Asha's kitchen

  • Home
  • Asha's kitchen

Asha's kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asha's kitchen, Restaurant, Kelaniya, .

13/08/2026

කටට සැරට රස වැහෙන අච්චාරු 😍😍😍

වෙරළු අච්චාරු 😍😍😍
13/08/2026

වෙරළු අච්චාරු 😍😍😍

කටට , සැරට කන්න ආස අයට.. 😍
26/12/2025

කටට , සැරට කන්න ආස අයට.. 😍

නිරෝගී දිවියකට වස විස නැති පළතුරු කමු...
26/12/2025

නිරෝගී දිවියකට වස විස නැති පළතුරු කමු...

අල බොන්ඩා.. වැස්ස නිසා සීතලට,කොච්චි දාලා සැර පදමට හදා ගත්ත අල බොන්ඩා... 😁😁ඉගුරු දාපු උණු උණු තේ එකක් සමග.. 😀😀
18/10/2025

අල බොන්ඩා..
වැස්ස නිසා සීතලට,කොච්චි දාලා සැර පදමට හදා ගත්ත අල බොන්ඩා... 😁😁

ඉගුරු දාපු උණු උණු තේ එකක් සමග.. 😀😀

14/08/2023

Copied~
ඇපල් හදවතට - පෙයාර්(ස්) බඩට
හැම වැටකුළු කරලකම දාර 10 ක් තියෙන බව ඔබ දන්නවාද ?
කලාතුරකින් දාර 9 ක් ඇති වැටකුළු කරලක් තිබිය හැකි අතර නොදැන හෝ එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත.
වැටකුළු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක.
එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් නිර්මාණය වූවක් බව අප මෙයට පෙර නිරීක්ෂණය කොට නොතිබුනේ මන්ද ?
ඔබ, මා, අප මෙයට පෙර දැන නොසිටි සොබා දහමේ තවත් අරුමයක් නම් ගොටුකොළයයි.
ගොටුකොළ කොළය හැඩවෙලා තියෙන්නෙත් මිනිස් මොළය හැඩේට බව දන්නේ කවුද ?
ගොටුකොළ කොළය සමඟ ඇති දිගු නටුව හෙවත් දණ්ඩ මොළය තුළින් පිටතට විහිදෙන සුෂුම්නාව (Spinal Code) මෙන් පිහිටා තියෙන්නේ කුමන අරුමයකටද ?
මල්ගෝවා වර්ග වු Broccoli හා Cauliflower කියන්නේ මොළය හැඩේ ගත්ත එළවළු. ඒ කියන්නේ ඒ ආහාරයන් මොළයට, බුද්ධියට, දැනුමට, මතකයට වඩා ගැලපෙන ආහාරයන්.
ඒ හා සමානව මුකුණුවැන්න කොළය සහ මිනිස් ඇස අතර ඇති සමානත්වය ඔබ මෙයට පෙර නිරීක්ෂණය කරනු ලැබුවේද ?
මුකුණුවැන්න හා පෙනීම (Vision) සම්බන්ධයෙන් හෙළ වෙදකමේ උපදෙස් දැන් අපට රහසක් නොවිය යුතුය.
මුරුංගා කරලක හරස්කඩ ස්නායුවකින් තවත් ස්නායුවක් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වන්නේ මුරුංගා ස්නායු පද්ධතියට, සංවේදී ශරීරයකට යහපත් ආහාරයක් බව කියමින්.
පොළොස් ගෙඩිය කැපුවම හරියටම මවකගේ පියයුරුවේ හරස්කඩ වගේ. ඒ කියන්නේ පොළොස් කියන්නේ මවකට කිරි එරෙන ආහාරයක්. කොස් කියන්නෙත් එයට නොදෙවෙනි එහිම විකාශය බව නොදන්නේ කවුද ?
ආමාශයේ ඉතා යහපත් ක්‍රියාකාරිත්වය නම් අප ගන්නා ආහාර හොදින් දිරවීම මඟින් ශරීරයේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය පෝෂ්‍ය කොටස් හොදින් අවශෝෂණය කරවීමයි. අග්න්‍යාශයේ හා ආමාශයේ හැඩය ගත් ගස්ලබු ගෙඩිය මෙන්ම ලබුගෙඩියද අග්න්‍යාශයේ සිට ආමාශය දක්වාවු කොටසට ගුණදායක බව මලබද්ධයට ලක්වු අවස්ථාවක එයින් මිදීමට ඉදුනු පැපොල් සෙවු අපට පෞද්ගලිකව අවබෝධයට ගත හැකිවු අවස්ථාවක් වු අයුරු දැන් සිහියට ගත හැක.
පතෝල නම් දිගැටි හැඩගත් එළවළුව මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලට ගුණදායක ආහාරයක් වන විට සියඹලා යනු කුඩා බඩවැලේ ක්‍රමාකුංචනය හොදින් සිදුකිරීමට දායකවන පළතුරක් බව අපට අමතක නොවිය යුතු කරුණකි.
කෙසෙල්, වම්බටු, කජු පුහුලන් ගැනද විග්‍රහ කරන්නට අවස්ථාව දැන් උදාවි ඇති බව සිහිපත් කරනු කැමැත්තෙමි.
පුරුෂයන් මෙවැනි ආහාර බොහෝ කොට ගැනීමෙන් ජිවිතයේ රස විඳීමට එය රුකුලක් වනු නියතය.
ඒ හා සමානව බංඩක්කා, වැල් පෙනෙළ, කුරුම්බා වගේම දුරියන් ගැනත් හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් නොවේද ?
ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් සරු ශුක්‍රානු නිපදවීමට රුකුල් දීම ශුක්‍ර හා සමාන සාරයන් සහිත එවැනි ආහාරයන්ගේ හැකියාවක් බව ඔබ මෙයට පෙර දැන සිටියාද ?
කටරොළු ස්ත්‍රී ශිරුරට වඩා ගුණදායක ඇයි කියා දැන් අපට රහසක් නොවිය යුතුය.
මේ විදියට සොබා දහම පුදුමය උපදවන ආශ්චර්යමත් දෙයක් බව සොබාදහමේ නිර්මාණයන්ම වු අප දැන සිටිය යුතු අත්‍යාවශ්‍ය කරුණු බව නොරහසක්.
සොබා දහමේ ආශ්චර්ය පෙන්වන එක් අවස්ථාවක් වු මේ එළවළු හා පළතුරු නිර්මාණය වී ඇති ආකාරය තවදුරටත් විමසන විට ඇපල් ගෙඩිය හදවතට හොද හෙවත් ගුණ ආහාරයක් වන්නේ එහි ඇති මිනිස් උඩු කයේ ස්වරූපය නිසා බව කෙසේ නිවැරදිව අප පහදා ගනිමුද ?
පෙයාර්(ස්) බඩට හොදවන්නෙත් ඒ අරුතින්ම බව දැන් කියමු.
යහපත් ආමාශයක් වෙනුවෙන් හා පිරුණු වටොරක් වෙනුවෙන් දැන් සිට පෙයාර්(ස්) කන්න යැයි දැන් යෝජනා කල හැක.
කොහොඹ, කෝමාරිකා, නෙල්ලි, රසකිඳ මෙන්ම ගම්මිරිස්, කෝපි, එනසාල් යනාදියද වී ඇටයද, තිරිඟු ඇටයද, ඉරිඟු කරල හා එහි බීජද ගැන හෙළ වෙදකමෙන් හෝ අපරදිග වෛද්‍ය කර්මයෙන් හෝ නවින වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ හෝ තවදුරටත් සොයා බලන්නට පෙළඹෙන්නේ නම් එය මිනිස් ශිෂ්ඨාචාරය විසින් විශ්වය හඳුනාගැනීම වෙනුවෙන් කළ තවත් පිම්මක් ඉදිරියට පැන්න අවස්ථාවක් බවට පත්වන්නේ නිරායාසයෙන් බව ස්ථිර කොට කිව හැක.
සියඹලා, කැකිරි, අළුපුහුල් මෙන්ම කොමඩු, කෝමාරිකා හා දිවුල් ආදි පල වැල වියලි හෝ ශුෂ්ක පරිසරයේ වඩා හොදින් වැඩෙන්නේ හා සරු වන්නේ එකි පරිසරයේ වසන්නන්ට අවශ්‍ය ජෛව රසායනික සහාය ලබාදීමට බව දැන් අපට රහසක් නොවිය යුතුය.
ඉතිං ඒ ඒ කාලවලට ඒ ඒ පරිසර තත්වයන් තුළ සොබාදහම නිපදවන ඒ ඒ එළවළු හා ඒ ඒ පළතුරු ඌෂ්ණාධිකයැයි කියා හෝ ශිරුරට අහිතකරයැයි කියා අනුභව නොකර සිටිය යුතු නීතියක් ස්වාභාව ධර්මයේ නැත.
ස්වභාව ධර්මය ඉක්මවු යමක් නැත.
අප ස්වභාව ධර්මය වන අතර ස්වභාව ධර්මය යනු අපයි.

මේ කාලේ ත්‍රීපෝෂ ලැබෙන්නෙ නැති නිසා.කන්න ආස හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.ත්‍රී පෝෂ 😍ඒ රසටම.. ගෙදර හදමු 😋❤️1.බඩ ඉරිඟු ඇට= 100g...
19/07/2022

මේ කාලේ ත්‍රීපෝෂ ලැබෙන්නෙ නැති නිසා.කන්න ආස හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

ත්‍රී පෝෂ 😍
ඒ රසටම.. ගෙදර හදමු 😋

❤️1.බඩ ඉරිඟු ඇට= 100g
❤️2.සෝයා ඇට =50g
❤️3.මුං ඇට =25g

මෙ තමයි "ත්‍රී" පෝෂණීය ධාන්‍ය වර්ග තුන.🌾

ඊලඟට රස කාරකය 😌( මේක තමයි වැදගත්ම දේ)

❤️ හයිලන්ඩ් යොදය සහිත පිටි කිරි =12g.

දැන් හදමු...

💕මුලින්ම බඩ ඉරිඟු ඇට ටික මද රස්නෙන් බැද ගන්න ඕනී.රස්නෙ වැඩි උනොත් ත්‍රී පෝෂ නෙමෙයි පොප් කෝන් තමයි කන්න වෙන්නෙ 😁.හොඳ සුවඳක් එනවා ඒ ටික හරි ගානට බැදෙනකොට.පාට වෙනස් වෙනකම් බදින්න එපා.

💕ඊලගට සෝයා ඇට ටිකත් මද රස්නෙන් බැද ගන්න.ඒකත් පාට වෙනස් වෙනකම් බදින්න එපා.

💕ඊලගට මුං ඇට ටිකත් මද රස්නෙන් බැදගන්න.ඒකෙත් පාට වෙනස් වෙන්න දෙන්න එපා.ඊට පස්සෙ මුං ඇට ටිකෙ පොත්ත අයින් කර ගන්න.

පාට වෙනස් වෙනවා කියන්නෙ බැදෙනවා වැඩි කියන එක.එතකොට රසෙත් වෙනසක් වෙනවා 😌

💕ඊට පස්සෙ මේ ඇට වර්ග ටික කුඩු කර ගෙන හලා ගන්න.

💕ඊට පස්සෙ කිරි පිටි ටික එකතු කර ගෙන හොදට කලවම් කර ගන්න..

😍පොල්, සිනි, ලුනු රස අනුව එකතු කරගෙන ගුලි හදලා කන්න.

Copied

Pepper Colombo වෙතින් චිකන් පුරෝපූ නියම හයිඩ්‍රාබාත් ඩම් බුරියානී ගෙදරටම ගෙන්න ගන්න අපිට කතාකරන්න 0777 34 88 22 - රෝස්ට්...
19/09/2021

Pepper Colombo වෙතින්
චිකන් පුරෝපූ නියම හයිඩ්‍රාබාත් ඩම් බුරියානී ගෙදරටම ගෙන්න ගන්න අපිට කතාකරන්න 0777 34 88 22

- රෝස්ට් චිකන් බිරියානී සවාන්
-. හයිඩ්‍රාබාත් බිරියානී සවාන්
- ෆ්‍රයිඩ් රයිස් සවාන්
- චිකන් කොත්තූ සවාන්
කිලෝ ගනන් චිකන් එක්ක ගෙදර හැමෝටම

10km ඇතුලත Delivery Free

Free delivey areas ( මහරගම පන්නිපිටිය කොට්ටාව හොමගම අතුරුගිරිය පිලියන්දල ගොඩගම මාලබේ)

අට දෙනෙකුට 3500
පාකිස්තාන් බාස්මතී කිලො 2.4ක්
චිකන් කොලෝ 1.2 ක්
බිත්තර 8ක් එක්ක
( රයිටා සැලඩ් , මැලේ අච්චාරූ , හයිඩ්‍රාබාත් බුරුයානී ගජාර්මටා කරී)

අට දෙනෙකුට 2800
පාකිස්තාන් බාස්මතී කිලො 1.8ක්
චිකන් කොලෝ 1 ක්
බිත්තර 6ක් එක්ක
( රයිටා සැලඩ් , මැලේ අච්චාරූ , හයිඩ්‍රාබාත් බුරුයානී ගජාර්මටා කරී)

අට දෙනෙකුට 2000
පාකිස්තාන් බාස්මතී කිලෝ 1.2ක්
චිකන් ගෑම් 600ක්
බිත්තර 4 ක් එක්ක
( රයිටා සැලඩ් , මැලේ අච්චාරූ , හයිඩ්‍රාබාත් බුරුයානී ගජාර්මටා කරී)

නිල් කටරොළු  මල් පානය නිල් කටරොළු යනු ශරීරයේ හට ගන්නා විවිධ රෝග සුව සඳහා  භාවිත කරන ඉතා වටිනා ඖෂධයකි. ලොව පුරා ප්‍රචලිත ...
04/11/2020

නිල් කටරොළු මල් පානය

නිල් කටරොළු යනු ශරීරයේ හට ගන්නා විවිධ රෝග සුව සඳහා භාවිත කරන ඉතා වටිනා ඖෂධයකි. ලොව පුරා ප්‍රචලිත කටරොළු මල් පානය මෙන්ම ඉන් නිපදවන විවිධ ආහාර සඳහා විශාල ඉල්ලුමක් ඇත..

අවශ්‍ය ද්‍රව්‍ය

කටරොළු මල් 5ක් හෝ 6ක්
මිරිකාගත් දෙහි හෝ නාරං ස්වල්පයක්
පිරිසිදු වතුර වීදුරුවක්
අයිස් ප්‍රමාණවත් පරිදි
සිනි අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය

මැද රස්නේ වතුර වීදුරුවට නිල් කටරොළු මල් දමා සුළු වෙලාවක් වසා තබන්න. මද වෙලාවකින් මුළු වතුර වීදුරුවම නිල් පැහැ ගැන්වුණු පසු පෙරා මල් ටික ඉවත් කර සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. අවශ්‍ය නම් නැවත සිසිල් කර හෝ අයිස් එකතු කර ගත හැක. දෙහි හෝ නාරන් වැනි ආම්ලික යුෂ කටරොළු වලට එක් කිරීමෙන් වර්ණවත් දම් පැහැයට හැරෙනු දැකගත හැක. ඔබේ නිර්මාණශීලිත්වය අනුව පැහැය හා රස වෙනස්කර ගත හැක.

මෙම පානය සතියට තුන් වතාවක් භාවිතය ප්‍රමාණවත්.

වට්ටක්කා සුප්..වට්ටක්කා යනු පෝෂණ බහුලව ඇති එළවලූවක් වගේම විවිධ විදියට පිළියෙල කර ගන්න පුළුවන් ඒළවලුවකි. රාත්‍රී ආහාරය සඳ...
01/06/2020

වට්ටක්කා සුප්..

වට්ටක්කා යනු පෝෂණ බහුලව ඇති එළවලූවක් වගේම විවිධ විදියට පිළියෙල කර ගන්න පුළුවන් ඒළවලුවකි. රාත්‍රී ආහාරය සඳහා වට්ටක්කා සුප් කදිමයි.

අවශ්‍ය දෑ.

☘.වට්ටක්කා
☘.කැරට්
☘.කරපිංචා
☘.සුදු ලූණු
☘.සුදුරැ ඉතාම ස්වල්පයක්
☘ රස අනුව ලූණු
☘.ගම්මිරිස් කුඩු ස්වල්පක්
☘.බටර් ස්වල්පයක්

වට්ටක්කා ගෙන හොඳින් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න.. ඒසේ කපාගත් කැබලිවල ඇති ඝණකම කොළ පාට පොත්ත්තත් කපා ඉවත් කරන්න.කැරට් ලොකු අලයක් නම් ඒකක් පමණ ගන්න.. නැත්නම් කුඩා කැරට් අල දෙකක් ප්‍රමාණවත් වේ.තවද හොදින් සුද්ද කර ගත් සුදු ලුණු ඒක ගෙඩියක් අවශ්‍යය.ඒය පොත්ත සුද්ද කර කුඩාකැබලි වලට කපා ගන්න.

පිරිසිදු භාජනයක් ගෙන එයට කපා ගත් වට්ටක්කා, කැරට්,හීනියට ලියා ගත් සුදු ලූණු ගෙඩිය,කරපිංචා ඉති දෙකක කොළ,ලුණු ස්වල්පයක් හා ජලය දමා ලිපේ තබන්න.වතුර ටිකක් වැඩිපුර දමා තැම්බෙන්න තියන්න.

වට්ටක්කා හා කැරට් අල හොඳින් තැම්බුණූ පසු ලිප නිවා රස්න ගතිය අඩු වෙනකල් තබන්න.

ඉන්පසුව බෙලෙන්ඩරයට, තම්බා ගත් වට්ටක්කා, කැරට් අල කෑලි සහ අල තැම්බෙද්දී දැමූ වැඩිපුර වතුර දමා හොඳින් බෙලෙන්ඩර් කර ගන්න.. කැලි හොඳින් පොඩි වන්නම බෙලෙන්ඩර් කර ගන්න..එසේ බෙලෙන්ඩර් කරද්දී කලින් දමන ලද කරපිංචා කොළ සහ සුදු ලූණු සමඟම බෙලෙන්ඩර් කරන්න.

ඉන් පසු සුප් එක සෑදීම සදහා භාජනයක් ගෙන එයට බටර් ස්වල්පයක් දමා ගන්න.. ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තබා ගන්න.බටර් ටික දියවෙගෙන එද්දී කලින් බෙලෙන්ඩර් කර ගත් වට්ටක්කා සහ කැරට් මිශ්‍රණය දමන්න.. ඒයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් , සූදුරු ස්වල්පයක් රස අනුව ලූණු දමා රත් වන තෙක් හොඳින් හැදි ගාන්න.

සුප් එක හොඳින් පැසුණු පසු එහි රස්නය තිබියදී ම පිලිගන්වන්න. නැත්නම් ආහාර සදහා ගන්න.. සුප් භාජනය අලංකාර කිරිමට සහ සුප් එක රසවත් කිරිමට එයට උඩින් සුදුරු ස්වල්පයක් ඉස ගන්න..😊

Address

Kelaniya

Telephone

+94772250684

Website

Alerts

Be the first to know and let us send you an email when Asha's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Restaurant?

Share