09/02/2023
මේ ගමනේදී හිත බිදුණු වාර නැතුවත් නෙමෙයි...
Imali N Sashi Halneththi කියන අපි දෙන්නව බොහෝ දෙනෙක් අතරට ගිය ප්‍රොෆයිල් එකක්. මතක ඇති කාලෙක ඉදලා අපි කලේ සමාජ සේවයක් මිස සමාජයට අයහපතක් නෙමෙයි කියලා අපිව දන්න හැමෝම දන්නවා. ගංවතුරක් ආවත්, නාය ගියත්, කොරෝනා වසංගතය කාලෙත්, ඉන්ධන ගෑස් හිග කාලෙත් සහ ඊට පසුව මේ දක්වා ගෙවෙන අති දුෂ්කර කාලවකවානුවෙදීත් මුදල්, ආහාර, වෛද්‍ය උපකරණ එකී නොකී බොහෝමයක් දේ කිසිම බලාපොරොත්තුවක් නැතිව අපේම මිනිසුන් වෙනුවෙන් අපි පෞද්ගලිකව ලබා දීලා තියෙනවා කියලා එදා සිට මේ දක්වා අපිත් සමග සිටිය අයවලුත් අතර නොරහසක්.
The House of Cakes, Hubby's Kitchen, Abhimanthra වගේ අපේම ව්‍යපාර කිහිපයක් කරගෙන , සමාජයටත් යහපතක් කරගෙන තමයි අපිත් ජීවත් වෙන්නෙ. නැතිව මිනිසුන්ගෙන් හූරන් කාලා, හොරකන් කරලා, වසවිස පොවලා යටිමඩි කලා කොල්ලකාලා ජීවත් වෙන වෑයමක් නෙමෙයි මේක. ඉතාම පිරිසිදු අතීතයක්, වර්තමානයක් සහ අනාගතයක් සහිත අවංක හදවතින් යන ගමනක්. නිකන්ම නෙමෙයි ඔයාලා හැමෝමත් එක්ක. මේ ව්‍යපාර වල brand name එක හදන්න අපි දෙන්නා කවදාවත් සුදු පිරුවට ඇදන් යටින් කළු වැඩ කරලා නැහැ. අවංකව අපේ උපරිමයෙන් අපිට හැකි පරිද්දෙන් අපේ මට්ටමින් ගුණාත්මක සේවාවක් ලබා දුන්න නිසා brand එකක් වුනා මිස ඒවා අපි බලෙන් ලබාගත් දේවල් නෙමෙයි. කෙටි කාලයක් තුල කිසිදු socialmedia propaganda එකක් නැතිව 27000කට අධික followers පිරිසක් අපි වටා එකතු වුනේ අන්න ඒ නිසයි.
Hubby's Kitchen කියන ව්‍යපාරය, ව්‍යපාරයකටත් වඩා මේකත් අපේම දරුවෙක් කිව්වොත් නිවැරැදියි. මම සශී හල්නෙත්ති Cyber Security සම්බන්ධයෙන් වෘත්තීය කරපු කෙනෙක්. ඉමාලි මගේ වයිෆ් අවසාන වරට සේවය කලේ Assistant HR Manager කෙනෙක් විදියට. අපි දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉගෙනගත්තේ. නමුත් ආහාර කලාව සම්බන්ධයෙන් තිබුනේ දෙන්නටම පුදුම ආසාවක්. ඒක නිසාම සිංගප්පූරුවෙ ගිහින් වෙනමම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඒත් එහෙම කරනකොටත් තුන් හිතකවත් තිබ්බේ නෑ ඒ සම්බන්ධ ව්‍යපාරයකට අතගහන්න.
ලංකාවට ආවට පස්සේ ගොඩාක් restaurants වල food experience එක අපි ගත්තා. ඒ එකක්වත් පෞද්ගලිකව අපි දෙන්නට සෙට් වුනේ නැති නිසා ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි Hubby's Kitchen කියන දරුවා බිහිවෙන්නෙ.
මේ එක ව්‍යපාරයකවත් වෙනත් සේවකයෝ නෑ... හැමදෙයක්ම කෙරෙන්නෙ අපි දෙන්නගේ අත්දෙකෙන් විතරයි. හදන ආහාර වර්ග ඩිලිවරි කරන්නෙත් අපේම පෞද්ගලික වාහනයෙන්. ඔව් කාර් එකක්. ඒත් ගන්නේ බයික් එකක්වත් ඩිලිවරි ගාස්තු විදියට ගන්නේ නැති ගානක්. පුදුමත් ඇති අද වගේ කාලෙක එහෙම??? ඔව් අපි එහෙමයි. පුලුවන්නම් ඒකත් නොගෙන ඉන්නවා. මොකද කෑමක් හදලා ඒක ගෙනිහින් දෙනවට මුදල් අයකරන්න අපිත් කැමති නෑ.. ඒත් මේක වර්තමානයේ ඉන්ධන වල අධික මිල, වාහන වල අමතර කොටස් වල මිල, එක්ක බැලුවාම free delivery option එකක් අපි වගේ පුංචි ව්‍යපාරයකට දෙන්න පුළුවන් කමක් නෑ...
ඒත් අපේ එකම අරමුණ වුනේ දෙන දේ වසෙන් විසෙන් තොරව නැවුම්ව, පිරිසිදුව, රසට දෙන්න. ඇතැම් මහාපරිමාණ ව්‍යපාර වල වගේ ඉතිරි බත් ශීතකරණයේ දාලා පහුවදා රත් කරලා දෙන්න, කෘතිම රසකාරක, ගුණාත්මක බවින් අඩු එලවලු සහ කුළුබඩු භාවිතය වගේ වංගු ගහලා ලබාගන්න ඒවා අපේ ව්‍යපාර තුළ නෑ.
මේ Hubby's Kitchen කරන්නේ අපේම ගෙදර වෙනම හදපු ගොඩනැගිල්ලක. The House of Cakes එකත් එහෙමයි. ඉතින් ගෙදරට බඩු ගේන්නෙත් අර ව්‍යපාරයටත් එක්ක. ගොඩක් වෙලාවට අපේ පවුලේ අයටත් එක්ක තමයි මේ ආහාර පිලියෙල කරන්නෙ. හාල් කිලෝ 500ක් 1000 ගෙනත් දාගෙන bulk විදියට මහා පරිමාණයෙන් කරන ව්‍යපාරයක් නම් නෙමෙයි. අපේ මේ ව්‍යපාරයේ එක අරමුණක් තමයි කෑම හදලා තියාගෙන ඇනවුම් කලාම පෙට්ටියට දාලා දෙන්න නෙමෙයි. ඇනවුම් කලාම ඒ ඇනවුම වෙනුවෙන්ම බත් එක ලිපේ තියලා කෑම එක ඒ පාරිභෝගිකයා වෙනුවෙන්ම නැවුම්ව පිළියෙළ කරලා දෙන එක. ඒකයි අපේ වෙනස.
මහාපරිමාණයෙන් කරන ආහාර ව්‍යපාර වල වගේ අපිට ගොඩාක් අඩුවට අමුද්‍රව්‍ය ලැබෙන්නෙත් නෑ .... අපිට ලැබෙන මිල ගනන් අනුව තමයි අපිට පාරිභෝගිකයන් ට ලබාදෙන්න පුලුවන් මිල ගනන් තීරණය වෙන්නෙ. ඒක නිසා අපේ ව්‍යපාරයේ මිල ගනන් අනික් ඒවයත් එක්ක සංසන්දනය කරලා වැඩක් නෑ... මොකද මේක personal basis business එකක්.
ඉගුරු සුදුළුණු ටික ගලේ අබරන තැන ඉදලා අනික් හැමදේම කරන්නෙත් ඔයාලා කෑම ඇනවුම් කලාට පස්සේ. නැතිව ශීතකරණයේ දාගෙන දවස් ගනන් පරණ කෑම මිනිසුන්ට කන්න දීලා සල්ලි එකතු කරන කැත පුරුද්දක් අපේ නෑ. අවශ්‍ය නම් ඇවිත් බලන්නත් පුලුවන්. පෞද්ගලිකව මමවත් එහෙම කන්නෙ නෑ. ඉතින් ඇයි මම ඒ දේ වෙන කෙනෙක්ට දෙන්නෙ? අන්න ඒකයි Hubby's Kitchen කියන්නේ. ලොකු ලාබ ලබන ආයතනයක් නෙමෙයි. මේ ව්‍යපාරයේ අපිට ලැබෙන ලොකුම ලාබය තමයි පාරිභෝගිකයන්ගේ reviews. 99%ක් positive reviews ලැබෙන කොට ව්‍යපාර අතර තරගකාරීත්වය නිසා අනිකුත් ව්‍යපාර වට්ටන්න බලන් ඉන්න කුහකයන් ටිකකුත් නිසා 1%ක negative reviews එහෙමත් ලැබෙනවා. තව සමහරු මොනවා දිලාවත් තෘප්තිමත් කරන්න බැරි කොටසකුත් ඉන්නවා. පවතින ආණඩුවට හැමවෙලේම බනින කොටසක් වගේම තමයි මේකත්. හැබැයි එයා මගඩිකම් යටින් වෙන උඩින් කෑම ලබාදෙන ලොකු ලොකු රෙස්ටෝරන්ට් වලට ගිහින් ඊයේ රෑ හදපු බත් ශීතකරණයෙන් අරන් රත් කරලා තව රසකාරක ටිකකුත් දාලා එතනම ඉදන් කාලා ෆේස්බුක් එකට කෑවා කියලා පෙන්නන්න සෙල්ෆියකුත් අරන් දාලා රෙස්ටෝරන්ට් එකේ පේජ් එකට හොද රිවීව් එකකුත් දීලා එනවා. මිල කීය වුනත් මොකද පරණ බත් නෙ. නේද? 🤭. බොරු පොෂ් කම ඊටත් ලොකුනෙ. ඒත් අපි මෙච්චර නැවුම්ව පිරිසිදුව හදලා තියෙන ඇණවුම, අවලම් කුහක පුරුද්දට, කෙනෙක් නැගිටිනකොට බලන් ඉන්න බැරි උප්ප්ත්ති ගතිය නිසා කොහේ හරි තියෙන පේජ් ඇඩ්මින් කෙනෙක් අල්ලන් අර පොඩි මනුස්සයාව පතුරු අරිනවා. මේ වගේ හරක් ඉන්න රටකට හරියාවි කියලා නම් හිතන්න අමාරු ඒක නිසයි.
අපි කවදාවත් කිසිම කෙනෙක්ගේ ව්‍යපාරයකට වචනයකින් වත් හානියක් කරලා නෑ. අපි දෙන්නට තරගකාරීත්වය ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මානසික සුවයකට මිස මේ දේවල් කරන්නේ අවුඩි බෙන්ස් ගන්න නෙමෙයි.
පාරේ යනකොට අහේතුකව බුරන හැම සුනකයටම ප්‍රතිචාර දක්වන්න අපිට කොහෙත්ම වෙලාවක් නෑ. මොකද සමහරු අපිට ගහන්න ගල් හොයන වෙලේ අපි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න කාර්‍යබහුල නිසා.
හරි විදියට ජීවත් වෙන, හරි විදියට උප්පත්තියක් සහිතව මෙලොවට අම්මගෙන් කිරි බීලා ඉපදුන කෙනෙක්, දෙමාපිය මගපෙන්වීම යටතේ ඉදලා සමාජයට ආපු කෙනෙක් කිසිදිනෙක වෙනත් කෙන්ක්ගේ අඩුපාඩු හොය හොය මඩගහ ගහා නිකරුනේ ඉතා වටිනා කෙටි මිනිස් ජීවිත කාලය නාස්ති කරන එකක් නෑ කියලයි අපි දෙන්නා විශ්වාස කරන්නෙ.
පොඩි උපදෙසක් දෙන්නද? කඩේකට යන්න. දෙයක් ගන්න. හැබැයි ඔයාට ඒක හරියන්නේ නැත්නම් ආයිත් නොගෙන ඉන්න. කවදාවත් ඒ ව්‍යපාරයේ ඇතුල්පැත්ත, ස්වභාවය සහ පසුබිම නොදැන සෝෂල් මීඩියා එකේ පොඩි මිනිහෙක් වට්ටන්න කාඩ්බෝඩ් වීරයෙක් වෙලා ගොන් ආතල් දෙන්න හදන්න එපා. 🙏😊
සශී හල්නෙත්ති