01/05/2024
ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ වසර 40 ක විශ්වාසය දිනූ "ටෙස්ටා බේක් හවුස්" නවතම අවන්හල අප්‍රේල් මස 19 දින සුභ මොහොතින් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී විවෘත කෙරිණ.
මෙම අවස්ථාවට ගරු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා , වරාය හා ගුවන්තොටුපල අමාත්‍යාංශ ලේකම්,
ගුවන්තොටුපොල සභාපති තුමා , උප සභාපති තුමිය , සාමාන්‍යාධිකාරී තුමා , ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තුමා , බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා , බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා , නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ,සම්පත් බැංකු සභාපති තුමා , commercial bank ප්‍රධාන විධායක නිලධාරී තුමා,ටෙස්ටා බේක් හවුස් ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා ඇතුළු සම්භාවනීය අමුතුතන් සහභාගී වූහ.