02/12/2023
" වන මල් "
මල් බඹරු මත් වෙන්න මල් හෙව්වෙ පැණි බොන්න
වල් කැලයෙ මල් පිපුනෙ වනයටම පර වෙන්න
කල් යද්දි රොන් සුවද නැති හින්දා බෑ පැණි බොන්න
මගෙ බඹරො පැණි බිලා මල නොතලා ඉගිලෙන්න
පෙති තැලුනු මල් වර්ග ඇති වනයෙ ඉතිරෙන්න
මල් බඹරු රොන් බිව්වේ මල් සුවද විදගන්න
රොන් බොද්දි මල් හැඩුවෙ මල් සුවද රැක ගන්න
වල් වනයෙ මල් පිපුනෙ බඹරුන්ට නොපෙනෙන්න..!
- Pasindu Malith -