Kalki Garden Cafe

Kalki Garden Cafe 🍃☮️🪬 𝗧𝗵𝗲 𝗗𝗿𝗲𝗮𝗺𝘀 𝗦𝘁𝗮𝗿𝘁 𝗛𝗲𝗿𝗲 🪬☮️🍃

පින්බර බිනර පුන් පෝය දිනයක් වේවා🙏✨
26/09/2026

පින්බර බිනර පුන් පෝය දිනයක් වේවා🙏✨

🌕✨ 𝑷𝒐𝒚𝒂 𝑫𝒂𝒚 — 𝑾𝒆 𝑨𝒓𝒆 𝑶𝒑𝒆𝒏 🌿🪷සල්ලි හදිස්සියක් නිසා පෝයට ශොප් දෙකම ඕපන් හොදේ😎🙏
25/09/2026

🌕✨ 𝑷𝒐𝒚𝒂 𝑫𝒂𝒚 — 𝑾𝒆 𝑨𝒓𝒆 𝑶𝒑𝒆𝒏 🌿🪷
සල්ලි හදිස්සියක් නිසා පෝයට ශොප් දෙකම ඕපන් හොදේ
😎🙏

ඍණාත්මක බව කියන්නේ…ජීවිතේ හැම ප්‍රශ්නයක්ම නිසා එන දෙයක් විතරක් නෙවෙයි.සමහර වෙලාවට අපි දවසින් දවස හදාගන්න පුංචි පුරුදු නි...
23/09/2026

ඍණාත්මක බව කියන්නේ…
ජීවිතේ හැම ප්‍රශ්නයක්ම නිසා එන දෙයක් විතරක් නෙවෙයි.

සමහර වෙලාවට අපි දවසින් දවස හදාගන්න පුංචි පුරුදු නිසාත්…
අපේ හිත බර වෙනවා. 🤍

ඒ නිසා මේ පුංචි පුරුදු ටික අද ඉඳන් පුරුදු කරලා බලන්න. 🌿

🌿 1. හැම ප්‍රශ්නයක්ම නැවත නැවත හිතන එක නවත්වන්න.
එකම සිදුවීම දහස් වතාවක් හිතුවා කියලා ඒකට අලුත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට හිත නිදහස් කරලා ඉස්සරහට යන එක තමයි හොඳම විසඳුම.

📵 2. ඍණාත්මක Content සහ ඍණාත්මක මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙන්න.
අපි නිතර බලන, අහන සහ ඇසුරු කරන දේවල් අපේ හිතට බලපානවා. හිතට සැනසීමක් නොදෙන දේවල්වලට වඩා, ඔබව දිරිමත් කරන දේවල් තෝරගන්න.

🙏 3. දවස අවසානයේ ස්තූති කරන්න පුළුවන් දේවල් 3ක් මතක් කරන්න.
ජීවිතේ නැති දේවල්වලට වඩා, අද ලැබුණු පුංචි ආශීර්වාද තුනක් මතක් කරන්න. කෘතඥතාව පුහුණු කළ හිතක ඍණාත්මක බව ටිකෙන් ටික අඩු වෙනවා.

🚶‍♀️ 4. දවසකට විනාඩි 10ක්වත් ඇවිදින්න.
හිත ගොඩක් බර දැනෙන දවසක වුණත්, ටිකක් එළියට ගිහින් ඇවිදින්න. සමහර වෙලාවට වෙනස් වෙන්නේ ප්‍රශ්නය නෙවෙයි… ඒ ප්‍රශ්නය දිහා බලන අපේ හිත.

🗣️ 5. ඔබ ඔබටම කතා කරන විදිහ වෙනස් කරන්න.
“මට බෑ”, “මම වාසනාවන්ත නෑ” කියන වචන වෙනුවට, “මම උත්සාහ කරනවා”, “මේකත් ගෙවී යයි” කියලා ඔබටම කියන්න. ඔබේ හිත වැඩියෙන්ම අහන්නේ ඔබේම වචන.

විශ්වය අපිට නිතරම මතක් කරන දෙයක් තියෙනවා… ✨

ඔබේ ශක්තිය යන තැනටම ඔබේ ජීවිතයත් ගමන් කරනවා.
ඒ නිසා හැමදාම ඍණාත්මක බවට ඉඩ දෙනවා වෙනුවට, හිතට සැනසීම ගෙනෙන පුංචි පුරුදු තෝරගන්න. 🤍

🌿 මේ පුරුදු 5න් ඔයා අදම පටන් ගන්නෙ මොකක්ද?
කමෙන්ට් එකකින් අංකය ලියන්න. 👇🏻

උපුටා ගැනීමකි..♥️🙏

21/09/2026

ඔන්න දැන් කොත්තු වලටත් රයිස් වලට වගේ කටු නැති චිකන් තමයි දාන්නේ සොසේජස් එක්කම
🫡♨️

විකුනන්න තියෙන Dio Bike මොනාද තියෙන්නේ 2019,2020 වගේ හොදින් පාවිච්චි කරපු 🫡(ඩිලිවරි පටන් ගන්නයි යන්නේ )
21/09/2026

විකුනන්න තියෙන Dio Bike මොනාද තියෙන්නේ 2019,2020 වගේ හොදින් පාවිච්චි කරපු 🫡

(ඩිලිවරි පටන් ගන්නයි යන්නේ )

21/09/2026

+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.

- ඒ කිවේ ??

ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න..

ඔයා ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න..

ඔයා ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න..

ඔයා ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න..

ඔයා ආස Public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ Privateව ජීවත් වෙන්න..

ඔයා ආස බල්ලොන්ට උනාට, සමහරු ආස පූසොන්ට..

සරලවම..
ඔයා ආස එකකට..
මිනිස්සු ආස වෙනමම දෙයකට..
ඔයාවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා..
මිනිස්සුන්ට ආදරේ කරන්න..
මිනිස්සුන්ව විනිශ්චය නොකර,
මිනිස්සුන්ට ඉන්න දෙන්න !
🪬🍃

උපුටා ගැනීමකි
🙏

Address

No 55/5, Graceland Circular Road
Horana
12400

Opening Hours

Tuesday 12:30 - 21:00
Wednesday 12:30 - 21:00
Thursday 12:30 - 21:00
Friday 12:30 - 21:00
Saturday 12:30 - 21:00
Sunday 12:30 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kalki Garden Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category