Kandy Victoria Eco Resort

Kandy Victoria Eco Resort Kandy Victoria Eco Resort is one of the best boutique hotels in Kandy, Sri Lanka. For a luxury holiday in Kandy Visit us.
(1)

We deliver an experience combining elements of traditional and novel architecture with our stone-decorated walls. The hotel offers the best rooms with a unique combination of luxury and comfort. Beautiful panoramic views of the mountain ranges and the Victoria reserve visible to all of our rooms are a truly unique sight. It is set in a silent, calm, and quiet residential area in the city of Kandy.

The beautiful orchard garden full of birds chirping during the sunny daytime, adds beauty to the panoramic view of the area. Our hotel is ideally located near Kandy UNESCO World Heritage City and is only a 30-minute car ride away from Sri Dalada Maligawa (Temple of the Sacred Tooth Relic). Accommodation is available as well-appointed spacious rooms equipped with all facilities. The rooms are air-conditioned and include all luxury amenities that fulfil guests' every need. Each room comes with a balcony and a coffee table gives you a feeling of being in your nest. The indoor restaurant provides all kinds of cuisines and also includes an open-air BBQ restaurant. Our dedicated staff is always ready to meet your every need with warm Sri Lankan hospitality. Kandy Victoria Eco Resort is now open to guests to share the unique experience of living in Sri Lankan hospitality. Rest and rejuvenate while enjoying the Sri Lankan homestay.

10/08/2026
Hotel Room එකේ "Do Not Disturb (DND)" Board එකෙන් මොකක්ද වෙන්නේ?Hotel room එකකට ගියාම දොරේ එල්ලලා තියෙන "Do Not Disturb ...
27/07/2026

Hotel Room එකේ "Do Not Disturb (DND)" Board එකෙන් මොකක්ද වෙන්නේ?

Hotel room එකකට ගියාම දොරේ එල්ලලා තියෙන "Do Not Disturb (DND)" board එක දැකලා තියෙනව නේද? 😌

ඒක මේ එල්ලලා තියෙන්නේ decoration එකකට නම් නෙවෙයි. ඒක hotel stay එකේ වැදගත්ම privacy feature එකක්.

👉 Do Not Disturb (DND) කියන්නේ "දැන් නම් මගේ room එකට එන්න එපා" කියලා hotel staff එකට දෙන polite message එකක්.

මේ board එක භාවිතා කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා.

1. 😴 මහන්සි වෙලා නිදාගෙන ඉන්නවා නම්.

2. 💻 Work කරනවා නම්, online meeting එකක් තියෙනවා නම්, හෝ phone call එකක ඉන්නවා නම්.

3. 👨‍👩‍👧‍👦 Family එකත් එක්ක හෝ ❤️ partner එක්ක private time එකක් ගත කරනවා නම්.

සාමාන්‍යයෙන් DND board එක දාලා තිබුණොත්, housekeeping staff එක room එක clean කරන්න හරි , දොරට තට්ටු කරන්න හරි එන්නේ නැහැ. ඒ නිසා ඔයාට කිසිම බාධාවක් නැතුව stay එක enjoy කරන්න පුළුවන්.

හැබැයි DND board එක දිගටම දාලා තිබුණොත්, room cleaning, towel replacement හෝ amenity refill වගේ services ප්‍රමාද වෙන්න පුළුවන්.

ඒ නිසා room එක clean කරවගන්න ඕනේ නම්, නැත්නම් housekeeping service එක අවශ්‍ය නම්, DND board එක ඉවත් කරන්න අමතක කරන්න එපා.

💡 Smart Tip:

Room එකෙන් පිටවෙලා යනකොට DND board එක ඉවත් කළොත් housekeeping team එකට room එක පිරිසිදු කරලා, නැවත fresh condition එකෙන් සූදානම් කරන්න පහසු වෙනවා.

🍃 Kandy Victoria Eco Resort එකේ අපිත් අපේ guests ලාගේ privacy සහ comfort දෙකටම එක වගේ වටිනාකමක් දෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට නිදහසේ සහ සුවපහසුවෙන් stay එක enjoy කරන්න පුළුවන්.

🤔 ඔයා hotel එකක stay කරනකොට Do Not Disturb (DND) board එක භාවිතා කරලා තියෙනවද? නැත්නම් අද ද ඒකේ තේරුම දැනගත්තේ? 👇

✨ Every stay has a story… and we are grateful to be a part of those special moments. 💚Thank you, Miss. Siggi, for choosi...
19/07/2026

✨ Every stay has a story… and we are grateful to be a part of those special moments. 💚

Thank you, Miss. Siggi, for choosing Kandy Victoria Eco Resort to celebrate your birthday. Your kind words inspire our team to continue creating unforgettable experiences filled with warmth, comfort, and personalized care. 🌿

Here’s to more beautiful memories overlooking the breathtaking Victoria Reservoir. 🤍

📍 Kandy Victoria Eco Resort

🌿 Your peaceful escape in the hills of Kandy

🍽️ Buffet (බුෆේ) කියන්නේ මොකක්ද?Hotel එකකට හරි restaurant එකකට හරි ගියාම "Buffet" (බුෆේ) කියලා option එකක් දැකලා තියෙනව ...
16/07/2026

🍽️ Buffet (බුෆේ) කියන්නේ මොකක්ද?

Hotel එකකට හරි restaurant එකකට හරි ගියාම "Buffet" (බුෆේ) කියලා option එකක් දැකලා තියෙනව නේ? 😌

👉 Buffet කියන්නේ ප්‍රංශ (French) භාෂාවෙන් ආපු වචනයක්.

හෝටලයක හෝ restaurant එකක විවිධ කෑම වර්ග එකම තැනක පිළිවෙළට සකස් කරලා තියෙන, Guests ලට තමන් කැමති කෑම තමන්ම තෝරාගෙන plate එකට අරගෙන කන්න පුළුවන් self-service dining style එකට තමයි Buffet කියන්නේ.

සාමාන්‍යයෙන් Buffet එකකදී,

🥗 Salads
🥣 Soups
🍛 Main Courses
🍰 Desserts

වගේ food stations කිහිපයක් තියෙනවා.

ගොඩක් අය Buffet එකක් කිව්වම හිතන්නේ "Unlimited කෑම" කියලා..... හැබැයි Buffet එකක වටිනාකම තියෙන්නේ වැඩියෙන් කන එකේ නෙවෙයි. විවිධ කෑම වර්ග නිදහසේ තෝරාගෙන රස විඳින එකේයි.

ඒ වගේම පොඩි Buffet Etiquette ටිකක් දැනගෙන හිටියොත්, dining experience එක තවත් රසවත් කරගන්නත් පුළුවන්.

👉 Buffet එකක් හරි විදිහට Enjoy කරන්නේ මෙහෙමයි.

✔ 1. මුලින්ම Buffet Counter එක සම්පූර්ණයෙන් බලන්න.

කෑම ගන්න කලින් තියෙන dishes ටික බලලා, කැමති දේවල් තෝරගන්න.

✔ 2. Plate එක එක පාරටම පුරවගන්න එපා.

පොඩි portions වලින් පටන් ගන්න. තවත් ඕනේ නම් ආයෙත් ගන්න පුළුවන්.

✔ 3. Meal එකේ පිළිවෙළ Follow කරන්න.

සාමාන්‍යයෙන් Salad / Starter → Soup → Main Course → Dessert කියන පිළිවෙළට කෑවොත් dining experience එක තවත් හොඳ වෙනවා.

✔ 4. විවිධ රස Try කරන්න.

Rice හෝ Noodles වලින් විතරක් plate එක පුරවගන්න එපා. Buffet එකේ තියෙන විවිධ dishes රස බලන්න.

✔ 5. Food Waste කරන්න එපා.

Buffet කියන්නේ කන්න බැරි තරම් කෑම ගන්න එක නෙවෙයි. කන්න පුළුවන් ප්‍රමාණයට විතරක් ගන්න එක තමයි හොඳ buffet etiquette එක.

✔ 6. අනෙක් Guests ලා ගැනත් හිතන්න.

Serving spoon එක ඒ dish එකටම භාවිතා කරන්න. Queue එක maintain කරලා හැමෝටම පහසුවෙන් buffet එක enjoy කරන්න ඉඩ දෙන්න.

💡 Smart Tip:

Buffet එකේ අරමුණ වැඩියෙන් කන එක නෙවෙයි. විවිධ කෑම වර්ග රස බලමින්, food waste නොකර, dining experience එක හොඳින් enjoy කරන එකයි.

🤔 ඔයා Buffet එකකට ගියාම මුලින්ම ගන්නේ Soup ද, Main Course ද, නැත්නම් Dessert ද? 👇

❤️ ආදරයෙන් පිරුණු නිදහස් රාත්‍රියක් ගත කරන්න Sky Pavilion එකට එන්න.....ජීවිතයේ ලස්සනම මතකයන් ගොඩනැගෙන්නේ, නිස්කලංක තැනක ...
14/07/2026

❤️ ආදරයෙන් පිරුණු නිදහස් රාත්‍රියක් ගත කරන්න Sky Pavilion එකට එන්න.....

ජීවිතයේ ලස්සනම මතකයන් ගොඩනැගෙන්නේ, නිස්කලංක තැනක දෙදෙනෙක් එකට ගත කරන සුන්දර මොහොතවල් වලදී. 🌿✨

Private Balcony එක, තරු පිරි අහස, ඔයාලටම වෙන් වුන Outdoor Bathtub එක, සුවපහසු King Bed එක සහ Victoria Lake එකේ නිස්කලංක දසුන... 💙

ඔයාලගේ Anniversary එකට, Honeymoon එකට, Birthday Surprise එකකට, නැත්නම් "Just Because I Love You" කියන්නත් Sky Pavilion එක තමයි හොඳම තැන. 🥂💕

අදම ඔබේ Romantic Getaway එක වෙන්කරගෙන, ආදරය තවත් ලස්සන මතකයක් බවට පත් කරන්න. ❤️

📍 Kandy Victoria Eco Resort

📩 Inbox කරන්න හෝ අදම ඔබේ Booking එක වෙන්කරගන්න.

🍽️ Set Menu කියන්නේ මොකක්ද?Hotel එකකට හරි, restaurant එකකට හරි ගියාම "Set Menu" කියලා option එකක් දැකලා තියෙනවද? 😌ගොඩක් ...
12/07/2026

🍽️ Set Menu කියන්නේ මොකක්ද?

Hotel එකකට හරි, restaurant එකකට හරි ගියාම "Set Menu" කියලා option එකක් දැකලා තියෙනවද? 😌

ගොඩක් අය හිතන්නේ මේකත් A la Carte Menu එක වගේ තමයි කියලා. හැබැයි මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා.

👉 Set Menu කියන්නේ restaurant එක හෝ hotel එක විසින් කලින්ම සැලසුම් කරලා තියෙන fixed meal plan එකක්.

Set Menu එකකදී කෑම එකවරම serve කරන්නේ නැහැ. Meal එක courses කිහිපයකට බෙදලා, පිළිවෙළට එකින් එක serve කරනවා.

සාමාන්‍යයෙන් 4-Course Set Menu එකකට ඇතුළත් වෙන්නේ,

🥗 1. Starter – Meal එක ආරම්භ කරන light appetizer එකක්.

🥣 2. Soup – Starter එකෙන් පසුව serve කරන warm soup එකක්. සාමාන්‍යයෙන් bread සහ butter එක්ක serve කරනවා.

🍛 3. Main Course – ප්‍රධාන ආහාරය. (Rice, Pasta, Noodles වගේ options)

🍰 4. Dessert – Meal එක අවසන් කරන sweet dish එක.

Set Menu එකේදී මේ courses කලින්ම plan කරලා තියෙන නිසා, A la Carte Menu එක වගේ menu එකේ තියෙන ඕනෑම dish එකක් freely තෝරගන්න සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි සමහර Set Menus වල එක් එක් course එක යටතේ options කිහිපයක් ලබාදෙනවා.

👉 Set Menu එකෙන් Order කරන්නේ කොහොමද?

✔ 1. Menu එක හොඳට කියවන්න.
මුලින්ම Set Menu එකේ ඇතුළත් courses සහ available options මොනවාද කියලා බලන්න.

✔ 2. එක් එක් course එක යටතේ තියෙන options වලින් කැමති එක තෝරගන්න.

උදාහරණයක් විදිහට Main Course එකේ Chicken Fried Rice, Mix Noodles, Grilled Fish වගේ options කිහිපයක් තියෙන්න පුළුවන්.

Breakfast Set Menu එකක් නම් Eggs වලට Fried, Scrambled, Omelette වගේ preparation methods තෝරන්න අවස්ථාවත් තියෙනවා.

✔ 3. Dietary requirements තියෙනවා නම් කලින්ම කියන්න.

Vegetarian, Vegan, Spicy preference හෝ Food allergies වගේ දේවල් කලින් දැනුම් දුන්නොත් kitchen team එකට ඒ අනුව prepare කරන්න පහසුයි.

✔ 4. Drinks ඇතුළත්ද කියලා අහන්න.

සමහර Set Menus වල Tea, Coffee හෝ වෙනත් drinks ඇතුළත් වෙන්න පුළුවන්. නැත්නම් drinks වෙනම order කරන්න වෙනවා.

✔ 5. Order එක confirm කරන්න.

Kitchen එකට order එක යවන්න කලින්, ඔයා තෝරගත්ත options හරියටම සටහන් කරලා තියෙනවද කියලා එක පාරක් confirm කරගන්න.

🍃 Kandy Victoria Eco Resort එකට එන ඔයාලට Breakfast, Lunch සහ Dinner තුනටම, 4-Course Set Menus රැසකින් කැමති options තෝරාගෙන රස විඳින්න පුළුවන්. ඊට අමතරව, A la Carte Menu එකෙන් 100+ Sri Lankan, Indian, Chinese සහ Western dishes අතරින් ඔයාගේ favorite dishes තෝරාගෙනත් order කරන්න පුළුවන්.

Freshly prepared meals, calm nature environment එකත් එක්ක, Victoria Reservoir එක දිහා බලමින් අමතක නොවන dining experience එකක් විඳින්න අපි ඔබට ආරාධනා කරනවා. 🌿

🤔 ඔයා වැඩියෙන්ම prefer කරන්නේ මොකක්ද — Set Menu එකද, නැත්නම් A la Carte dining experience එකද? 👇

Wake up to breathtaking mountain views, fresh morning air, and complete serenity. 🌿☀️Every sunrise is a reminder that th...
10/07/2026

Wake up to breathtaking mountain views, fresh morning air, and complete serenity. 🌿☀️

Every sunrise is a reminder that the best mornings begin with the perfect view. Your peaceful escape awaits at Victoria Eco Resort ❤️

📍 Book your stay today and wake up to moments like this.

🍽️ A la Carte කියන්නේ මොකක්ද?Hotel එකක restaurant එකට ගියාම “Buffet” එක වගේම තවත් option එකක් තමයි A la Carte කියන එක. 😌...
08/07/2026

🍽️ A la Carte කියන්නේ මොකක්ද?

Hotel එකක restaurant එකට ගියාම “Buffet” එක වගේම තවත් option එකක් තමයි A la Carte කියන එක. 😌
හැබැයි ගොඩක් අයට මේක ගැන clear idea එකක් නැති නිසා confuse වෙනවා.

"À la Carte" (ඇ-ලා-කාට්) කියන්නේ ප්‍රංශ (French) භාෂාවේ වචනයක්. එහි සරල තේරුම වන්නේ "මෙනුවට අනුව" (According to the Menu) කියන එකයි. ඒ කියන්නේ අපි හැමෝම දන්න normal menu එකට...

සරලවම කිව්වොත් menu එකෙන් ඔයාට ඕනේ dish එක විතරක් select කරලා order කරන system එකට....

ඔයාට ඕනේ Calm, private dining experience එකක් නම්, ඔයාට Light meal එකක් ඕනේ නම්, A la Carte එකෙන් ඕඩර් කරන්න. ඒ වගේම ඔයාට හම්බවෙන්නේ ඔයාටම කියලා freshly prepare කරපු dishes.

💡 Smart Tip:

A la Carte order කරනකොට preparation time එක ගැන කලින් අහලා plan කරගන්න. Especially tour plans එහෙම තියෙනවා නම්.

🍃 Kandy Victoria Eco Resort එකට එන ඔයාලට, අපේ A la Carte Menu එකෙන් Sri Lankan, Indian, Chinese සහ Western cuisine වලට අයත් dishes 100+ කට වැඩි ප්‍රමාණයක් අතරින් ඔයාගේ favorite dishes තෝරාගෙන order කරන්න පුළුවන්.

Freshly prepared meals, calm nature එක්ක ඉඳගෙන, Victoria Reservoir එක දිහා බලමින් රස විඳින්න අපි ඔබට ආරාධනා කරනවා.

🤔 ඔයා prefer කරන්නේ මොකක්ද — Buffet ද, A la Carte (ඇ-ලා-කාට්) dining experience එකද? 👇

Hotel Breakfast එකට Time Limit එකක් තියෙන්නේ ඇයි?Hotel එකක් book කරනකොට "Breakfast Included" කියලා දාලා තියෙනවා දැකලා ගො...
05/07/2026

Hotel Breakfast එකට Time Limit එකක් තියෙන්නේ ඇයි?

Hotel එකක් book කරනකොට "Breakfast Included" කියලා දාලා තියෙනවා දැකලා ගොඩක් අය සතුටු වෙනවා. හැබැයි breakfast included කියන එකෙන් අදහස් වෙන්නේ ඕනෑම වෙලාවක ගිහින් කන්න පුළුවන් කියන එක නෙවෙයි. මේ ගැන නොදන්න නිසා සමහර travelers ලාට හොඳ breakfast experience එකක් මිස් වෙනවා.

සාමාන්‍යයෙන් hotel එකක breakfast serve කරන්නේ නියමිත වේලාවක් ඇතුළතයි. බොහෝ hotels වල ඒක උදේ 7.00 AM – 10.00 AM අතර වුණත්, hotel එකෙන් hotel එකට ඒ වේලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා check-in කරන වෙලාවේ හරි, booking confirmation එකේ හරි breakfast time එක බලලා දැනගන්න එක හොඳ පුරුද්දක්.

එතකොට breakfast time එක miss වුණොත් මොකද වෙන්නේ?

බොහෝ වෙලාවට buffet එක close කරලා තියෙන්න පුළුවන්. කෑම remove කරලා තියෙන්න පුළුවන්. Kitchen එක lunch preparation පටන් අරගෙනත් තියෙන්න පුළුවන්. ඒ නිසා "Breakfast Included" වුණත්, ඒ වේලාව පහු වුණාම breakfast එක ලබාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.

තව වැදගත් දෙයක් තමයි, උදේම breakfast එකට ගියොත් සාමාන්‍යයෙන් සියලුම dishes fresh විදිහට සහ complete variety එකක් එක්ක ලැබෙනවා. හැබැයි අවසාන වෙලාවට ගියොත් සමහර dishes ඉවර වෙලා තියෙන්නත්, refill වෙන්න ටිකක් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා breakfast experience එකත් වෙනස් වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම tour එකක්, hiking එකක්, safari එකක් හෝ early checkout එකක් plan කරලා තියෙනවා නම් breakfast time එක කලින්ම සැලසුම් කරගන්න එක වැදගත්. සමහර hotels වල early breakfast හෝ breakfast pack එකක් arrange කරලා දෙන්නත් පුළුවන්. ඒ නිසා අවශ්‍ය නම් කලින්ම hotel එකෙන් අහලා දැනගන්න එක තමයි හොඳම දේ.

💡 Smart Tip:
Breakfast Included package එකක් book කරනවා නම්, breakfast serve කරන වේලාව කලින්ම confirm කරගන්න. එතකොට ගෙවපු package එකේ වටිනාකම උපරිමයෙන්ම ලබාගන්නත්, දවස හොඳ ආරම්භයක් එක්ක පටන් ගන්නත් පුළුවන්.

Kandy Victoria Eco Resort එකට එන ඔයාලටත් Victoria ජලාශය දිහා බලාගෙන, නිසංසල පරිසරයක fresh breakfast එකක් අරගෙන ම දවස ආරම්භ කරන්න පුළුවන් . 🌿

🤔 ඔයා hotel stay එකකදී breakfast එකට ඉක්මනින් යන කෙනෙක්ද, නැත්නම් අන්තිම මොහොතේ යන කෙනෙක්ද? පහළින් comment කරන්න! 👇

Address

No. 133, Royal Park 03, Singaragama, Thalathuoya
Kandy
20200

Alerts

Be the first to know and let us send you an email when Kandy Victoria Eco Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Victoria Eco Resort:

Shortcuts

Share