Ranrasa Ambulthiyal Paste

Ranrasa Ambulthiyal Paste Authentic Sri Lankan Coastal Recipe from Matara – Fish Ambulthiyal Paste -
Whatsapp - 0702372265

රසවත් මිරිස් මාලු සාදාගන්න. අදම ඇනවුම් කරන්න👇❤️Whatsapp - 0702372265
15/07/2026

රසවත් මිරිස් මාලු සාදාගන්න. අදම ඇනවුම් කරන්න👇❤️
Whatsapp - 0702372265

20/05/2026
02/05/2026

Ranrasa Biriyani Mix රන්රස බිරියානි මිශ්‍රණය ❤️
පහසුවෙන් ගෙදරදීම රසම රස බිරියානි හදාගන්න.

ඇනවුම් කිරීම සදහා👇
Whatsapp- 0702372265

23/04/2026

මේ වගේ ලස්සනට රසවත් මාලු ඇඹුල්තියල් පහසුවෙන් සාදා ගැනීමට අවශ්‍ය නම් දැන්ම අපව අමතන්න.
Whatsapp - 0702372265

31/03/2026

මාතර රහට ඇඹුල්තියල් කන්න ඕන නම්
අදම ඇනවුම් කරන්න ❤️👇
250g - රු. 625 ක් පමණයි
Whatsapp: 0702372265

රසවත් කෑම වේලකට නැතුවම බැරිමාළු ඇඹුල් තියල්පදමට ලුණු ඇඹුල් වැටුණු මාළු ඇඹුල් තියල් කැබැල්ලක් එක්ක කිරිබතක රස නොබැලූ කෙනෙ...
28/03/2026

රසවත් කෑම වේලකට නැතුවම බැරි
මාළු ඇඹුල් තියල්
පදමට ලුණු ඇඹුල් වැටුණු මාළු ඇඹුල් තියල් කැබැල්ලක් එක්ක කිරිබතක රස නොබැලූ කෙනෙක් ලංකාවේ හොයාගන්න බැරි තරම් ය. බොහෝ රටවල් ඒ ඒ රටවල තියෙන පරිසරය අනුව සංස්කෘතිය වගේම ආහාරපාන රටාව ද ඒ රට රටවලට ආවේණික ව පවත්වත්. අපේ රට හතර වටින් ම මුහුදෙන් වට වූ නිසා මත්ස්‍ය ආහාර ලංකාවේ කෑම වේලක සුලභ වේ.

ඇඹුල් තියල්වලට දකුණු පළාත නමක් දරන අතර මෙය මාළු කල් තබාගන්නා ක්‍රමයක් ද වෙයි. වැඩි වෙහෙසක් නැතිව පහසුවෙන් ම මාළු පිස ගත හැකි ක්‍රමයකි, ඇඹුල් තියල් කියන්නෙ. බොහෝ මංගල අවස්ථාවල වගේම දාන ගෙවල්වල ද මාළු ඇඹුල් තියල් හට්ටිය අනිවාර්ය අංගයක් වී තිබේ.

මාළු ඇඹුල් තියල් දැමීම සඳහා කෙලවල්ලා මාළු, බලමාළු, අලගුඩු වගේම හුරුල්ලෝ වැනි මාලු වැඩි වශයෙන් ම යොදා ගනී. ඒ වගේම මේ සඳහා අලුත් මාළු වෙළඳපොලෙන් ලබාගත හැකි නම් වඩා රසවත් වේ. ලංකාවේ වෙළඳපොලේ ෆෝමලින් යෙදූ මාළු වගේම බොහෝ දින ගණනක් අයිස්වල දැමූ මාළු ද ලැබේ. මේ නිසා මාළු මිලදී ගැනීමේදී සුපරීක්ෂාකාරී විය යුතුය.

හොඳ අලුත් කෙලවල්ලා මාළු, බලමාළු ආදිය කෑලි වශයෙන් කපන විට මාළුවාගේ ලේ ගතිය දකින්නට පුළුවන්. ඒ වගේම පොඩි කූරි වශයෙන් මිලදී ගන්නේ නම් මාළුවාගේ ඇස් ගැන සුපරීක්ෂාකාරී වන්න. සුදු පැහැයට හුරුවී ඇත්නම් ඒ පරණ මාළු ය. ඒ වගේම මාළුවාගේ ඇඟ තැලී ඇත්නම් උයන විට කෑලිවලට කැඩී යයි. ඒ නිසා තැලුනේ නැති හොඳ මාළු මිලදී ගන්න උත්සුක වන්න. අලුත් මාළුවල තද අප්‍රසන්න පිළී ගඳ එන්නේ නැත. මේ කරුණු ඔබට අලුත් මාළු මිලදී ගැනීමට උපකාරී වේ යැයි සිතේ.

මාළු ඇඹුල් තියල් සඳහා මැටි හට්ටියක් සපයාගත හැකි නම් වඩා අගනේය. නමුත් අවශ්‍ය නම් තාච්චියක වුවද සෑදිය හැක. මේ සඳහා රම්පේ, කරපිංචා, ගොරකා, ගම්මිරිස් සහ ලුණු යන කුළුබඩු වර්ග යොදා ගනී. අපි දැන් බලමු මාළු ඇඹුල් තියල් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :- රන් රස අඹුල් තියල් 1 Kg - 100 g
මුලින්ම ඔබ ගන්නා ලද මාළු අවශ්‍ය පරිදි කපා අනවශ්‍ය කොටස් ඉවත් කර සෝදා පිරිසිදු කරගන්න. මාළු එකවරක් හොඳින් සෝදා ගන්නේ නම් හොඳ වේ.

අනතුරුව මැටි හට්ටියේ මෙම මිශ්‍රණය ජලයේ දියකර කරපින්චා බදුනේ යටින් අතුරා අමු මිරිස් කරල් කිහිපයක් උඩින් අතුරන්න. . මෙසේ සකසා ගත් මැටි හට්ටිය තුළට මාළු කෑලි එකින් එක ගෙන අපි සාදාගත් මිශ්‍රණය හොඳින් තැවරෙන සේ තවරාගෙන එකින් එක අඩුක් කරන්න. මාළුවාගේ ඔළු කොටස තිබේ නම් හට්ටියේ අඩියට ගොරකා මිශ්‍රණය තවරා මුලින්ම අතුරාගන්න.

මෙසේ සකසාගත් මැටි හට්ටිය ලිප මත තබා හොඳින් ගින්දර දමන්න. මුල් විනාඩි 20 පමණ කර මුඩියකින් වසා තම්බා ගන්න. ඉන්පසු මාළු හට්ටියේ තිබෙන වතුර ගතිය ටිකෙන් ටික එළියට ඇවිත් හොද්දක් සේ පෙනෙනු ඇත.

තවදුරටත් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගනිමින් වතුර හිඳෙන තුරු කර මුඩිය ඇර තම්බාගන්න.

මෙසේ පිසගන්නා මාළු ඇඹුල් තියල්වල මාළු කෑලි සමඟ පේස්ට් එක අවශ්‍ය නම් වතුර ගතිය තිබෙද්දි ම මාළු හට්ටිය ලිපෙන් බාගත යුතුය.

මෙය දකුණු පළාතේ මාළු ඇඹුල් තියල් හදන ක්‍රමය යි. එමෙන්ම කිරිබත්, ඉඳිආප්ප, ආප්ප, කැකුළු බත් ආදියට මෙය හොඳින් ගැලපී යයි. තමාත් රසට අනුභව කොට අන් අයටත් රසට දෙන්න. මෙම රන් රස අඹුල් තියල් මිශ්‍රණය මිලදී ගැනීමට හා වැඩි විස්තර ලබා ගැනීමට 070 2372265 whatsapp

Address

Dcikwella
Matara
81200

Website

Alerts

Be the first to know and let us send you an email when Ranrasa Ambulthiyal Paste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share