Ceylon Tea Story

Ceylon Tea Story " Symbol of freshness " Ceylon Tea Story is for share the information about history of ceylon tea industry

26/11/2025

Celebrating my 13th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

10/09/2025
19/07/2025
14/06/2025

තේ ගස නිවැරදිව කප්පාදු කරමු.

මේ ආරම්භ වී ඇත්තේ පහතරට තේ වගාවේ කප්පාදු සමයයි. නිවැරදිව සිදු කරන කප්පාදුව තේ වගාවේ අස්වැන්න විශාල ලෙස ඉහල දමන අතර ගසේ ආර් ථික ආයු කාලයද වැඩි කරනු ලබයි. නමුත් බොහෝ දුරට අක්‍රමවත් සහ වැරදි ලෙස තේ පදුරු කප්පාදු කිරීම හේතුවෙන් පදුරු මිය යන අතර ක්‍රමිකව සිදු වන අස්වනු අඩු වීම වගා කරුවන් තේ වගාවෙන් දුරස් කිරීමද සිදු කරනු ලබයි. එබැවින් වගාවට හානි නොවන පරිදි නිසි ආකාරයෙන් තේ පදුරු තප්පාදුව සිදු කරගන්නා ආකාරය මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

තේ පදුරු කප්පාදු කල යුත්තේ ඇයි ????

1. තේ පදුරේ උස යාම පාලනය තුලින් පහසු දලු තලයක් පවත්වා ගැනීමට
2. තේ පදුරේ වර් ධනය සක්‍රියව පවත්වා ගැනීමට
3. රෝග හා පලිබෝධ මර් ධනය මගින් තේ පදුර නිරෝගීව පවත්වා ගැනීමට
4. ඒකක බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට
5. තේ පදුරට ශක්තිමත් සැකිල්ලත් ලබා දීමට
තේ පදුර කප්පාදු කිරීම නිසි කාලයේදී කල යුතු අතර පහතරට තේ වගාව සදහා නිර් දේශිත කප්පාදු කාලය අප්‍රේල් සිට ජුනි දක්වා වන අතර යම් හේතුවක් මත එම කාලය තුලදී කප්පාදුව සිදු කිරීම අතපසු උවහොත් සැප්තැම්බර් / ඹක්තෝබර් මාස දෙක තුලද තේ පදුරු කප්පාදුව සිදුකර ගත හැක. කෙසේ වෙතත්, බුබුලු අංගමාරය ඇතිවන ප්‍රදේශ සදහා සුදුසුම කප්පාදු කාලය අප්‍රේල් සිට ජුනි දක්වා වන කාලයයි.
තේ කප්පාදුවෙන් පසු පදුරු මිය යන්නේ ඇයි????
කප්පාදුවෙන් පසු තේ පදුරු මිය යාම තේ ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන අතර නිසි ක්‍රමවේද වලින් බැහැරව සිදු කරන කප්පාදුව මෙයට හේතුවයි. තේ කප්පාදුව යනු තේ වගාවේ සිදුකරන වඩාත් අභියෝගාත්මත සහ අවදානම් සහිත ක්‍රියාවලියකි. එබැවින් කප්පාදුව ප්‍රධාන අදියර 03 ක් යටතේ සිදු කල යුතුය.
කප්පාදුවට පෙර ( පලමු අදියර)
• කප්පාදුව යනු තේ පදුරට සිදු කරන ශල්‍යකර් මයකි. එහිදී ‌තේ පදුරේ වර් ධක කොටස් 95% ක් පමණ කපා ඉවත් කරන අතර නැවත රිකිලි ලියලා ආහාර නිශ්පාදනය ආරම්භ කරන තෙක් තේ ගසට දැඩි ආහාර හිගයකට මුහුණ දීමට සිදු වෙයි. ගසේ ආහාර නිශ්පාදනය සිදු නොවන මෙම කාලය තුල සංචිත ආහාර මගින් තේ ගස ජීවත් වන අතර සංචිත ආහාර ප්‍රමාණය ගසේ පැවැත්මට ප්‍රමාණවත් නොවීම තුල තේ පදුර නැවත රිකිලි ලියලා ඒමකින් තොරව මිය යාම සිදු වේ. එබැවින් කප්පාදුවට පෙර මාසයක පමණ කාලයක් කප්පාදුව සිදු කරන තේ පදුරු වල දලු අස්වැන්න ලබා ගැනීම නතර කල යුතුය. එවිට තේ දල්ල මගින් නිපදවන සියලුම ආහාර තේ පදුර තුල තැම්පත් කර ගන්නා අතර කප්පාදුවෙන් පසු තේ පදුර සක්‍රියව පවත්වා ගැනීමටත්, ඉක්මනින් අලුත් රිකිලි ලියලා ඒමටත් එම සංචිත ආහාර වැදගත් වේ.
• තේ පදුර කප්පාදුවට මාස 02 පෙර පොහොර යෙදිම නතර කොට ගස විවෙික ගැනිමට සැලැස්වීම වැදගත්ය
• පහත රට තේ ඉඩම් සෑම වසර 03කටම වරක් කප්පාදු කිරීම සිදු කල යුතු අතර එම කප්පාදු අවස්ථාවේදී වගාවට ඩොලමයිට් යෙදීම ප්‍රමාණවත් වේ. නමුත් වගාවට අවශ්‍ය ලෙස නිසි පරිදි ඩොලමයිට් යෙදීමක් බොහෝ විට කුඩා තේ වතු හිමියන් තුලින් සිදු නොවීම හේතුවෙන්බොහෝ තේ ඉඩම් අඩු අස්වැන්නක් ලබා ගන්නා ඉඩම් බවට පත්ව ඇත. එබැවින් කප්පාදුවට සති 02 පෙර පසේ pH (පී.එච්) අගය පරීක්ෂා කොට නියමිත ඩොලමයිට් ප්‍රමාණය තේ ඉඩමට යෙදිය යුතුය. තාක්ෂණික දැණුම සහිත නිලධාරියකු ලවා පස් පරීක්ෂාවක් සිදු කර ගත යුතු අතර අවශ්‍ය නම් බව ර් පොහොර සමාගමෙහි උපදෙස් සහ ව්‍යාප්ති අංශ නිලධාරීන් මගින්ද ඹබට නොමිලේ පස් පරීක්ෂාවක් සිදු කර ගත හැක
කප්පාදුව (දෙවන අදියර)
• සෑම විටම තේ ගසට කොල 200 -300 ක් පමණ වන සේ අතු දෙකක් (හුලං අතු) ඉතිරි වන ලෙස තේ පදුරු කප්පාදුව සිදු කිරීම කල යුතු අතර එම අතු මගින් ගසට අවශ්‍ය පෝශණය අඛණ්ඩව සපයනු ලබයි. නව රිකිලි ලියලා ඒමෙන් පසු ඉතිරි කල හුලං අතු කපා ඉවත් කල හැක.
• පහත රට නියමිත කප්පාදු උස අගල් 18 – 22 අතර පවත්වා ගත යුතුය. අගල් 18 හෝ ඊට වඩා අඩුවෙන් කප්පාදුව සිදු කිරීම නිසා රිකිලි හට ගැනීම පහලින් සිදු වීමෙන් තේ පදුර ඇහිරීම නිසා අස්වැන්න අඩු වීම, රෝග ඇතිවීම සිදු විය හැක. එබැවින් තේ පදුරේ කප්පාදු උස අගල් 20 ට පවත්වා ගැනීම වඩාත් සුදුසුය
• කප්පාදුව සිදු කරන අතර තුර සියලුම රෝගී කොටස්, පලිබෝධ හානි ඇති කොටස්, දිරාගිය කොටස් සියල්ල මෙන්ම පැන්සලක මහතට වඩා අඩු අතු කොටස් සියල්ල කපා ඉවත් කරන්න
• කප්පාදුවෙන් පසු කප්පාදු තලය තේ අතු මගින් වසා දැමීමෙන් කප්පාදු තලය හිරු එලියට නිරාවරණය වීම නිසා වන හානි අවම වන අතර අලුත් රිකිලි හට ගැනීමට පෙර ඒවා ඉවත් කල යුතුය


කප්පාදුවෙන් පසු (තෙවන අදියර)
• අශ්වකෙදි අංගමාරය පැවති තේ වගාවක නම් කප්පාදුවෙන් පසු දිය ගැසූ හුණු කි. ග්‍රෑ. 50 ක් ජලය ලීටර 500 ක දියකර තේ ගස් වල කදට යොදන්න. අලුතින් රිකිලි ඇති වීමට පෙර මෙය සිදු කල යුතුය.
• තේ ගස් වටා මුල්ලු කිරීම මගින් අලුතින් වැඩෙන කිරි මුල් සදහා අවශ්‍ය පාංශු තත්වය ඇතිකල හැකි වන අතර එමගින් ඉදිරිකාලය තුල තේ ගසේ පෝශක උරා ගැනීම වේගවත් වන අතර එමගින් වැඩි අස්වැනනක් සහතික කරනු ලබයි
• කප්පාදු අතු තේ ඉඩමේ වල දැමීම ඇතැම් ගොවි මහතුන් සිදු කරන වැදගත් ක්‍රියාවලියකි. තේ නෙරයක් හැර නෙරයක් වන පරිදි අඩියක් ගැඹුරු කාණු සකසා සියලු කප්පාදු අතු නෙර අතර වලලා දැමීම මගින් පසේ කාබනික පොහොර ප්‍රමාණය ඉහල නංවාගත හැකි අතර එමගින් යොදන රසායනික පොහොර වල කාර්‍යක්ෂමතාවයද වැඩි කරනු ලබයි.
• අලුතින් ලියලා වැඩුණු රිකිලි අතු වල කොල 3 හෝ 4 ක් සම්පූර්ණයෙන්ම දිග හැරුණු විට හුලං අතු දෙක කපා දැමිය යුතුය. වඩාත් ඉක්මනින් හෝ ප්‍රමාධ වී හුලං අතු ඉවත් කිරීම තේ ගසට අහිතකර බලපෑම් ඇති කරනු ලබයි
• කප්පාදු මට්ටමේ සිට කොල 06 ක් පමණ ඉහලට අතු වැඩුන් පසු මට්ටම් කැපීම සිදුකල යුතුය
• කප්පාදුවෙන් පසු මට්ටම් අතු කපන අවස්ථාවේ තේ ඉඩමට පොහොර යෙදීම කල යුතුය. සාමාන්‍යයෙන් කප්පාදුව සිදු කිරීමෙන් මාස 02-03 ගතවන තුරු තේ වගාවට පොහොර යෙදීම සිදු නොකල යුතුය.
ඉහත සදහන් කල ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි තේ කප්පාදුව සිදු කරන්නේ නම් දිරියෙන් යුතු ශක්තිමත් තේ පදුරක් ලබා ගැනීම සහතික වන අතර එමගින් ඊලග කප්පාදුව සිදු කරන තෙක් අඛණ්ඩ ඉහල අස්වැන්නක් තේ පදුර මගින් ඹබට ලබා දෙනු ඇත. වයස්ගත නොවූ තරුණ තේ වගාවක නම් කප්පාදුවට පෙර පාලු ගණනය කර , කප්පාදුව සිදු කල වහාමපාලු සහිත ස්ථාන සදහා නව පැල සිටුවීමට වග බලාගත යුතුය.

දිමුතු හේවමානගේ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
උපදෙස් සහ ව්‍යාප්ති අංශය

10/04/2025
07/04/2025

Address

Kandy

Telephone

+94718286354

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category