09/08/2026
Happy Birthday මගේ පණ ❤️🎂🥺
මගේ ජීවිතේ මට ලැබුණු ලස්සනම තෑග්ගක් තමයි ඔයා. ❤️
ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් මගේ ලෝකෙට අලුත් අරුතක් ලැබුණා. අද අපි දෙන්නා විතරක් නෙවෙයි… අපේ පුංචි පැටියත් එක්ක අපිටම කියලා ලස්සන ලෝකයක් තියෙනවා. 🥹❤️අද අපේ පුංචි පැටියා ඔයාට “තාත්තා” කියලා ලෝකෙට හඳුන්වන තරම් ලස්සන ජීවිතයක් අපිට තියෙනවා. 🥹❤️ ඒක ගැන මම හැමදාම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
අපි දෙන්නාගේ ආදරයෙන් අද අපිට ලැබුණු ලස්සනම තෑග්ග අපේ පුංචි පැටියා. ❤️ ඒ පුංචි හදවත අපි දෙන්නාගේ ලෝකය තවත් ලස්සන කරලා.
ජීවිතේ හැමදාම එක වගේ ලස්සන නොවුණත්, සතුටේදීත් දුකේදීත්, හොඳ දවස්වලත් අමාරු දවස්වලත් මගේ ළඟින් ඉන්න ඔයා මට ලොකුම ශක්තියක්. ❤️
සමහර වෙලාවට මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා
වචනවලින් කියන්න මට බැරි වෙයි. ඒත් මගේ හිත ඇතුළේ තියෙන ඒ ආදරේ මට දැනෙන හැම මොහොතකම එක දෙයක් තේරෙනවා…
“මට ඔයා නැතුව මගේ ජීවිතය හිතන්නවත් බැහැ.” ❤️
මගේ හිනාවට හේතුවක් වෙලා, මගේ දුකේදී මගේ ළඟ ඉඳලා, මගේ අත අල්ලගෙන මේ ජීවිතේ මාත් එක්ක යන ඔයාට… අද ඔයාගේ උපන්දිනයේ මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයක්. 🙏❤️
ඔයාට දිගු, නිරෝගී, සතුටින් පිරුණු ජීවිතයක් ලැබෙන්න ඕන. ඒ ජීවිතේ හැම දවසකම මමත්, අපේ පුංචි පැටියත් ඔයාගේ ළඟින් ඉන්න ඕන. 🥹❤️
අපි තව අවුරුදු ගොඩක් එකට වයසට යමු.
අද වගේම හෙටත්, හෙටින් පස්සේත්, ජීවිතේ අවසාන දවස වෙනකම්ම මගේ ආදරේ ඔයාටමයි. ❤️
Happy Birthday මගේ ආදරේ… මගේ ජීවිතේ… මගේ පවුලේ හදවත… ❤️🎂🥰 Dilshan Manoj