Kavindi Rasa Niwasa KRN

Kavindi Rasa Niwasa KRN food and more

කාවින්දි රස නිවසින් අද බ්‍රහස්පතින්දා ...පරිප්පු,කරවල තෙල්දාලපරිප්පු බෝංචි ගොටුකොල සම්බෝල චිකන්/මාලු මාසික ඇනවුම් ☎66127...
01/08/2024

කාවින්දි රස නිවසින්
අද බ්‍රහස්පතින්දා ...
පරිප්පු,කරවල තෙල්දාල
පරිප්පු බෝංචි ගොටුකොල සම්බෝල
චිකන්/මාලු
මාසික ඇනවුම්
☎66127434/44693485

♥️♥️♥️♥️♥️♥️☎66127434
01/08/2024

♥️♥️♥️♥️♥️♥️☎66127434

Kavindi Rasa Niwasa KRN මේ සිකුරාදා ඔයාලට
25/07/2024

Kavindi Rasa Niwasa KRN
මේ සිකුරාදා ඔයාලට

25/07/2024

Find local businesses, view maps and get driving directions in Google Maps.

25/07/2024

කතා කරලා වෙන් කරගන්න ,ඇවිත් නිදහසේ කාලා යන්න ☎44693485/66127434

food and more

24/07/2024

‼️රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිග්විජය කළ සී.ඒ.හරිස්චන්ද්‍ර ...

හරිස්චන්ද්‍ර නිශ්පාදන රසවිදල තිබුනට ඒ පිටුපස තියන කතාව දැනගෙන හිටියද?

ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ රෝස මල් පාවඩ මතින් නොවේ යැයි කියමනක් අපි අහලා තියෙනවා. ඒ කියන්නෙ ජයග්‍රහණයේ මාවත වැටෙන්නේ කටු පඳුරු ගල් බොරළු ගිරිදුර්ග මැද්දෙන් කියන එක යි.

නමුත් මාතර සී. ඒ. හරිස්චන්ද්‍ර මුදලාලිගේ ජීවන ගමනට මේ කියමන ඒ තරම් ගැළපෙන්නෙ නැහැ. මාතර හරිස්චන්ද්‍ර කුරහන් පිටි මාතර කිරි පැණි තරමට ප්‍රසිද්ධ යි. හරිස්චන්ද්‍ර කියන්නෙ බොහෝ පැරණි වෙළෙඳ නාමයක්.

සී. ඒ. හරිස්චන්ද්‍ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්‍රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්වන්ද්‍රගේ තවත් සහෝදරයෙක්.

සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු කළා. හරිස්චන්ද්‍ර දරුවා තුළ ව්‍යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. හැම වේලේ ම ඔහු අත පොතක් තිබුණා. මේ ළමුන් දෙදෙනාට උගන්වන්නට සිටුවර පියා දෙමටගොඩින් ගෙයක් කුලියට අරන් තිබුණා. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්‍ර ශිෂ්‍යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.

හරිස්චන්ද්‍ර ශිෂ්‍යා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්‍යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්‍යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්‍යයාට දවසක් මෙහෙම කිව්වා.

" හරිස්චන්ද්‍ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා."

ශිෂ්‍යයා ගුරුවරයාගේ වචන අහන් හිටියා.

"ඔයාට හරියන්නෙ ව්‍යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."

හරිශ්චන්ද්‍ර ශිෂ්‍යයාට මේ වචන හරි ම ප්‍රහේළිකාවක්. තාත්තා විශාල ව්‍යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්‍ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්‍ර තරුණයා පොත් පත් පුරවල තිබුණු ට්‍රන්ක පෙට්ටියක් අරගෙන ආපහු මාතර මහගෙදරට ආවා.

"මක් කරන්නෙයි හිතා ඉන්නෙ."

තාත්තා ප්‍රශ්න කළා

"වෙළෙදාම"
පුතා උත්තර දුන්නා.ඒ හොද වැඩේ ඔහෙට.ඇහුව එකක්‍ යැ කලින් මම කිව්ව එක.තාත්ත එහෙම කිව්ව.ඒ වන විට මාතර බ්‍රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත් හලත් අයිතිව තිබුණේ තාත්තට යි. පොත පතේම ගැළුණු පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.

දැන් සී. ඒ. හරිස්චන්ද්‍ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්‍ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.

එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්‍ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්‍රත් අතර ආධ්‍යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.

ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්‍ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.

"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."

සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්‍රට විරුද්ධ වුණා.

"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."

හරිස්චන්ද්‍ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්‍ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.

ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."

දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්‍ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්‍රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙක යි. ව්‍යාපාරය නරක නෑ. ශත දෙකට වී කෙටීම කරගෙන ගියා. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්‍ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.

"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."

හරිස්චන්ද්‍ර ශතේට බැස්සේ නෑ.

මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තෙ. ඒකෙ උනුසුම ලංකාවටත් දැනුණා. ඒ කාලෙ ලංකාව ආණ්ඩු කළේ එංගලන්ත කාරයෝ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්‍රට තිබුණා. ඒ තමයි ඉංග්‍රීසි දැනුම. ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව. හරිස්චන්ද්‍ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්‍රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්‍රට. එතැන් සිට
ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වුණේ හරිස්චන්ද්‍ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්‍ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්‍ය දැව කොන්ත්‍රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්‍රට ම යි.

දැන් ව්‍යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්‍ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා.

අදත් හරිස්චන්ද්‍ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.

අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්‍ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්,නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්‍ර සූත්‍ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්‍රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.

කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්‍ර මහත්තයා ඒ ප්‍රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්‍රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.

මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්‍රව්‍ය හරිස්චන්ද්‍ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්‍ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්‍ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්‍ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.

මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ.

"අපිත් සබන් හදමු.'

හරිශ්චන්ද්‍ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ දි. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්‍ර සබන්.

එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්‍රිය ගායකයෙක්. හරිශ්චන්ද්‍ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්‍ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්‍ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියට යි.

ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්‍ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.

"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."

ඔහුගේ ව්‍යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.

ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.

දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්‍ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්‍ර මහත්තයා තමන්ගේ පැරණි ම සේවකයකු වු පීරිස්ට කතා කලා.

''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''

පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්‍යාපාරිකයෙක් කොහෙද ඉනෙ.

"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."

වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්‍ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක් වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්‍ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්‍ර සූත්‍ර විෂයෙහි අසාමාන්‍ය දැනුමක් තිබුණා.

උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්‍ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්‍ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.

"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.

සේවක අර්ථ සාධක ක්‍රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්‍ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.

උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.

ඒ හරිශ්චන්ද්‍ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.

දිනක් හරිශ්චන්ද්‍ර මහත්තයා පීරිස්ට ශත පනහක් දීල කුරුම්බ ගෙඩියක් ගෙන්න ගත්තා,

කුරුම්බා ගෙඩිය කීය ද?"

"ශත හතලිහයි"

පීරිස් උත්තර දුන්නා.

"කෝ ඉතිරි ශත දහය."

"ශත දහය මොකට ද කියලා මිනිහටම දීලා ආවා,"

"අපි ශත දහයක් අඩුවෙන් දුන්ණොත් වෙළෙන්දා අපට කුරුම්බ ගෙඩියක් දෙන්නේ නෑ. ගිහින් ශත දහය ඉල්ලන් එනවා."

පිරිස් ශත දහය අරං ආවා. කෝටිපති හරිශ්චන්ද්‍ර මහත්තයා, ශත දහය ලාච්චුවට දාගත්තා.

ගනුදෙනු. ගනුදෙනු විදියට තියෙන්න ඕනෑ.

එය ඔහුගේ ප්‍රතිපත්තිය යි.

එස්. කේ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ධුරය ලංගම අධ්‍යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.

එලෙස ව්‍යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.

ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්‍රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.

ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්‍රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.

" ජීවිත කාලයේ ම අරන් ආපු ප්‍රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්‍රැන්ඩි හැන්දක්වත් එපා." මෙයින් අවුරුදු දාහතකට පෙරදි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.

බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.

ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්‍රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්‍රභා.ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.
ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.

උ-ගැ : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්‍රසිරි දොඩන්ගොඩ

දිවයින කතෲ මන්ඩලය

කාවින්දි රස නිවසින්
20/06/2024

කාවින්දි රස නිවසින්

ඔයාලා ලෑස්තිද?44693485 කතා කරන්න
20/06/2024

ඔයාලා ලෑස්තිද?
44693485 කතා කරන්න

Thank you❤❤❤❤
14/06/2024

Thank you❤❤❤❤

Check out Aljawndocs’s video.

කාවින්දි රස නිවසින් ඔන්න සිකුරාදා fried rice ඕනැම එකක් BUY ONE GET ONE FREE 🔥 🔥 අම්ල තාත්තලට පුලුවන් චුටි අයත් එක්ක ඇවිත...
13/06/2024

කාවින්දි රස නිවසින් ඔන්න සිකුරාදා fried rice ඕනැම එකක් BUY ONE GET ONE FREE 🔥 🔥
අම්ල තාත්තලට පුලුවන් චුටි අයත් එක්ක ඇවිත් උදේට බුෆේ එකෙන් කන්න💐💐💐

කාවින්දියට ආදරණීය වෙච්චි අපේ මිනිස්සු 🙏
10/06/2024

කාවින්දියට ආදරණීය වෙච්චි අපේ මිනිස්සු 🙏

10/06/2024

අඩුපාඩු එක්කත් ආදරණීය වුන මිනිස්සු 🙏❤❤

Address

Azizia
Doha
00974

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindi Rasa Niwasa KRN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category