New Saman Group

New Saman Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Saman Group, Tea room, New Saman Group Private Limited, Panilkanda Tea Factory, Ullinduwawa, Deniyaya.

For over two decades, New Saman Group has stood for authentic Sri Lankan cultivation, from tea and rubber to coconut, combining time honoured tradition with modern manufacturing to earn the trust of customers all around the world.

14/08/2026

වසර තුනක් ගත වුවද,
ඔබ අප අතර නැති බව සිතට දැනෙන සෑම මොහොතකම, ඔබ තැබූ සලකුණු අපට නැවතත් ඔබව සිහි කරවයි.

ඔබේ දැක්ම, ඔබේ නායකත්වය, ඔබේ වෙහෙස සහ ඔබ මිනිසුන් සමඟ ගොඩනගාගත් විශ්වාසය — අදත් අපගේ ගමනට මඟ පෙන්වයි.

ඔබ ආරම්භ කළ ගමන නවතා නැත.
ඔබ තැබූ පදනම මත, ඔබ විශ්වාස කළ වටිනාකම් රැකගෙන, ඔබේ සිහින ඉදිරියට ගෙන යාම අපගේ වගකීමයි.

සමන් මහතාණෙනි,
ඔබ අප අතරින් වෙන්වී අදට වසර තුනක්...
නමුත් ඔබේ නමත්, ඔබේ සේවයත්, ඔබ තැබූ උරුමයත් සදා අමරණීයයි.

🙏 ගෞරවයෙන් හා ආදරයෙන් ඔබව සිහිපත් කරමු.

#ගුණසැමරුම #සමන්මහතා #සදාඅමරණීයයි

ඊ. පී. පියසේන (සමන් මහතා) - තෙවන ගුණානුස්මරණය !!අපෙන් සමුගෙන අදට වසර තුනක් ගත වුණත්, ඔබතුමාගේ දැක්ම, නායකත්වය සහ මිනිසුන...
13/08/2026

ඊ. පී. පියසේන (සමන් මහතා) - තෙවන ගුණානුස්මරණය !!

අපෙන් සමුගෙන අදට වසර තුනක් ගත වුණත්, ඔබතුමාගේ දැක්ම, නායකත්වය සහ මිනිසුන් වෙනුවෙන් කළ සේවය අදත් අප අතර ජීවමානයි.

1999 දී පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාවට නව ජීවයක් ලබා දෙමින් ආරම්භ කළ ඒ ගමන, ව්‍යාපාරයක් ගොඩනැගීමකට පමණක් සීමා වුණේ නැහැ. තේ වගාකරුවන්ට විශ්වාසයක්, පවුල් රැසකට ජීවනෝපායක්, ප්‍රදේශයට ශක්තියක් සහ අනාගත පරපුරට ඉදිරියට යා හැකි මඟක් ඔබතුමා ගොඩනැගුවා.

"මිනිසුන් සමඟ එක්ව ඉදිරියට යාම”, ඔබතුමා අපට දුන් වටිනාම උරුමයන්ගෙන් එකක්.

අද අප ගන්නා සෑම ඉදිරි පියවරකම,
අප සමඟ සිටින සෑම තේ වගාකරුවෙකුගේම විශ්වාසය තුළ,
අප ගොඩනඟන සෑම අලුත් දෙයකම,
ඔබතුමාගේ දැක්ම සහ වටිනාකම් අපට මඟ පෙන්වනවා. 🤍

ඔබ ආරම්භ කළ ගමන මෙතැනින් නතර නොවේ.

ඔබතුමා ගොඩනැගූ උරුමය රැකගෙන, එය තවත් ශක්තිමත් කරමින් ඉදිරි පරම්පරාවන් වෙත ගෙන යාම අපගේ වගකීමයි.

ඔබතුමාගේ නාමයත්, සේවයත්, දැක්මත් අපගේ ගමන තුළ සදා ජීවත් වේ.

🙏ඊ. පී. පියසේන (සමන් මහතා) මැතිතුමනි, ඔබට අපගේ ගෞරවනීය මතකය සහ කෘතවේදීත්වය සදා හිමි වේ.

ඔබ ගොඩනැගූ උරුමය - අපි සදා ඉදිරියට ගෙන යන්නෙමු.

04/07/2026

Precision in every leaf. 🍂 There’s something so therapeutic about the look and texture of premium OPA grade tea. Pure leaf perfection.

02/07/2026

පොසොන් පොහොය නිමිත්තෙන් නිව් සමන් ගෲප් අපේ කණ්ඩායම විසින් සාදා නිම කරන ලද පොසොන් කූඩූව ඊයේ දින ඉතා සාර්ථක ලෙස ප්‍රදර්ශනය කර අවසන් කලා.

මාළු පාන් දන්සලට, බෙලි මල් දන්සලට සහ කූඩුව නැරඹීම සඳහා එක් වූ ඔබ සැමට අප ස්තුතිවන්ත වන අතරම. මීළඟ වෙසක් පොහොය නිමිත්තෙන්ද අප ඉතා විශේෂ පිංකමක් කිරීමට බලාපොරොත්තු වනවා.

මෙම කූඩුව නිර්මාණය කිරීම ප්‍රධානියා වශයෙන් කටයුතු කල නුවන් සංජය මහතාටද, අපේ නිව් සමන් ගෲප් කණ්ඩායමේ මේ සඳහා උපකාර කල සියලුම සාමාජිකයන්ටද නිව් සමන් ගෲප් සමාගමේ උත්තමාචාරය.

30/06/2026

New Saman Group has officially brought a dream to life with this magnificent Poson Lantern creation! From a simple blueprint to a massive reality, this has been an incredible journey of pure teamwork and dedication.

A massive thank you to our chief designer, Sanjaya Nuwan, and the unstoppable team who worked tirelessly night and day to make this happen!

Let’s celebrate this Poson season with hearts full of faith and minds aligned with the Dhamma.

Come and witness this beautiful creation live! See you all there!

29/06/2026

නිව් සමන් ගෲප් (New Saman Group) කණ්ඩායමේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ සාමූහික ශක්තිය මල්ඵල ගන්වමින්, ප්‍රථම වරට පනිල්කන්ද තේ කම්හල් පරිශ්‍රයේ ඉදිවුණු මහා පොසොන් පහන් කූඩු උදාර කලා නිර්මාණයේ සුන්දර දසුන් පෙළයි මේ!

මෙවැනි අලංකාර ආමිස පූජාවන්ගෙන් බුදුන් වහන්සේව ශ්‍රද්ධාවෙන් යුතුව සිහිපත් කරන අතරම, උන්වහන්සේ වදාළ උතුම් සද්ධර්මය අපගේ එදිනෙදා ජීවිත තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නටත් මේ පින්බර පොසොන් සමයේ අප සැම අදිටන් කර ගනිමු.

මෙම මහා කලා නිර්මාණයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස තම අද්විතීය කලා කුසලතාවයෙන් සහ මඟපෙන්වීමෙන් මෙයට ජීවය දුන් සංජය නුවන් සොහොයුරාට අපගේ විශේෂ ගෞරවය හා ස්තූතිය හිමිවිය යුතුමයි!

එමෙන්ම, ඔහු සමඟ අත්වැල් බැඳගනිමින් දිවා රෑ නොබලා තම උපරිම ශ්‍රමය, දහඩිය සහ කැපවීම ලබා දෙමින් මේ සිහිනය සැබෑවක් බවට පත් කළ මුළු කණ්ඩායමටම අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටිනවා! ඔබේ අසිරිමත් සාමූහික ප්‍රයත්නය සැබවින්ම අසමසමයි.

මෙම මහා කලා නිර්මාණය සජීවීව දැකබලා ගැනීමට ඔබ සැමට අරාධනා !!

Nature always knows how to put on a show. Just a vibrant morning view from the estate.
26/06/2026

Nature always knows how to put on a show. Just a vibrant morning view from the estate.

නිව් සමන් ගෲප් (New Saman Group) අපේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමෙන්, ප්‍රථම වරට පනිල්කන්ද තේ කම්හල් පරිශ්‍රයේ ඉදිවන මෙම ම...
23/06/2026

නිව් සමන් ගෲප් (New Saman Group) අපේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමෙන්, ප්‍රථම වරට පනිල්කන්ද තේ කම්හල් පරිශ්‍රයේ ඉදිවන මෙම මහා පොසොන් පහන් කූඩුව දැකබලා ගැනීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

මෙවැනි ආමිස පූජාවන්ගෙන් බුදුන් වහන්සේව උපහාරයට ලක් කරන අතරම, උන්වහන්සේ වදාළ උතුම් ධර්මය අපගේ එදිනෙදා ජීවිත තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටත් මෙවර පොසොන් පෝ දින අදිටන් කර ගනිමු.

කිසිදු වෙහෙසක් නොබලා මේ අසිරිමත් නිර්මාණය සාර්ථක කර ගැනීමට දිවා රෑ වෙහෙසුණු අපගේ මුළු කණ්ඩායමටම හදවතින්ම ස්තූතිවන්ත වන අතර, පහන් කූඩුව නරඹන ගමන්ම ඔබ සැම වෙනුවෙන් සූදානම් කර ඇති විශේෂ බෙලි මල් දන්සලෙන් සැනසෙන්නටත් පවුලේ සැම සමඟ එකතු වන්න.

📅 දින: ජූනි 29, 30 සහ ජූලි 01
⏰ වේලාව: සවස 6.00 සිට
📍 ස්ථානය: පනිල්කන්ද තේ කම්හල් පරිශ්‍රය (Panilkanda Tea Factory)

ඔබ සැමට ආරාධනා! 🙏

වසර 8ක ට අධික කාලයක් අප හා එක්ව සිටි සුජීවා අප ආයතනයෙන් ඉවත් වන අතර, එතුමිය සියලු දළු හිමියන් සමඟ සහ අපගේ සියලුම සහෝදර ස...
13/06/2026

වසර 8ක ට අධික කාලයක් අප හා එක්ව සිටි සුජීවා අප ආයතනයෙන් ඉවත් වන අතර, එතුමිය සියලු දළු හිමියන් සමඟ සහ අපගේ සියලුම සහෝදර සේවකයන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු සිදුකලා. එතුමියගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා අපි සැවොම ප්‍රාර්තනා කරමු.

Congratulations on completing an amazing 8+ years at Panilkanda Tea, Sujeewa! Wishing you all the very best and great success in your next chapter and all your future endeavors. You will be missed!

Address

New Saman Group Private Limited, Panilkanda Tea Factory, Ullinduwawa
Deniyaya

Opening Hours

Monday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94705676302

Alerts

Be the first to know and let us send you an email when New Saman Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Saman Group:

Shortcuts

Share

Category