)

වර්ගය (Class) :- ඇන්ජියොස්පර්මේ (Angiospermae) (අවෘතක බීජ ශාක)

උපවර්ගය (S.Class) :- මොනොකොටලිඩොනේ (Monocotyledoneae) (ඒක බීජ පත්‍රී ශාක)

ගෝත්‍රය (Order) :- ග්‍රැමිනාලේස් (Graminales)

කුලය (Family) :- ග්‍රැමිනේ (Gramineae)

ගනය (Genus) :- ඔරයිසා (Oryza)

විශේෂය (Species) :- සැටයිවා (Sativa)

උප විශේෂය (S. Species) 2කි.

Hesien - පරිසර කාණ්ඩ (Eco group) - Indica - (ඉන්ඩිකා)
A man (Moonsoon rice) - ප්‍රභා සංවේදී
Boro (Winter Rice) - ප්‍රභා අවධි සංවේදි නොවන
Aus (Spring Rice) - ප්‍රභා අවධි සංවේදී නොවන

2. Keng ‍- පරිසර කාණ්ඩ (Eco group)
Japonica - (ජැපොනිකා)
Communis (සාමාන්‍ය Kong ප්‍රභේද) Nuda - (සිනිඳු, උස් බිම්වල වගාකරන වී ප්‍රභේද)
nvanaca (Bulu සහ Gundil)


ශ්‍රී ලංකාවේ කන්න දෙකකට වී වගාව සිදු කරයි.

යල කන්නය - අප්‍රේල් සිට සැප්තැම්බර්
මහ කන්නය - ඔක්තෝම්බර් සිට මාර්තු


ශ්‍රී ලංකාවේ වී වගාව සිදු කරන ප්‍රධාන කලාප තුනකි.

පහතරට වියළි කලාපීය බිම්.
පහතරට තෙත් කලාපීය බිම්.
කදුරට බිම්.


ශ්‍රී ලංකාවේ පැරණි වී ප්‍රබේද කිහිපයක්:

මා වී
දික් වී
හීනටි
හේරත්බණ්ඩා
සුවදැල්
කළු වී


මහ කන්නය සඳහා සුදුසු වගා කාලය

වැඩි
වයස් වී

මාස 4
වී ප්‍ර‍භේද

බිම් සැකසීම
සැප්. 25 සිට
ඔක්. 15 අතරදී

වැපිරීම
ඔක්. මැදදී
(ඔක්. 15 - 30
අතරදී)

පැල සිටුවීම
නොවැ. මුලදී
(නො. 01 - 15 අතරදී)

මාස්
කන්නයේ
අස්වනු
නෙලීම
පෙබරවාරි15 සිට
මාර්තු 15
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.

මාස 4
වී ප්‍රභේද

බිම් සැකසීම
ඔක්. 10 - 30
අතරදී

වැපිරීම
නොවැ. මුලදී
(නොවැ. 01 - 15 අතරදී)

පැල සිටුවීම
නොවැ. අගදි
(නො. 15 - 30 අතරදී)

බාල
වයස් වී

මාස 3
වී ප්‍ර‍භේද

බිම් සැකසීම
ඔක්. 25 සිට
නොවැ. 15 අතරදී

වැපිරීම
නොවැ. මැදදී
(නොවැ. 15 - 30
අතරදී)

පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)

මාස 3
වී ප්‍රභේද

බිම් සැකසීම
නොවැ. 10 - 30
අතරදී

වැපිරීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)

පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 15 - 25
අතරදී)

වියළි කලාපයේ මහ කන්නය තුළදී ඔබ විසින් වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව අදාල කාල පරිච්ජේදය තෝරා ගන්න.



යල කන්නය සඳහා සුදුසු වගා කාලය

වැඩි
වයස් වී

මාස 4
වී ප්‍ර‍භේද

බිම් සැකසීම
මාර්තු 25 සිට
අප්‍රේල් 15 දක්වා

වැපිරීම
අප්‍රේල්
15 සිට 30
දක්වා

පැල සිටුවීම
අප්‍රේල් අගදි
(අප්‍රේල් 30 සිට මැයි 15 අතරදී)

යල
කන්නයේ
අස්වනු
නෙලීම
අගෝස්තු
15 ත්
සැප්තැම්බර් මස 15 ත්
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.



මාස 4
වී ප්‍රභේද

බිම් සැකසීම
අප්‍රේල් 10 - 30
දක්වා

වැපිරීම
අප්‍රේල් 30
සිට මැයි 15
දක්වා

පැල සිටුවීම
මැයි අගදි
(මැයි 15 - 30 අතරදී)

බාල
වයස් වී

මාස 3
වී ප්‍ර‍භේද

බිම් සැකසීම

අප්‍රේල් 25 සිට

මැයි 15 දක්වා

වැපිරීම
මැයි
15 සිට 31
දක්වා

පැල සිටුවීම
මැයි අගදි
(මැයි 31 සිට
ජුනි 15
අතරදී)



මාස 3
වී ප්‍රභේද

බිම් සැකසීම
මැයි 10 සිට
මැයි 31 දක්වා

වැපිරීම
මැයි 31
සිට ජුනි 15
දක්වා

පැල සිටුවීම
ජුනි 15 -30
දක්වා



වී වගාව සිදු කරන අකාරය

1.බිම් සකස් කිරීම

වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.

කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
සාර්ථක වල් පැලෑටි මර්දනය
කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
‍හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම
2.මඩට බිම් සකස් කිරීම (තෙත් ආකාරයට)

මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ.

3.පළමු සී සෑම
(බිං නැගුම, පුරන් හීය)

පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 - 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැ‍ටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය.

4.දෙවන සී සෑම
(මද හීය - මඩ හීය)

පළමු සී සෑම සිදුකර දින 10 - 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පො‍හොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ.

ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් ‍කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න.

5.නියර බැදීම
(මඩ තබා ඔප මට්ටම් කිරීම)

පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් ‍කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ.

6.මඩ කිරීම හා මට්ටම් කිරීම
(පෝරුගෑම)

පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න.

පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි ‍පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය.

ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය.

නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ.

7.වී බීජ වැපිරීම



වී වර්ග

පැරණී වී වර්ග : පොඩි වී , පෙරිය වෙල්ලෙයි , කුරුළු තුඩ , කොහු මාවී , - මාස 05යි.

මේවයේ විශේෂ ලක්ෂණ:

අස්වැන්න අඩුවීම.
පත්‍ර නැවී තිබීම.
ඇද වැටීම.
උස වැඩිවීම.
කද දුර්වල වීම.
පිදුරු වැඩිවීම.(පිදුරු අනුපාතය 8:6)
ධාන්‍ය බර වැඩිය.
රසායනික පොහොර වලට දක්වන ප්‍රතිචාරය අඩුවීම.
බතේ රසවත් බව වැඩිය.
රෝග හා පළිබෝධ වලට දක්වන හැකියාව වැඩිය.


දෙමුහුම් වර්ග

1940 පසුව දෙමුහුම් කිරීමෙන් ලබාගත් වර්ග H4, H7, H8

නව වැඩිදියුණු කල වී වර්ග

වී වර්ගය

ඔරොත්තුදීම

BG-300

දුඹුරු පැළ කීඩෑව,කොලපාළු රෝගය

BG-304

දුඹුරු පැළ කීඩෑව,ගොප් මැස්ස

BG-352

දුඹුරු පැළ කීඩෑව

BW-302

ලවනතාවය,යකඩ විෂවීම

AT-303

ලවනතාවය

BG-400-1

යකඩ විෂවීම,කොළ අංගමාරය

LD-66

යකඩ විෂවීම

නිපද වූ අභිජනන මධ්‍යස්ථාන

BG - බතලේගොඩ වී පර්යේෂණායතනය

BW - බෝබුවල වී පර්යේෂණායතනය

LD - ලබුදූව වී පර්යේෂණායතනය

AT - අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානය

පරිසර තත්ත්ව

තෙත් නිවර්තන වඩාත් සුදුසුයි වේ.

වර්ෂාව:-

හොදින් පැතුරුණු වර්ෂාපතනයක් අවශ්‍ය වේ.වාරී ජලය යටතේ හොදින් වගාකර ඈත.අධික වර්ෂාව අහිතකරය.

(10-15 cm ජලමට්ටමක් , මේරීම දක්වා තබාගැනීම අවශ්‍ය වේ.)

උෂ්ණත්වය:-

උෂ්ණ දේශගුණය ප්‍රිය කරයි.වර්ධන අවධියේදී 20 0C – 34 0C මොටියන් වර්ධන අවධිය 32 0C – 340C

ආලෝකය:-

ආලෝකය ප්‍රිය කරන බෝගයකි,වැඩි ආලෝක තිවූරතාවයක් අවශ්‍ය වේ.

සුළග:-

මද සුළග යෝග්‍යය,බෝගය තුල වාතය දියුණු වීම,ප්‍රභාසංස්ලේෂණය වැඩිවීම,පරගනයට හිතකර වීම.

පස:-

මඩ වී වගාවට මැටි සහිත පසක් අවශ්‍ය වේ.එහි ජලය රැදී තිබේ.වැලි සහිත නම් ජලය සපයමින්, කාබනික පොහොර සපයමින් වගාකරයි.

PH:-

4.5 – 7.5 හොදින් වැඩේ.ආම්ලික,ක්ෂාරීය,ලවන පස්වල අස්වනු අඩුවේ.

වාතනය :-

මඩ පසේ O2 අඩුය.මෙය O2 අඩු පසේ වර්ධනය විය හැකි බෝගයකි.

වගා කාල:-

යල,මහ කන්න, තෙත් කලාපයේ මහ කන්නය වර්ෂා ජලයෙන් සහ යල කන්නය වැව් ජලයෙන් වගාකරයි.



මඩ වී වගාවේ කාර්යන්

ඇලවේලී ශුද්ධ කිරීම
නියර පැති ගැසීම
පුරන් කෙටීම
දෙවෙනිවර බිම් කෙටීම(දෙකෙටුම)
නියර මැදගැනීම
බිත්තර වී සපයාගැනීම
බිත්තර වී පෙගවීම(පැය 18 පමණ)
බිත්තර වී යහන් කිරීම(O2, උෂ්ණත්වය, තෙතමනය ලැබේ.)
තුන්වනු කෙටුම - වැපිරීමට සුදානම් කිරීම.
මුලික පොහොර යෙදීම - මඩ පොහොර (5:15:15)N:P:K
දින 0 - වැපිරීම/ පැල සිටුවීම.
දින 12 - වල් මර්ධනය (උචිත ක්‍රම යොදාගන්න)
දින 14 - පැල පරීක්ෂා කිරීම.(රෝග පළිබෝධ හදුනාගැනීම.)
පළමු මතුපිට පොහොර යෙදීම N ලබාදීම. යූරියා
දින 21 - පළල් පත්‍ර වල් පැල මර්ධනය (උචිත ක්‍රම යොදාගන්න)
පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)
දින 42 - දෙවන මතුපිට පොහොර යෙදීම N ලබාදීම. යූරියා
පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)
දින 70 - තුන්වන මතුපිට පොහොර යෙදීම - N – K, ලබාදීම(බංඩි පොහොර)
පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)

Rotawetaraya රොටවේටරය රොටවේටරය මූලික බිම් සැකසීමට, ද්විතීයික බිම් සැකසීමට හා අතුරුයත් ගෑමේ උපකරණයක් ලෙස ගොඩ මඩ ගොවිතැනේද...
17/02/2018

Rotawetaraya රොටවේටරය


රොටවේටරය මූලික බිම් සැකසීමට, ද්විතීයික බිම් සැකසීමට හා අතුරුයත් ගෑමේ උපකරණයක් ලෙස ගොඩ මඩ ගොවිතැනේදී භාවිතා වේ. මූලික හා ද්වීතියික බිම් සැකසීමට මෙන්ම පෝරු ගෑමට හා මඩ කිරීම සඳහා මඩ ගොවිතැනේදීත් පහසුවෙන් භාවිතා කළ හැක. නඟුල් තලයට බලය සපයන ආකාර අනූව වර්ග කිහිපයකින්ම දැකිය හැක.



සිවු රෝද ට්‍රැක්ටර් සඳහා උපකාරවීම හා රෝද දෙකේ ට්‍රැක්ටර් සඳහා වර්ග නිපදවේ. මෙහි තල 14 සිට 22 දක්වා රෝද දෙකේ ට්‍රැක්ටර් සඳහාද 16 – 20 දක්වා රොද හා ට්‍රැක්ටර් සඳහා භාවිත වේ.

Aluth Sahal Mangalyaya අලුත් සහල් මංගල්‍යය ලංකාව කෘෂිකාර්මික රටක් ලෙසත් වී ගොවිතැන ප‍්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවක් මෙරට ...
17/02/2018

Aluth Sahal Mangalyaya අලුත් සහල් මංගල්‍යය


ලංකාව කෘෂිකාර්මික රටක් ලෙසත් වී ගොවිතැන ප‍්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවක් මෙරට විසූ නිසාත් ඔවුන් සතුව ගොවිතැන හා බැදුණු ආගමික චාරිත‍්‍ර රැසක් පැවතියෙ ය. ගොවිතැන් කිරීමට පෙරත් අස්වැන්න නෙලා ගැනීමෙන් පසුවත් විවිධ ආගමික චාරිත‍්‍ර විධි බොහොමයක් දැකිය හැකි විය.ගොවියෝ දුක් මහන්සි වී තම ජීවිකාව කරගෙන යාමට වෙහෙසෙන අතර වේලාවට වැසි නොලැබුණොත් හා පලිබෝධ නාශකයන්ගෙන් හානි සිදු වුණොත් ජීවිකා වෘත්තිය කර ගැනීම අසීරුය.දැඩි වෙහෙස මහන්සියෙන් හා කැපවීමෙන් උපයාගත් අස්වැන්නේ මුල් කොටස තෙරුවන්ට හා දෙවියන්ට පිදීමට අපේ බෞද්ධ ගොවියෝ කිසිඳු පැකිළීමක් නොකළහ. අස්වැන්නේ පළමු කොටස දෙවියන් උදෙසා පුදා ආශිර්වාද ලබා ගත්තේය.සුබ දවසක, සුබ නැකතකට අනුව කපාගත් ගොයම් කොටස නිවසට ගෙන ගොස් සුවිශුද්ධ ලෙස වෙන් කරන කොටස් වලින් අවුරුදු පතා විහාර දේවාල සඳහා රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ කොටස් කරුවන් වීමට අපේ ගොවියෝ කිසිදා අමතක නොකළහ.අලුත් සහල් මංගල්‍යට දීර්ඝ ඉතිහාසයක් ඇතත් ගම්පොළ යුගය උදාවන විට විශේෂ ස්ථානයක් හිමි විය.

බටහිර පාලන කාලය තුළ අප සතු බොහෝ චාරිත‍්‍ර අපට අහිමි වුවත් නිදහස ලැබීමත් සමඟ සිරිත් විරිත් වලට යළි ප‍්‍රානයක් ලැබුණි. ඒ නිසාම කමතට ගොයම් ටික ගෙනා පසු සිතේ වූයේ පළමු කොටසින් දානය දිය යුතුය යන්නයි. මෙය මුලදී ගොවීන් වෙන් වෙන්ව තෙරුවන් හා දෙවියන් සඳහා පුදා අශිර්වාද ලබාගත් අතර පසුව සාමූහිකව කරන කටයුත්තක් ලෙසින් සිදුවිය.අස්වැන්න නෙලා ගැනීමෙන් පසු නිවසට ගෙනා පළමු වී කොටස වෙන් කළේ තෙරුවන් සඳහාය. එම වී වලින් අලුත් සහල් පිළියෙල කොට බත් පිස තෙරුවන්ට හා දෙවියන්ට පිදෙ. පසුව ඉඳුල් කෙරේ. මෙසේ ගමේ වෙන් වෙන්ව සිදු කළ මෙම පුද සිරිත් පසුව ගමේ සියලු දෙනා එක් වී මංගල්‍යයක් ආකාරයට සිදු කිරීමට මුල පිරීමෙන් එයට රජයේ අනුග‍්‍රහය ද ලැබුණු නිසා අලුත් සහල් මංගල්‍ය ආරම්භ විය.රජයේ අනුග‍්‍රහයෙන් සිදුකරන මෙම අලුත් සහල් මංගල්‍ය අද වන විට අනුරාධපුර ජය ශී‍්‍ර මා බෝධීන් වහන්සේ අභියස හා මහනුවර දළදා මාළිගාව අභියස පැවැත්වෙයි. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කළ ගම්පොළ, කතරගම කිරිවෙහෙර, පොළොන්නරුව ගල් විහාරය හා කළුතර බෝධිය අසල පැවැත්වේ.

Address

NO/17 ILUKEGAMA , KEKIRAWA
Kekirawa
228

Telephone

+94777206123

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagya Rice Mill posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share