New Saman Group

Call Directions Website Contact the business

New Saman Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Saman Group, Tea room, New Saman Group Private Limited, Panilkanda Tea Factory, Ullinduwawa, Deniyaya.

For over two decades, New Saman Group has stood for authentic Sri Lankan cultivation, from tea and rubber to coconut, combining time honoured tradition with modern manufacturing to earn the trust of customers all around the world.

18/09/2026

Dearest gentle reader, today’s scandal is simply too delicious to ignore. 🎀🥞

American-style carrot pancakes made with 🥕 carrots, 🥚 2 eggs, ✨ vanilla & flour — fluffy, warm and dangerously good.

Paired, of course, with a freshly brewed cup of Panilkanda Tea. ☕🌿

Pancakes on the plate, Panilkanda in the cup, Bridgerton on the screen… suddenly the day became considerably better. 👑

Lady Whistledown would surely approve. 🎀

14/09/2026

😍💯

07/09/2026
03/09/2026

Panilkanda Tea අප හා සම්බන්ද අපගේ තේ වතු හිමියන්ගේ අදහස්.

පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවෙන් අපගේ දළු සැපයුම්කරුවන් වෙත සුවිශේෂී තෑග්ගක්! ඔබගේ නොමඳ කැපවීමට සහ අප කෙරෙහි තබන විශ්වාසයට...
03/09/2026

පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවෙන් අපගේ දළු සැපයුම්කරුවන් වෙත සුවිශේෂී තෑග්ගක්!

ඔබගේ නොමඳ කැපවීමට සහ අප කෙරෙහි තබන විශ්වාසයට කෘතගුණ සැලකීමක් ලෙස, මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බෝනස් දීමනාවක් ලබා දීමට අප තීරණය කර ඇත!

මෙම විශේෂ දීමනාව හිමිවන්නේ කාටද?

ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අඛණ්ඩව, ප්‍රමිතියෙන් ඉහළ තේ දළු අප වෙත සපයන ඔබ සැමට මෙම සුවිශේෂී බෝනස් මුදල ලබන මාර්තු මස අවසානයේදී පිරිනමනු ලැබේ.

අපේ වෙනස කුමක්ද?

බොහෝ කර්මාන්ත ශාලා සිදු කරන්නේ වසර පුරා ඔබගේම මුදල් යම් ප්‍රමාණයක් කපාගෙන, එය වසර අවසානයේ නැවත ඔබට බෝනස් ලෙස ලබා දීමයි. නමුත් පනිල්කන්ද අපි ඊට සම්පූර්ණයෙන්ම වෙනස්! අප කිසිදු අයුරකින් ඔබගේ මුදල් කපා ගන්නේ නැත. මෙම විශේෂ දීමනාව අප කර්මාන්ත ශාලාව විසින්ම අපගේ වටිනා ගොවි මහතුන්ගේ දියුණුව වෙනුවෙන්ම ලබාදෙන සැබෑම ත්‍යාගයකි.

අපගේ සාර්ථකත්වයේ රහස ඔබගේ උසස් ප්‍රමිතියෙන් යුතු තේ දළුයි. එබැවින්, දිගින් දිගටම ඉහළ ප්‍රමිතියෙන් යුතු දළු අපට සපයන ලෙසත්, නිව් සමන් ගෲප්, පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව සමග අත්වැල් බැඳගෙන සාර්ථක ගමනක් යන ලෙසත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

වැඩි විස්තර සඳහා අපගේ දළු නියෝජිත මහතා අමතන්න.

Award-winning Ceylon tea manufacturer in Sri Lanka. Local tea-leaf suppliers register here; international buyers visit panilkandatea.com.

Nikini Full Moon Poya Day commemorates the First Buddhist Council, when five hundred Arahants gathered under the leaders...
27/08/2026

Nikini Full Moon Poya Day commemorates the First Buddhist Council, when five hundred Arahants gathered under the leadership of Arahant Mahākassapa to preserve the Buddha’s teachings and discipline for future generations.

On this sacred Poya Day, let us listen to the Buddha’s teachings and embrace the true meaning of the Dhamma in our lives.

May we purify our minds, cultivate loving-kindness, compassion and wisdom, and take meaningful steps along the noble path towards Nibbāna.

Wishing everyone a blessed Nikini Full Moon Poya Day!

මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලා එක්ව, බුදුන් වහන්සේගේ උතුම් ධර්මය සහ විනය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුන් පොහෝ දිනයකයි.

මෙම පින්බර පොහෝ දිනයේ බුද්ධ දේශනාවකට සවන් දෙමින්, ධර්මයේ සැබෑ අරුත අපගේ ජීවිතයට එක්කර ගනිමු.

සිත පිරිසිදු කරගෙන, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වර්ධනය කරමින් අපට හැකි අයුරින් උතුම් නිවන් මඟට පියවර තබමු.

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🙏

14/08/2026

වසර තුනක් ගත වුවද,
ඔබ අප අතර නැති බව සිතට දැනෙන සෑම මොහොතකම, ඔබ තැබූ සලකුණු අපට නැවතත් ඔබව සිහි කරවයි.

ඔබේ දැක්ම, ඔබේ නායකත්වය, ඔබේ වෙහෙස සහ ඔබ මිනිසුන් සමඟ ගොඩනගාගත් විශ්වාසය — අදත් අපගේ ගමනට මඟ පෙන්වයි.

ඔබ ආරම්භ කළ ගමන නවතා නැත.
ඔබ තැබූ පදනම මත, ඔබ විශ්වාස කළ වටිනාකම් රැකගෙන, ඔබේ සිහින ඉදිරියට ගෙන යාම අපගේ වගකීමයි.

සමන් මහතාණෙනි,
ඔබ අප අතරින් වෙන්වී අදට වසර තුනක්...
නමුත් ඔබේ නමත්, ඔබේ සේවයත්, ඔබ තැබූ උරුමයත් සදා අමරණීයයි.

🙏 ගෞරවයෙන් හා ආදරයෙන් ඔබව සිහිපත් කරමු.

#ගුණසැමරුම #සමන්මහතා #සදාඅමරණීයයි

ඊ. පී. පියසේන (සමන් මහතා) - තෙවන ගුණානුස්මරණය !!අපෙන් සමුගෙන අදට වසර තුනක් ගත වුණත්, ඔබතුමාගේ දැක්ම, නායකත්වය සහ මිනිසුන...
13/08/2026

ඊ. පී. පියසේන (සමන් මහතා) - තෙවන ගුණානුස්මරණය !!

අපෙන් සමුගෙන අදට වසර තුනක් ගත වුණත්, ඔබතුමාගේ දැක්ම, නායකත්වය සහ මිනිසුන් වෙනුවෙන් කළ සේවය අදත් අප අතර ජීවමානයි.

1999 දී පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවට නව ජීවයක් ලබා දෙමින් ආරම්භ කළ ඒ ගමන, ව්‍යාපාරයක් ගොඩනැගීමකට පමණක් සීමා වුණේ නැහැ. තේ වගාකරුවන්ට විශ්වාසයක්, පවුල් රැසකට ජීවනෝපායක්, ප්‍රදේශයට ශක්තියක් සහ අනාගත පරපුරට ඉදිරියට යා හැකි මඟක් ඔබතුමා ගොඩනැගුවා.

"මිනිසුන් සමඟ එක්ව ඉදිරියට යාම”, ඔබතුමා අපට දුන් වටිනාම උරුමයන්ගෙන් එකක්.

අද අප ගන්නා සෑම ඉදිරි පියවරකම,
අප සමඟ සිටින සෑම තේ වගාකරුවෙකුගේම විශ්වාසය තුළ,
අප ගොඩනඟන සෑම අලුත් දෙයකම,
ඔබතුමාගේ දැක්ම සහ වටිනාකම් අපට මඟ පෙන්වනවා. 🤍

ඔබ ආරම්භ කළ ගමන මෙතැනින් නතර නොවේ.

ඔබතුමා ගොඩනැගූ උරුමය රැකගෙන, එය තවත් ශක්තිමත් කරමින් ඉදිරි පරම්පරාවන් වෙත ගෙන යාම අපගේ වගකීමයි.

ඔබතුමාගේ නාමයත්, සේවයත්, දැක්මත් අපගේ ගමන තුළ සදා ජීවත් වේ.

🙏ඊ. පී. පියසේන (සමන් මහතා) මැතිතුමනි, ඔබට අපගේ ගෞරවනීය මතකය සහ කෘතවේදීත්වය සදා හිමි වේ.

ඔබ ගොඩනැගූ උරුමය - අපි සදා ඉදිරියට ගෙන යන්නෙමු.

04/07/2026

Precision in every leaf. 🍂 There’s something so therapeutic about the look and texture of premium OPA grade tea. Pure leaf perfection.

02/07/2026

පොසොන් පොහොය නිමිත්තෙන් නිව් සමන් ගෲප් අපේ කණ්ඩායම විසින් සාදා නිම කරන ලද පොසොන් කූඩූව ඊයේ දින ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශනය කර අවසන් කලා.

මාළු පාන් දන්සලට, බෙලි මල් දන්සලට සහ කූඩුව නැරඹීම සඳහා එක් වූ ඔබ සැමට අප ස්තුතිවන්ත වන අතරම. මීළඟ වෙසක් පොහොය නිමිත්තෙන්ද අප ඉතා විශේෂ පිංකමක් කිරීමට බලාපොරොත්තු වනවා.

මෙම කූඩුව නිර්මාණය කිරීම ප්‍රධානියා වශයෙන් කටයුතු කල නුවන් සංජය මහතාටද, අපේ නිව් සමන් ගෲප් කණ්ඩායමේ මේ සඳහා උපකාර කල සියලුම සාමාජිකයන්ටද නිව් සමන් ගෲප් සමාගමේ උත්තමාචාරය.

Address

New Saman Group Private Limited, Panilkanda Tea Factory, Ullinduwawa
Deniyaya

Opening Hours

Monday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94705676302

Alerts

Be the first to know and let us send you an email when New Saman Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Saman Group:

Shortcuts

Share

Category