Ananya happy Cake

Ananya happy Cake Best & Delicious Cakes,Cup Cakes for Your Favour. by Keshini Dilunika
(722)

📍 𝐊 𝐎 𝐓 𝐓 𝐀 𝐖 𝐀එයාලගේ පේජ් එකට Follower ලක්ෂයක්. ඒ සතුට සමරන්න රසම කේක් එකක් අරගන්න එයාලා ආවේ අපිව හොයාගෙන. හදන වීඩියෝ එ...
24/06/2026

📍 𝐊 𝐎 𝐓 𝐓 𝐀 𝐖 𝐀

එයාලගේ පේජ් එකට Follower ලක්ෂයක්. ඒ සතුට සමරන්න රසම කේක් එකක් අරගන්න එයාලා ආවේ අපිව හොයාගෙන. හදන වීඩියෝ එක හෙට ගේන්නම්. දැනට මේක සස්සනද කියන්නෝ…….

𝙁𝙡𝙖𝙫𝙤𝙪𝙧𝙚 -Ribbon Cake
𝙒𝙚𝙞𝙜𝙝𝙩 3 kg

Whatsapp / Call
☎️ 𝟎𝟕𝟕𝟐 𝟗𝟐𝟐 𝟏𝟖𝟎

| | |
| |
| and many more 💯

24/06/2026

යකූ….. ඒ කාලේ අම්මපා හැටී….
ටිංකිරි වොයිස් එක කීං ගානවා😂😂😂

මේං මම හද්දෙයියනේ….ලස්ස ගණන් අතේ තියන් පාරවල් ගානේ ඇවිදින හැටි බලාල්ලකෝ😂😂😂😂😂😂

මං හිතන්නේ මේ 2012 වගේ. ….
ඉස්සර ජොබි එක කියනිනේ ජීවිතේම. බැහැලම වැඩ කරලා චැනල් එක ගොඩදාන්න පට්ට ගේමක් ගහපු කාලේ.

හැදුන තැන. හැදුව තැන. තාමත් ආදරෙයි.

නොදැනුවත්වම කී දෙනෙක්ගේ ජීවිත වල  මෝටිවේෂන් එක වෙලා ඇද්ද…නොහිතාම කී දෙනෙක්ට හයියක් වෙලා ඇද්ද….නොහිතාම කී දෙනෙක්ට උදව්වක...
23/06/2026

නොදැනුවත්වම කී දෙනෙක්ගේ ජීවිත වල මෝටිවේෂන් එක වෙලා ඇද්ද…

නොහිතාම කී දෙනෙක්ට හයියක් වෙලා ඇද්ද….

නොහිතාම කී දෙනෙක්ට උදව්වක් වෙලා ඇද්ද….

නොකියාම කී දාහක් ජීවිත ගොඩදාලා ඇද්ද…..

පුංචි කාලේ තේරෙන දා ඉඳන්ම මම හිතන දේ තමයි.
මම මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ මම වෙනුවෙන් ජීවත් වෙන්න නෙමෙයි. අනුන් වෙනුවෙන් වැඩ කරන්න කියන එක❤️

මම ආඩම්බරයි මම ගැන. 🫶

එක දවසක් හරි මගේ මේ ලස්සන සූටි පේජ් එක නිසා හිත් සැනසුන. හිත් නැලවුන. ජීවිත දියුණුවුනු. ජීවිතේට අලුත් අරමුණක් හැදුනු. හිත් සතුටුවුණු. සියල්ලන්ටම කියන්න තියන්නේ.

මට පට්ට සතුටුයි. ඇත්තමයි. ආදරෙයි. 🫶❤️
Ananya happy Cake

Back to work🙈නිවාඩු ඊලයි 😂😂සස්සනයිත
22/06/2026

Back to work🙈
නිවාඩු ඊලයි 😂😂
සස්සනයිත

19/06/2026

🌿 “කඳු, සුළඟ, නිදහස… මට ඕන වුණේ මේ ටික විතරයි.” 💚

☀️ Sunglasses on, worries gone! 😎Good Morning 🌞 Lovers❤️
19/06/2026

☀️ Sunglasses on, worries gone! 😎

Good Morning 🌞 Lovers❤️

18/06/2026

2012 දවසක TV දෙරණ IT Department එකට අලුතින් ආපු කොල්ලා කියලා ස්ටාෆ් එකෙ අයට අඳුන්වලා දෙන්න ..@@දවසක් අපේ FM එකට එක්කන් ආපු කොල්ලා මගේ වෙයි කියලා එදා මම හීනෙන් වත් හිතුවෙ නෑ….

උසට උසේ හීන්දෑරිවට හිටපු , ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන හිටපු මූණෙ හිනා පොදක් නැතුව හිටපු ඒ පිරිමි රූපේ මට නම් තාම මතකයි.

මගේ ලැප්ටොප් Format කරගන්න ඊටත් මාස ගාණකට පස්සෙයි මම IT Department එකට ගියේ.
“ මල්ලි මට මේක පොඩ්ඩක් බලලා කරලා දෙනවද”……. කාටත් මල්ලි කියන මම එයාටත් එහෙම කියලා ලැප් එක දීලා ගියා.

මේන් යකූ මූ……. රිංගන්න ඕන සේරම Files අස්සට රිංගලා මගේ මුලු ජාතකේම හොයාගෙන ලැප් එක හදලාදීලා කියපි “ මේ හලෝ… මම මල්ලි නෙමෙයි ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් අයියා කෙනෙක් කියලා”……….

මූ කොහොමද යකූ මගේ වයස දන්නෙ කියලා හිතුනත් ඒක වැඩිය ගණන් ගත්තෙ නැති උනාට. බඳින්නත් කිට්ටුවයි මම දැනගත්තේ එදා මගේ Facebook අකවුන්ට් එකටත් රිංගලා හැම ඉලව්වම හොයලා කියලා😂😂😂

ඊටත් මාසෙකට දෙකකට පස්සේ Razz 3 Movei එක සැවෝයි එකට ආවා. බලම්න යන්න කොල්ලෙක් තියා බල්ලෙක්වත් හිටපු නැති මම ඉවසන් ඉඳලා ඉඳලා ඒක බයිස්කෝප් සයිට් එකට ආපු ගමන් ආයේ IT කොල්ලා හොයන් දිව්වා.

“ මල්ලි….. සොරි සොරි අයියේ….. බැරි වෙයිද මේ පෙන් එකට Razz 3 download කරලා දෙන්න. මම මාර ආසයි හලෝ එික බලන්න. කිව්වා

හරි අන්තිමේ ඉතිම් ලැප් එකෙත් බලලා සැවොයි එකෙත් ජෝඩු දාලා ගිහින් බලන තැනට වැඩ සිද්ධ උනා..😂😂😂😂😂 එයාට මං පව් කීලා හිතුනලු😂😂

20212 පෙබරවාරි අලුතින් රස්සාවට ආපු IT කොල්ලා 2012 සැප්තැම්බර් 26 සීනියර් ප්‍රසන්ටර් නංගි බබෙක්ට I Love You. will U Marry Me කිව්වා😂😂😂😂😂😂😂😂
( කොහොමද මාස 7 ට කොල්ලගේ දියුණුව)

ඊටත් අවුරුදු 3 කට පස්සේ 2015 ජූනි 18 එයා දීපු පොරොන්දුව ඉෂ්ඨ කලා. මගේ පෙමිවතා මගේ හස්බන්ඩ් උනා. ඒ අතර කාලය දැන් මතක් වෙද්දිති හිනා. කී පාරක් සම්බන්ධය නවත්තන්න ගියාද. වලි දාගත්තද. මරාගත්තද. එපා කිව්වද. වෙඩින් එකට කලින් දවසෙත් මම කිව්වා මතකයි හෙට වෙඩින් එක ගන්නෑ. මට බෑ කියලා. ( මට ඉස්සර හොස්ස ලගින් මැස්සා යන්න බෑ. එච්චරකට කොච්චි කරලක් )

ඉතින් පටන් ගත්ත දා ඉඳන් මාව හයියෙන් අල්ලගෙන. දරාගෙන… ඉවසගෙන… ආදරේ දීපු ඔයාට මට ඕන මෙහෙම කියන්න……

ස්තුතියි මාව ඔයාගේ ජීවිතේට ලංකරගත්තට….
ස්තුතියි මාව ආදරෙන් බලාගත්තට…
ස්තුතියි අද වෙනකම් අතක්වත් උස්සලා නැති එකට….
ස්තුතියි අද වෙනකම් ඒක නරක වචනයකිවත් කතා නොකර ගැහැණියට දිය යුතු නිසි ගෞරවය අඩුවක් නැතුව දුන්නට….
ස්තුතියි පිරිමිකමෙන් ඔලුව උදුම්ම නොගෙන තේක පවා ආදරෙන් හදලා දුන්නාට. රසට කෑම උයලා දෙනවට…..
මහන්සි වෙලා වැඩ කරද්දි දෙන හැම සපෝර්ට් එකකටම…..
හොඳ ආදරණිය තාත්තෙක් වුනාට. හස්බන්ඩ්කෙනෙක් උනාට.

ස්තුතියි ගෑහැණු 100 ක් මැද්දෙ වුනත් බය නැතුව තියලා යන්න තරම් ගෞරවනීය ස්වාමියෙක් වුනාට.

ස්තූතියි පවුලට ආදරණිය මනුස්සයෙක් වුනාට.

ස්තුතියි වටේ තියෙන හැම පීඩනයක්ම ඔයාගෙන් පිට කරන මාව බොහොම අවබෝධයෙන් ඉවසන් ඉන්නවට.

කොටින්ම ස්තූතියි මැණිය මං වෙනුවෙන් කරපු කියපු හැමදේටම❤️❤️❤️

මම හැමදාම කියනවා. මේ ලෝකේ හොඳම හස්බන්ඩ් ඔයා නොවෙන්න පුලඅවනි. මොකද අඩු පාඩු අපි දෙන්නගෙම තියෙනවා. හැබැයි ඒ හැම අඩුපාඩුවක්ම යටයි ඔයාගේ මේ කොලිටීස් වලට.

මැරනකම් මට නම් මම ඔයාගෙන් ඉල්ලන ආදරේ විතරක්ම ඇති. එච්චරයි. මම ඉන්නවා මගේ අන්තිම හුස්මපොදත් යනකමි ඔයා ගාව.

Happy Anniversary සුදාත්ති😂😂❤️❤️❤️❤️❤️❤️❤️

දවස් දෙක තුනක් දෙන්න…..පොඩ්ඩක් විවේක අරන් එන්නම්. හරිම මහන්සියි මට…ලාවට පිස්සුවක් දෙකක් නටලත් ඉන්නෙ අද…තව අල්ලන් ඉන්න බ...
17/06/2026

දවස් දෙක තුනක් දෙන්න…..
පොඩ්ඩක් විවේක අරන් එන්නම්.

හරිම මහන්සියි මට…
ලාවට පිස්සුවක් දෙකක් නටලත් ඉන්නෙ අද…

තව අල්ලන් ඉන්න බෑ මට
ඒ හින්දා දවස් දෙක තුනක් දෙන්න මට….

හොඳට නිදාගෙන. හොදට කාලා බීලා
සැප සීතල හුලං පොදක නැලවීලා..
හැමදේකින්ම මිදිලා….
මට ඉන්න ඕන හීතල හුලඟට තුරුල්වෙලා…..

ආයෙත් එන්නම් අලුත් ජවයකින්…
ලස්සන වැඩ ගොඩකින්….
ආයේත් හුස්මක් කටක් නැතුව නොනැවතෙමින්…
ඉතින්……එනකම්

ඉන්නවද මගේ ලගින්……සුපුරුදු ලෙංගතුකමින්

කේෂි
2026.07.17

දවස් දෙක තුනක් මැසේජ් වලට රිප්ලයි කරන්න පරක්කු වෙයි. දුක් වෙන්න එපා. ඉක්මනින් එන්නම්. පරිස්සමින් ඉන්න. ආදරෙයි මම.

17/06/2026

අගෝස්තු වලට ඕඩර්ස් අරන් ඉවරයි කිව්වොත් බැනුම් අහගන්න වෙයිද දල්ලෑ………
ජූලි වලටත් ඕඩර්ස් 90% විතර බුකින් වැටිලා කිව්වොත් තරහා වෙයිද දල්ලෑ…….
ජූනි වලට ආයේ කිසිම ඕඩර් එකක් ගන්න විදියක් නැතුව මේ දවස වල මම වට්ස්ඇප් එකේ අමිබානෙක දොස් අහනව කියලා ඔයාලා දන්නවද දල්ලෙත් ලෑ…..

අහිම්සක අසරණ මම මො. ක ඉතිම්😩😩😩😂😂😂😂😂

මේවා දාලත් බෑ. නොදත් බෑ.
දැම්මත් බැනුම්. නොදා හිටියමත් බැනුම්.

වරමක් ලැබුනොත් ඉල්ලනවා මම අත් 12 යි මූණු 6 යි.
එක කටක් ඇති හැබැයි.

මුණු හයට කටවල් හයක් ආවොත් ඉල්ල හම්බෙල්ලෑ😂😂😂😂😂😂😂😂

අවධානය පිණිසයි❤️

හෙලෝ Everyone……ඉතිම් බබා…..මට අද ඕන දැනගන්න අද මම හදපු මේ 4න් ඔයාගේ Favourite Cake එක මොකක්ද? කියලා 😍🎂ඉතින්…..❤️ = blue ...
16/06/2026

හෙලෝ Everyone……
ඉතිම් බබා…..මට අද ඕන දැනගන්න අද මම හදපු මේ 4න් ඔයාගේ Favourite Cake එක මොකක්ද? කියලා 😍🎂

ඉතින්…..

❤️ = blue Cake
👍 = pinapple Cake
🥰 = Black & Gold bike Cake
🔥 = Car Theme Cake

Comment එකක් හලලා ඔයාගේ favourite එක කියමුත
බලන්න👇✨

🎂💕

Address

Polgasowita

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94772922180

Website

Alerts

Be the first to know and let us send you an email when Ananya happy Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananya happy Cake:

Shortcuts

Share

Category