Lalani Rupika

Lalani Rupika I am a Cross-dresser

04/04/2026
I am prepared for him. I am getting preparation for his roots and future.
20/06/2025

I am prepared for him. I am getting preparation for his roots and future.

11/03/2025

"ගැබ්බර ආදරය:
හ්ලිම්නින් සීරුවේ අමාරුවෙන් අදෙන් නැගිට ගත්ත ලලනි කුස්සියට ගියේ වතුර විදුරුවක් බොනනයි.සාලේ මැද බිත්තියේ ඔර්ලෝසුවෙන් වෙලාවත් බලාන ගිය ඇයට මතක් උනේ තව ටික වෙලාවකින් ‍රණවීර ගෙදර එන වෙලාවය. ඇය එය නොඉවසිල්ලෙන් බලා ඉන්න මොහොතකි.රණවීර මතක් වෙද්දි ඇය වම් අතින් ඇගේ කුස පිරිමදිමින් සතුටින් මාස හත හමාරක කුස තුළ වඩෙන දරු පටියා දැකීමේ ආශාව තව තවත් වැඩිකරගනී.රණවීර ගැන සෙනෙහස ඇයට ඇගේ දරු ගැබ මෝර මෝරා සතියෙන් සතිය ඉදිරියට එනකොට කියගන්න බැරි විදිහට වැඩිවෙයි. මුතුනායක මුදියාන්සේලාගේ රණවීර බණ්ඩාර කරුණාරත්න මුතුනායක 40 හැවිරිදි වියේ පසුවන කළු ,උඩු රැවුල වවාගත් සරම කමිසය අදින තරුණ විය පසුකරන්නට පටන් ගත් කෙනෙකි. ගෙද‍රින් කිලෝමීටරයක් විතර දුර නිට්ටඹුව කොළඹ පාරට මුහුණලා සිල්ලර බඩු කඩයක හිමි පාරම්පරික ඉඩම් හිමි කෙනෙකි.දරුවන් තුන් දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවාය. ලලනිද යාබද ගමේ පවුලක 25 හැවිරිදි දිගු වරලසක් හිමි උසේ හටියට මහත ඇති රූමත් තරුණියකි.රණවීරට වඩා අවුරුදු 16කින් අඩු ඇය සහ රණවීර අතරේ ඇති වූ ප්‍රේම සම්බන්දයක නිමාව වුයේ දෙදෙනා අඹු සැමියන් බවට පත් වෙමිනි.වයස් පරතරය බාධාවක් බවට පත් නොකරගත් ඔවුන්ගේ ආදර කතාවේ සුන්දර කාලය පැමිණී ඇත. ලලනි දැන් රණවීරගේ බිරිදය. ඔහුගේ ආදරය ඇගේ කුස තුළ මාස හත හමාරක් තිස්සේ වඩෙමින් මොරමින් පවති. දැන් ලලනි දහවල නින්දෙන් අවදි වී රණවීරගේ පැමිණීම බලාපොරොතුතුවෙන් සිටියි.ඔහු ගනම සිතමින් ඉබේටම ඉදිරියට නෙරා ආ කුස පිරිමදිමින් වතුර විදුරුවක් හෙමිහිට ඈ බිව්වාය. දර ටික ලිපේ ගිනි දල්වා තේ කේතලයට වතුර පුරවා ලිපේ තිබ්බේ තම සැමියාට ආ පසු තේ වතුර සදා දෙන අදහසින් ය. ඇයට දැන් උයන්නට බැරිය.නැන්දම්මාගෙන් හා නෑදෑයින්ගෙන් රස ආහාර නොඅඩුව ලබන්නීය. එහෙත් රණවීරට අඩුම තේ කොප්පයක් සදා දී ඔහු එය බොනවා බැලීම ඇගේ සතුටය.තේ කේතලය ලීපේ තබා ඇය දිය රෙද්ද එලියේ වලෙන් ගෙන ඇග සෝදා ගත්තේය. නැන්දම්මා ද රණවීරගේ අක්කා බැලීමට යෑමට සුදානම් වී සිටියේය.ඇග සෝදා ගත් පසු කාමරයට ගොස් දොර වසා පලමුවෙන්ම සුදු යට සාය බණ්ඩියට උඩිස්න් ඇදගත් ඈ ඒ දෙස බලා ආදරයෙන් බඩ පිරිමැද දරුවා වෙනුවෙන් සකසෙමින් පවතින ඇදුම් ඇයිත්තම් දෙස බලා එය ගෙන සිඹගෙන ඇදට උඩින් බිත්තියේ අලවා තිබු පොඩිත්තියකගේ පින්තුරය දෙස මොහොතක් බලා සිටියේය. ඊට පසු ඈ තනපටය ඇදීමට සුදානම් වී ඇගේ පියවුරු අතගා නොබෝදිනකින් තම දරු පටියාට කිරි දෙන අයුරු හිතින් මවාගෙන දරුවන් සම්බන්ධයෙන් රණවීර නිදි යහනේදිනක තෙපලු වදන් සිහිපත් කළේය.පසුව තන්පටය ඇදගත් ඈ නයිටියක් වගේ හඩය ගත් රෝසපාට ගැබ්බර මව් වරු අදින ගවුමක් ඇග දවටාගෙන කොනණ්ඩය පීරා හැඩ වැඩ වී එළියට පැමිණියාය.ඇගේ නන්දම්මා ඇයට රසම රස තේ කොප්පයක් හදා දී පිටත්ව ගියාය.තේ කොප්පය නීවීමට තබා රණවීර ගෙදරට පැමිණෙන වෙලාව හරියාගෙන එන බව දනගත් ඈ දොරොකොඩ උළු වස්සට හේත්තු වී සිටගත්තාය.
ලොකු උදරය සුමට අතගාමීන් සුමට සිනාවක් ඇගේ මුවේ මතුවිය. ඇගේ සිරුරේ සැහැල්ලු දැනීමක් වුවද, ඇය සිතන්නේම තමන්ගේ ජීවිතයේ විශේෂම අවස්ථාවක් විඳින බවයි.

"මගේ බබා... මගේ දරුවා... ම්යාගෙයි රණේගෙයි ආදරය, ඔයා හොදින් ඇතුළේ ඉන්නවා නේද පැටියෝ?" ඇය සන්සුන්ව තම උදරයට අත ගාමින් සිනාසෙමින් මුමුණයි.

එම මොහොතේ, රණවීර ලොරිය පදවාගෙන එන එන ඈතින් එන අයුරු දිස්විය . ඇගේ හදවතට ආදරය පිරෙන්නට විය. " පුතේ ආන්න තාත්ති එනවා" ඇය බඩේ ඉන්න දරුවා සමග කතා කරන්නට විය.ඇගේ බඩතුළ දගලමින් දරුවාද සිය මවට ප්‍රතිචාර දැක්විය.එය ඇගේ සතුට වඩිවෙන්නට හේතු විය,කෙතරක් සාරීරික වේදනා ආවද දරු සෙනෙහස ඒ සියල්ල සතුටට පරිවර්ථනය කලේය.
රණවීර සුමට සිනාවක් මුහුණේ තබා ගෙ දොරකොඩට පැමිණ " මගේ සුදු මණිකේ කියා ඇයගේ නළල් තලයය හාදුවක් දුන්නේය. ඇගේ අතින් ගෙන ගේ තුළට ඇතුළුවිය.
"ලලනි, මම ඔයාට අබාච්චාරු ගෙනාවා යෑයි ඔහු ඇයට පාර්සලයක් දුන්නේය.," ඔහු මෘදු කටහඩින් කියමින් ඇයගේ මූණට ආදරයෙන් නෙත් යොමා.
බලා සිටියේය.නැවත ලගට ගෙන සිප වළදගෙන ඇගේ උදරය අත ගගා ටික වේලාවක් හිටියේය. ලලනිගේ දෙතොල ම්තද වේලාවක් රස බැලු ඔහු බණ්ඩියේ සිටින දරුවාටද හාදුවක් දී ගොස් පත හොදා පැමිණ ලලනී සැදු තේ කොප්පයේ රස බැලුවේ ඇයටට්
ද උගුරක් දෙකක් පොවමිනි.
කාමරේ ඇද මත වාඩි වු ඔහු ඇගේ පැත්තට පැමිණ, ඇගේ දිගු කේශය අත ගාමින් ලලනිව ආදරයෙන් වැලඳ ගත්තා.

"ලලනි බබා, මට ලෝකේ හැම දෙයක්ම ඔයා. ඔයාගේ බණ්ඩියා ලොකු වෙලා තියෙන්නෙ අපේ බබා එන්න දන් ටික ටික කාලය එනවා... හැබැයි ඔයා ගොඩාක් ලස්සන වෙලා . මගේම බබෙක් ඔයගේ බඩ ඇතුළෙයි කියලා හිතද්දි මගේ හිත සතුටින් පිරෙනවා," රණවීර ඇයගේ බඩ මෘදු ලෙස අතගාමින් කියා සිටියා.

ලාලනි රන්වීර දීහා ආදරයෙන් බලා සිනාසෙමින් ඔහුගේ අත ඇගේ උදරය මත තබා, "ඔයාට දැනෙනවද ඔයාගේ බබා දගලනවා? ඔයාට ඔහුගේ එයා දග කරන හැටි දැනෙනවද?"

ඔහු සතුටින් ඇගේ උදරය මත තව දුරටත් අත තබා, "ඔව්! රත්තරන් මගේ දරුවා මට 'තාත්තා' කියලාම කතා කරනවා වගේ දැනෙනවා.!"

අයෙමත් රණවීර ඇගේ උදරයට හාදු පෙලක් දීගෙන ගියේය.. "මගෙ පුතේ, , මම ඔයාට ආදරෙයි! මම ඔයාගේ තාත්තා. අම්මා කියන දේ අහල ඉඳින්න ඉන්න ඕන හොදට,එයා හරිම හොඳයි!" කීවාය.

ලලනි සතුටින් රණවීරගේ හිස තුරුළු කරන් හාදුවක් දුන්නෙය. තම කුස මත
ඔහුගේ අත තබාගෙන තදින් අල්ලාගෙන ඔහු දිහා ඇස්පිය නොගසා දුගු වෙලාවක් බලා සිට ඔහුට තුරුළු වී උණුසුම විඳින්නට විය.

"රණේ, ඔයාට මතකද අපි එකට එකතු උන හටි, අපේ ආදරය... අපේ ජීවිතය... අපේ බබා අපි ගාවට ආව විදිය? ඇය මතක් කලාය

"ඔව්, මට මතකයි. ගොඩක් සතුටුයි, ලලා. මට ඔයා විතරමයි."

ඔහු ඇගේ තොල් මත සුමට මුව හොබවා ආදරයෙන් සිඹුවා. ඇගේ කුස මත අත තබා ආදරය ගැබ්බර කරන්නට විය . ලලනිගේ මුහුණේ අහිංසක සිනාවක් තිබුණි. ඇය

"රණේ, අපිට මේ ජීවිතේ ලැබුන සුන්දරතම තෑග්ග තමයි මේ දරුවා. ඔයාටත් මටත්. !"

"ඔව්, ලලනි! ඔයා මට ලැබුණු අතිශයම සුන්දර තෑග්ග. මම ඔයාට ආදරෙයි! අපේ පවුලට ආදරෙයි!"

ඔවුන් දෙදෙනාම එකිනෙකා මැද පැටලිමින්, එදිනෙදා ජීවිතයේ සියලු කල්පනාවන් අමතක කරමින්, ගැබ්බර ආදර මෝරන්නට ඉඩ දුන්නේය....

Address

Dehiwala
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lalani Rupika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category