SL Cricket Fanz

SL  Cricket Fanz If u r suffering from cricket fever pls follow us ..

06/08/2026

A.I.
තෙවන කොටස

"ලවන්, අපිට බැරිද ඒ වීඩියෝ එක අයින් කරන්න?"

මීෂා, ලවන්ට කෙටි පණිවිඩයක් යැව්වා.

"අයින් කරන්න? මම හිතන්නේ නෑ පුළුවන් වෙයි කියලා. අනික අයින් කළත් ඕවා සමහරු සේව් කරගෙන හෙම ඉන්නවනේ!"

"අනේ ලවන් කොහොමහරි ඔයාගෙ යාළුවට කියලා මේක අයින් කරලා දෙන්න. මට හරි අවුල්."

"හරි, මම අහලා කියන්නම්කෝ!"

ලවන් කිව්වට පස්සේ මීෂට පොඩි හරි සැනසීමක් දැනුණා. ඒත් ලවන් කිව්වා වගේ දැන් ඒ වීඩියෝව අයින් කරලා ඵලක් තියෙනවද? ඒක ලංකාවේ හැමෝම වගේ දැක්කා. අනික ඈන් දැන් ජීවතුන් අතරත් නෑ!

ඈන් තමන්ට විහිළු නොකළා නම්, තමනුත් ටිකක් ඉවසුවා නම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ නේද කියලා මීෂා කල්පනා කළා.

දවස ගෙවිලා ගියා. මීෂාගෙ අම්මා ගෙදර ආවා.

"යමු, බෙහෙත් ටිකක් ගන්න!"

මීෂා ගෙදරින් එළියට යන්න අකැමැත්තෙන් වුණත් ලෑස්ති වුණේ අම්මගෙන් බැනුම් අහන්න බැරිකමට.

මීෂාගෙ අම්මා ත්‍රීවිලයකට අත දාලා නවත්තගෙන මීෂත් එක්කම ඒකට ගොඩ වුණා. යන ගමන් අම්මා මොනවදෝ ඇහුවත් මීෂා හිටියේ වෙනමම ලෝකයක, නිහඬව.

"ආහ්, අර ළමයගෙ මළ ගෙදර නේද අර?"

අම්මා කියද්දියි මීෂා ගැස්සිලා වටපිට බැලුවේ. ඩිස්පැන්සරියට යන පාර වැටිලා තියෙන්නෙත් ඈන්ගේ ගේ ඉස්සරහින්.

"මළ ගෙදරට ගොඩ වෙනවද? ඔයාගෙ යාළුවෙක් නේද?"

මීෂගෙ අම්මා අහද්දි, මීෂාට දෙලොව රත්වුණා. ඇයට ඈන්ගේ නිසල සිරුරට වත් මුහුණ දෙන්න බෑ! ඇය බෑ කියලා හිස සැලුවා.

"යන්, යන්. ගිහින් යමු. හරි නෑනේ! මල්ලි පොඩ්ඩක් ඔය මළ ගේ ගාවින් නවත්තන්න. අපි විනාඩි පහෙන් එන්නම්!"

ත්‍රීවිලය නවත්තපු මීෂගෙ අම්මා බලහත්කාරයෙන් වගේ මීෂවත් ඇදගෙන මළ ගෙදරට පියමැන්නා.

මීෂට නම් ඈන්ගේ නිසල සිරුරට ළං වෙන්න ළං වෙන්න දැනුණේ තද සීතලක්, අඳුරු බවක්, භයංකාර බවක්. ඇයට වටපිටේ ඉන්න මිනිස්සු පෙනුණේ බොඳ වෙලා. පන්තියේ යාළුවොත් ඇවිල්ලා හිටියත්, එයාලා කතා කළත් මීෂට ඇහුණේ නෑ. ඇයට දැනුණා ඈන්ගේ ගේ ඇතුළෙන් ඈන්ගේ කටහඬ!

"මීෂා....ඔයා ආවද? ඇයි මට මෙහෙම කළේ?"

ඒ කටහඬ දිගේ මීෂා ඇදුණා. ලස්සන මිනී පෙට්ටියක, මල් ගොඩක් මැද්දේ, දිග සුදු ගවුමක් ඇඳන් ඈන් නිදි. එයා කලින් වගේ ලස්සන නෑ. කළු වෙලා, මැළවිලා!

මීෂට තවත් දරාගන්න බැරි වුණා. ඇයට දැනුණේ කකුල් පණ නැති වෙන බවක්.

"අ....අම්මේ!"

කියූ මීෂා සිහිසුන්ව බිම ඇදගෙන වැටුණා.
...................................

මීෂාට සිහිය එද්දි ඇය සිටියේ ඩිස්පැන්සරියේ. මීෂගේ අම්මා තවත් කීප දෙනෙක් එක්ක ඇයව වත්තන් කරගෙන ඉක්මනට වෛද්‍යවරයා ගාවට ඇවිත් තිබුණා. සිහිය එද්දිත් මීෂට තදබල ලෙස උණ ගැනිලා.

"දරුවා ඉන්නේ කම්පන තත්වයක වාගෙයි...අපි බලමු. ඖෂධ ප්‍රතිකාර අරන්, හොඳ නොවුණොත් ඉදිරි පියවර ගමු!"

බෙහෙත් අරන් මීෂාව ගෙදර එක්කන් ඇවිත්, ඇඳේ හාන්සි කරවපු මීෂගෙ අම්මා, ඒ වෙද්දි ගෙදර ඇවිත් හිටපු මීෂගෙ තාත්තට විස්තරේ කියනවා මීෂට හීනෙන් වගේ ඇහුණා.

"ඒ ළමයව දැක්ක ගමන් මෙයා කලන්තෙ දැම්මා අනේ!"

"හ්ම්, යාළුවො වෙන්න ඇතිනේ!"

"කෙල්ලව දැක්කම දුකේ බෑ. ලස්සන කෙල්ල අනේ. බලන්නකෝ කරගත්තු අපරාදේ!"

"ඒ වීඩියෝව බොරු එකක් කියලත් කියනව නේද?"

"ඔව්, මළ ගෙදරදිත් මට ඔහොම කතාවක් ඇහුණා. ඒ ගැන හොයන්න පොලිසියට බාර දෙනවා කියන්නේ! දැන් ඉතින් මොනවා කරත් මොකටද අනේ ළමයා නැතුව?"

"හ්ම්..."

අම්මා කියපු දේ ඇහුණු මීෂට නැති වුණ සිහිය ආයෙ ආවා වගේ වුණා.

"පොලිසියට බාර දෙනවා! ඒ කියන්නේ....ඒ කියන්නේ....වීඩියෝව බොරු එකක් බව අහු වෙයි, ලවන්ව, මාව අහු වෙයි! මම...මම කොහොමද එහෙම වුණොත් ජීවත් වෙන්නේ? ගෙදරින්, ඉස්කෝලෙන්, ගමෙන් මාව පන්නයි! ඈන්ගේ ගෙදර අය මාව මරයි! දෙයියනේ!!!"

මීෂා වහාම ලවන්ට කෙටි පණිවිඩයක් යැව්වා.

"ලවන්, ඔක්කොම විනාශයි! ඈන්ගෙ ගෙදර අය පොලිසියට කියන්නලු හදන්නේ වීඩියෝ එක ගැන. එහෙම වුණොත් අපිව අහු වෙයි! ඉක්මනට ඒක අයින් කරන්න කියන්න!"

මීෂා වෙව්ලුවා. ඔන්න ලවන්ගෙන් උත්තරයක්!

"මම දවල් මගෙ යාළුවගෙන් ඇහුවා. වැඩේ කරන්නම් කිව්වා. හැබැයි මීෂා ගාණක් දෙන්න වෙනවා!"

"කීයක් ද? කීය වුණත් කමක් නෑ!"

"හදනවට වඩා ගාණක් යනවලු වීඩියෝ එකක් ෆ්ලැට්ෆෝම්වලින් අයින් කරන්න. ඒක නිසා ලක්ෂයක්වත් යයිලු!"

"ලක්ෂයක්!!!"

මීෂා කල්පනා කළා. කලින් වීඩියෝව හදන්නත් රුපියල් පහළොස්දාහක් ගියා. ඇය ඒක හොයාගත්තේ කැට කඩලා, අම්මගෙන්, තාත්තගෙන් හොරෙන් අරන්, ක්ලාස් ෆීස් දෙන්නෙ නැතුව එකතු කරලා හෙම.

දැන් කොහොමද ලක්ෂයක් හොයන්නෙ? ඒක ලොකු ගාණක්නේ! ඒත් කොහොම හරි හොයන්න එපැයි. නැත්තම් වෙන්නේ තමන්ටත් සියදිවි නහගන්න.

"හොරකමක් කරන්න තමයි වෙන්නේ....අම්මගෙ රත්තරන් බඩුවක්! පස්සේ සල්ලි එකතු කරලා ආයෙ අරන් දෙනවා!"

තීරණයක් ගත්ත මීෂා ලවන්ට සල්ලි පහුවදාම දෙන බවට පොරොන්දු වුණා.

ඒත් එදා රෑ ඇයට නින්දක් නෑ. නිසලව නිදන ඈන්ගේ සුදුමැලි මූණමයි ඇයට මතක් වෙන්නේ.

"ඇයි මට මෙහෙම කළේ? මීෂා ඇයි මට මෙහෙම කළේ?"

ඈන් අඬ අඬා අහනවා ඇයට මැවි මැවී පේනවා.

"මට සමාවෙන්න ඈන්...මට සමාවෙන්න. මේක මෙච්චර දුරදිග යාවි කියලා මම හිතුවේ නෑ!"

මීෂත් අඬ අඬා කිව්වා. කොහොමහරි එදා රෑත් මීෂා ගෙව්වෙ නිදි වර්ජිතව.

පහුවදා අම්මා, තාත්තා ගෙදරින් ගිය ගමන් මීෂා කළේ අල්මාරිය ඇරලා අම්මගෙ රත්තරන් මාලයක් හොරෙන් ගත්ත එක. ඊට පස්සේ ලවන්ට පාරට එන්න කියලා ඒ මාලෙ දීලා උගස් කරලා සල්ලි ගන්න කියලා, වීඩියෝව ඉක්මනින් අයින් කරන්නත් මීෂා ඉල්ලුවා.

"හරි, හරි. මම වැඩේ කරන්නම්!"

ඊට පැය දෙකකට විතර පස්සේ පොරොන්දු වුණ විදියට වීඩියෝව සමාජ මාධ්‍යවලින් අයින් කළා කියලා ලවන්ගෙන් කෙටි පණිවිඩයක් ආවා. මීෂාත් සර්ච් කරලා බලලා, වීඩියෝව පේන්න නෑ කියලා දැනගෙන සැනසුම් සුසුමක් හෙලුවා.

ඒත් ඒ සැනසීම තිබුණේ ටික වෙලාවයි. මීෂට ඈතින් මූසල මළ බෙර වාදනයක් ඇහෙන්න පටන් ගත්තා. ඇය ජනේලයෙන් එබිලා ඒ හඬ එන දිහා බැලුවා. ඒ හඬ එන්න එන්න ළං වුනා. මළ බෙර වාදකයෝ එක්කම සුදු පාට කොඩි ගහගත්‍ත වාහන, සුදු ඇඳගත්‍ත මිනිස්සු පාර දිගට එනවා මීෂට පෙනුණා.

"ඈන්ගේ අවසන් කටයුතු අද!"

මීෂා ගල් ගැහිලා බලන් හිටියා.

දිග මිනී කාර් එකක, ඈන්ගේ මිනී පෙට්ටිය තියලා. ඒ වටේ මලුත් අතුරලා. මීෂා තවත් හොඳින් බැලුවා.

එකපාරටම මිනී පෙට්ටිය ඇරුණා! මීෂා ඇස් පිහදාලා හොඳින් බැලුවා.

ඔව්! ඈන්ගේ මිනී පෙට්ටිය ඇරුණා! සුදු ගවුමකින් සැරසුණු ඈන් මිනී පෙට්ටියෙන් නැගිටලා තමන් දිහා බලා ඉන්නවා මීෂා දැක්කා. මිනී පෙට්ටියෙන් නැගිට්ට ඈන්, මිනී කාර් එකෙන් බැහැලා පාරෙ අයිනකට වෙනවත් මීෂා දැක්කා.

මිනී කාර් එක පස්සෙන් සෙනඟ ඇදුණට පස්සේ පාරෙ ඉතිරි වුණේ ඈන් විතරයි! ඈන් තමන් දිහාම බලා ඉන්නවා.

මීෂා බයෙන් වෙව්ලන්න ගත්තා. මීෂා දිහාම බලා හිටපු ඈන් හෙමින් හෙමින් තමන්ගේ ගේ දිහාවට එනවා මීෂා දැක්කා.

"නෑහ්!.....ඈන්....ඈන් හොල්මනක් වෙලා...මාව හොයන් එනවා! එපා....එන්න එපා....එන්න එපා!"

බයෙන් විලාප දුන්න මීෂා ජනේලයෙන් මෑත් වෙලා කාමරයට ගිහින් ඇඳ යට හැංගුණා.
.......................................

"මේ ළමයට මොකක් වෙලාද? මොකද ළමයෝ වෙලා තියෙන්නේ?"

මීෂාගෙ අම්මයි, තාත්තයි වැඩ ඇරිලා හවස එද්දි මුළු ගේම හැඩි වෙලා. මීෂා ඇඳන් යට, පුටු පිටිපස්සේ, දොරවල් අස්සේ හැංගෙනවා, විලාප දෙනවා, අඬනවා, තනියම කියවනවා.

"ඇයි ළමයෝ, මොකක් වෙලාද මේ? පිස්සු හැදිලද?"

මීෂාගෙ අම්මා මීෂව අල්ලන් කොයි තරම් ඇහුවත් මීෂා කරන්නෙම අඬ අඬ, අමුතු කතා කියන එක.

"එ...එයා මගෙන් පළිගන්න ඇවිත් අම්මේ....මට එයත් එක්ක එන්නලු....එහෙට!"

"කව්ද ළමයෝ...කෝ කව්ද?"

"අ...අර...දොර ගාව ඉන්නේ අම්මේ!"

"කව්ද ළමයෝ? කෝ දොර ගාව කවුරුත් නෑනේ?"

"ඉන්නවා අම්මේ....මට කතා කරනවා. මට බයයි!"

"කව්ද ඉන්නේ?"

"ඈ....ඈන්!"

"ඈන්? අර නැතිවුණ ළමයා?"

"ඔව්, එයා හොල්මනක් වෙලා ඇවිත් අම්මේ...මාව එක්කන් යන්න..."

"ඒ මොකටද?"

මීෂගෙ අම්මා අහද්දි, හේතුව කියාගන්න බැරිව මීෂා අසරණ වුණා. අම්මට පිටිපස්සෙන් තවමත් ඈන් වියරු වැටිලා බලාගෙන ඉන්නවා වගේ මීෂාට පේනවා.

"මම සමාව ඉල්ලුවනේ ඈන්...අනේ මට දැන්ම එන්න බෑ...මට ඉන්න දෙන්න...ප්ලීස්!"

අත් දෙක එකතු කර කර, හිස් අවකාශයකට වඳින තමන්ගේ දුව දිහා, අම්මයි තාත්තයි බලා හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.

"මේ ළමයට මොකක් වෙලාද? අපි දැන් මොකද කරන්නේ?"

"වෙන මොකක් කරන්නද? බෙහෙත් ටිකක්වත් ගේන්න යන්න වෙයි. ළමයව ලැස්ති කරගන්න!"

"යමු මීෂා කාමරේට. ගිහින් ලෑස්ති වෙන්න බෙහෙත් ගන්න යන්න!"

මීෂගෙ අම්මා මීෂව කාමරයට තල්ලු කරගෙන ගියා.

"ඉක්මනට ලෑස්ති වෙන්න...මාත් වෙන ඇඳුමක් දාගෙන එන්නම්!"

මීෂගේ අම්මා ඉක්මනට මුහුණ කට සෝදගෙන, වෙන ඇඳුමක් දාගෙන ඇවිත් මීෂගෙ කාමරයට එබුණා. දැක්ක දසුනින් කම්පාවට පත් වුණ මීෂාගෙ අම්මා මහ හඬින් කෑගැසුවා.

"දුවේ, මොකද්ද ඔය කරන්න යන්නේ?"

මීෂා හිටියේ ඇඳ උඩ හිටගෙන, කාමරේ විදුලි පංකාවේ ඇඳ ඇතිරිල්ලකින් බෙල්ලට තොණ්ඩුවක් දාගන්න ගමන්.

වහා කාමරයට ඇතුල් වුණ මීෂගේ අම්මයි, තාත්තයි මීෂව තොණ්ඩුවෙන් ගලව ගත්තා.

"ඈන්...මට ජීවත් වෙන්න දෙන්නෙ නෑ අම්මේ...එයා මට බල කරනවා එයා එක්ක එන්න කියලා. මට වෙන කරන්න දෙයක් නෑ අම්මේ!"

මීෂා කෙඳිරිගගා මිමිණුවා. වහා ඇයව වත්තන් කරගත්ත දෙමාපියන් කුලී රියකින් ඇදුණේ වෛද්‍යවරයෙක්ගේ සරණක් හොයාගෙන.

ඉතිරිය අවසන් කොටසින්...
#කාගෙහරිකතාවක්

30/07/2026

මේ ලගදි මෝට බයික් මිල අඩු වෙනවද මම බයික් එකක් බ්ලන්න ගියා එලෙක්ට්‍රික් උන් මට නිතරම කෝල් ගහනව ඩ්න්න ග්න්න අඩු කරල දෙන්නම් කිය්ල

16/02/2026

Address

Srilanka Cricket
Colombo

Telephone

+94777310131

Website

Alerts

Be the first to know and let us send you an email when SL Cricket Fanz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share