Ruhune Embulthiyal

Ruhune Embulthiyal දේශීය කුළු බඩු පමණක්‌ භාවිතා කර සකස් ?

16/09/2024
17/09/2021

කොවිඩ් - එන්නත්කරණය හා ආසන පටි

වාහනයක ගමන් කරන විට අප ඕනෑම කෙනෙක් ආසන පටි පළඳිනවා. එසේ, ආසන පටි පැළඳීමෙන් අනිවාර්යෙන්ම ආරක්ෂාවක් ලැබෙන බවක් හැම කෙනෙක්ම දන්නවා. ප්‍රවේශමෙන් රිය පැදවීම වගේම වාහනයේ ඇති අනෙකුත් ආරක්ෂක උපාංගත් ඔබට ආරක්ෂාවක් ලබා දුන්නත්, ආරක්ෂක පටි පැළඳීම අතපසු කිරීමට ඒ කිසිම දෙයක් නිදහසට කරුණු නොවෙන බවත් අපි හැම දෙනෙක්ම දන්නවා.

“මම වාහන එලවන්නේ පරිස්සමෙන්. මාර්ග නීති අකුරටම පිළිපදිනවා. ඒ නිසා ආසන පටි අවශ්‍ය නැහැ" කියා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඒ කෙතරම් ප්‍රවේශමෙන් රිය පැදවුවත්, කුමන හේතුවක් නිසා කුමන වෙලාවක අනතුරකට ලක්වේ දැයි අපට කිව නොහැකි බව දන්නා නිසයි.

කොවිඩ් -19 රෝගයට ලබාදෙන එන්නතත් මේ ආසන පටියක් වගේ. ආසන පටිය, රිය අනතුරකට ලක්වුනොත් ඔබට වෙන හානිය අවම කරමින් ජීවිතය රැකගන්න උදව් වෙනව වගේ, නව කොරෝනා වෛරසයට ඔබ නිරාවරණය වුවහොත්, කොවිඩ් -19 රෝගයේ දරුණු සංකූලතා හා මරණය ඇති විය හැකි සම්භාවිතාව, එන්නත මගින් විශාල වශයෙන් අඩු කරනවා. ඔබට ලැබී ඇති එන්නත කුමක් වුවත් මේ කාර්යය ඒ සෑම එන්නතකින් ම ඉතාමත්ම සාර්ථකව සිදුවන බවට, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් දස දහස් ගණනක විශාල නියැදි වලින්, ලොව වටා සිදුකළ පර්යේෂණ ගණනාවකින් පැහැදිලිවම හෙළි වෙනවා. ඩෙල්ටා වැනි වේගයෙන් බෝවෙන නව ප්‍රබේධ පැමිණියත්, පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයට ඒ ආරක්ෂාවේ සහතිකය තවමත් වලංගුයි.

එන්නත ආසන පටියකින් වෙනස් වෙන තැනක් තියෙනවා. ආසන පටිය පැළඳීමෙන් ආරක්ෂාව ලැබෙන ආකාරය ඇස් පනාපිට ම පැහැදිලිව පේනවා. ඒ නිසා මාරාන්තික රිය අනතුරකින් කෙනෙක් මිය ගියහොත්, ඒ පුද්ගලයා මියගියේ ආසන පටි පැළඳ සිටි අතර දී ය, ඒ නිසා ආසන පටි වලින් ලැබෙන ආරක්ෂාවක් නැති ය, වැනි නොමග යන සුළු ප්‍රකාශ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම සුළු අනතුරකට ලක්වෙන කෙනෙක්, තමා ආසන පටි පැළඳ සිටියේ නැති මුත් දරුණු ආබාධයකට ලක්වූයේ නැති නිසා, ආසන පැළඳීම තේරුමක් නැති කටයුත්තක් බව කියන්නේ ද නැහැ.

ප්‍රතිශක්තිකරණ එන්නතක් ආරක්ෂාව ලබා දෙන්නේ කොයි ආකාරයට දැයි ඇතමෙක් නොදන්නවා විය හැකියි. භාවිතයට අනුමැතිය ලැබීමට පෙර, ප්‍රතිශක්තිකරණ එන්නතක ආරක්ෂාකාරී බව වගේම කාර්යක්ෂමතාවය ගැන පිළිබඳව, පියවර ගණනාවකින් දහ දහස් ගණනක් මිනිසුන් සහභාගි කරගනිමින් සිදුවන පරීක්ෂණ ඔස්සේ පමණක් තීරණ ලබාගන්නා බව ඇතැම් කෙනෙක් නොදන්නවා විය හැකියි. ඇතිවිය හැකි ඉතාමත් දුර්ලභ හෝ අතුරු ආබාධ හඳුනා ගැනීම සඳහා ලොව පුරා එන්නත් ලබා ගත් ගැබිණි මව්වරුන්, වයෝවෘද්ධ පුද්ගලයින්, විවිධ අසනීප වලින් පෙළෙන පුද්ගලයින් ඇතුළු මිලියන ගණනක් දෙනා, පසු ආවේක්ෂණයකට ලක් වන බව කෙනෙක් නොදන්නවා විය හැකියි. ඇතැම් පුද්ගලයින් තුළ ඇති සැකය හෝ නොදැනුවත්භාවය යොදා ගනිමින් මේ පිළිබඳ දුර්මත පැතිරවීමට ඇතැම් දෙනා යොමුවී සිටීම ඛේදවාචකයක්.

පෝලියෝ රෝගය, එන්නත්කරණය තුලින් ලොව සියලු රටවලින් පාහේ තුරන් කර තිබියදීත්, එන්නත්කරණය සාර්ථකව කරගැනීමට නොහැකි වූ ඇතැම් රටක එම රෝගය තවමත් දක්නට ලැබෙනවා. ඒ රටවල ක්‍රියාත්මක වන ඇතැම් අන්තගාමී සංවිධාන පෝලියෝ එන්නත තුළින් දරු ඵල අහිමි වන බවට කළ ප්‍රචාරයක් මෙයට එක් හේතුවක් වූ බවට කියවෙනවා. ලෝකය පුරා අන් සියළු රටවල එම එන්නත ලබා දෙන බවත්, එහි ආරක්ෂාකාරී බවට සාධක ඒ රටවල දත්ත තුළින් ඉතා පැහැදිලිව පෙන්වන බවත් එම රටෙහි කොටසක් දෙනා නොදැනිම මෙයට හේතුවක් විය හැකියි. ලෝකයක් ත්‍රස්ත කළ වෛරසයක්, අති සාර්ථක එන්නතක් තිබිය දී පවා, දුර්මතයක පිහිටෙන් තවදුරටත් ලොව තුළ පවතින්නේ එලෙසයි.

කොවිඩ් එන්නත ක්‍රියා කිරීමේ දී සිදුවන්නේ වෛරසයෙන් කොටසක්/ වෛරස් ප්‍රෝටීනයක් හෝ මරණ ලද වෛරසයක් ශරීරයට හඳුන්වාදීමක්. මෙම වෛරස් කැබලි හෝ මැරුණ වෛරස වලට අපේ ශරීර තුළ බෝ වෙන්න බැහැ. බොහෝ කාලයක් ශරීරය තුළ පවතින්නේ ද නැහැ. ශරීරය තුළ පවතින්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එම දකින වෛරස කැබැල්ල පිළිබඳ තබාගන්නා මතකය සහ නිපදවාගත් ආරක්ෂක ප්‍රතිදේහ පමණයි. සක්‍රීය වෛරසයක් ඇතුලු වූ කාලයක ඉක්මනින් එය හඳුනාගෙන පහර දීමට මෙම මතකය සහ ආරක්ෂක ප්‍රතිදේහ උපකාරී වෙනවා. මෙම පෙර සූදානම නිසා වෛරසයට එරෙහි සටනේ දී ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශේෂ වාසියක් හිමිවෙනවා. එන්නත්කරනය කරන ලද පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීමට ඇති අවස්ථාව අවම වන්නේ මේ නිසයි. නිදිවැරීම, මානසික ආතතිය, ඇතැම් පාලනය නොවූ රෝගාබාධ හා සමහර පෝෂක කොටස් ආහාරයෙන් නිසි පරිදි නොලැබීම වැනි කරුණු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බව ඇත්ත. මෙවැනි කරුණු තිබේ නම් ඒවා නිවැරදි කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උපරිම ක්‍රියාකාරිත්වයට උපකාර වෙනවා ඇති. ඒ වුණත් මේ කිසිවක් තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට වෛරසය කලින් හඳුන්වාදීම මගින් ප්‍රතිදේහ සාදා තැබීමක් තිබීමක් සිදු වන්නේ නැහැ. එනම් කොවිඩ් එන්නතකින් සිදුවන කාර්යය සිදු වන්නේ නැහැ.

ආසන පටි පැළඳ සිටියා ය කියා මාර්ග නීති නොතකා හරින්න බැහැ. මාර්ග නීති අකුරටම පිළිපැද්දත් අනතුරක් වීමේ හැකියාව ශූණ්‍ය වෙන්නෙත් නැහැ. අනතුරකදී ජීවිතය ගලවා ගැනීමට ඉතාමත් ම වැදගත් වන ආසන පටිය වුවත්, සෑම අනතුරක දී ම සෑම ජීවිතයක් ම බේරා දෙන්න සමත් වෙන්නේ නැහැ.

එන්නතත් මේ වගේ. අපිට කොවිඩ් වලට විරුද්ධ සටනේ ඇති ප්‍රබලම ආයුධය වුවත් එන්නතක් ගෙන සිටි පමණින් අනෙක් සියලු ආරක්ෂණ ක්‍රම අමතක කර දමන්න බැහැ. මොකද එන්නතෙන් පවා කොවිඩ් ආසාදනයේ ජීවිත තර්ජනය සෑම කෙනකුටම ශූන්‍ය කරන්න බැහැ. අතිමහත් බහුතරයක් ගළවා ගත්තත් කෙනෙක් ගලවා ගැනීමට නොහැකි අවස්ථා තියෙන්නත් පුළුවන්. එන්නත ලබා ගත්තත් අනෙකුත් ආරක්ෂක විධිවිධාන පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ මේ නිසයි.

අපගේ පිටුව සමග නිතර රැඳී සිටි ඔබ මෙවැනි කරුණු මේ වෙන විටත් හොඳින්ම දන්නා බව අපට විශ්වාසයි. එන්නත්කරණයේ වැදගත්කම මෙන්ම එන්නත්කරණයෙන් පසුවද ආරක්ෂාකාරී වීමේ වැදගත්කමක් ඔබ දැනටමත් දන්නවා ඇති. වෙන විදිහකට කියනවා නම් “ආසන පටියක් පැළඳ වුවත් මාර්ග නීති ඒ ආකාරයටම පිළිපැදීමේ” වටිනාකම ඔබ දන්නවා.

අප මේ සටහන තබන්නේ පාඨක ඔබගේ උපකාරයක් බලාපොරොත්තුවෙන්. රටේ අතිමහත් බහුතරයක් ඉතාමත් උනන්දුවෙන් එන්නත්කරණයට යොමු වී ඇති ආකාරය අපිට රටෙහි එන්නත්කරණ දත්ත මගින් සුපැහැදිලි ව පෙනී යනවා. අවාසනාවකට වාගේ එන්නත්කරණයට යොමු වීමට චකිතයකින් පසුවන ඉතාමත් සුළු දෙනෙක් සිටිනවා විය හැකියි. එන්නත් සම්පූර්ණ කළ නමුත් ප්‍රතිශක්තිය දුබල ඇතැම් කණ්ඩායම් තුළ සිදුවන මරණ මෙයට බාධාවක් බව පෙනෙන්නට තිබෙනවා.

මේ වනවිටත් සමස්ත ජනගහණයෙන් අඩකට ආසන්නයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටින අපට , ලෝකයේ වේගවත්ම එන්නත්කරණ ව්‍යාපෘතිය හරහා නොබෝ දිනකින්ම යම් දුරකට ආරක්ෂිත වටපිටාවක් ඇතිකරගැනීමේ සුබ සිහින දකින්නට පුලුවන්.

එම නිසා ඔබේ හිතවතුන් අතරින් එක් අයෙකු හෝ වැරදි විශ්වාසයක එල්බ ගෙන සිටීමේ හැකියාවක් ඇති නිසාත්, එන්නත්කරණය ද සම්පූර්ණ කරගත් ඇතැම් අය පවා අන් ජනතාව නොමඟ හරිමින් වැරදි ප්‍රචාර කිරීමට ඇති හැකියාවත් නිසා, එන්නත් පිළිබඳ නිවැරදි තොරතුරු ඒ ජනතාව අතරට ගෙනයාමට තතු දත් ඔබගේ උපකාරය, අපට අත්‍යවශ්‍ය වෙනවා.ඉහත කී පිරිස ඉතාමත් සුළු පිරිසක් වුවත් එක ජීවිතයක් පවා වැරදි විශ්වාස නිසා ගිලිහී යාමට ඉඩ තැබීම අපගේ වගකීම පැහැර හැරීමක් වනවා.

නිවැරදි තොරතුරු නිතර සමාජගත කරවීම තුළින් දුර්මත දුරැලීමට අප සමග අත්වැල් බැඳ සිටින ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය.

දානයක්, සුහද හමුවක්, උපන්දින සාදයක්, ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඉටු කර ගැනිමට අපට කතා කරන්න.කිසිදු කෘතිම රසකාරයකින් තොර...
01/12/2020

දානයක්, සුහද හමුවක්, උපන්දින සාදයක්, ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඉටු කර ගැනිමට අපට කතා කරන්න.
කිසිදු කෘතිම රසකාරයකින් තොරව , නියම ශ්‍රි ලාංකික කූඑබඩු පමණක් යොදා නැවුමි මැටි හටිටියේ සුපිරිසිදුව ඔබ වෙත එන දකුණේ සැබැ රසය කැටි කර ගත් පහත නිෂ්පාදන ඉතාමත් සාධාරණ මිළකට දැන් ඔබේ නිවසටම.
100% natural ingredients.

#මාඑ_ඇඹුල්තියල්
#එළුමස්මිරිසට
#දැල්ලෝ_ස්ටු
#කුකුල්මස්මිරිසට
#පරාමාඑතෝරාමාඑස්ටු
#හාල්මැස්සන්බැදුම
#පරාමාඑසළාදය
#වමිබටු_මෝජු

අපට කතා කර කලින් ඇණවුම ලබා දෙන්න.
Call Now : 077 678 60

23/11/2020

Let's have a delicious Cuttlefish Stew! Just type "CUTTLE" and send to 076 330 4325 and get a special discount. The offer valid until 30th of November. T&C

දේශීය කුළු බඩු පමණක්‌ භාවිතා කර සකස් ?

21/11/2020

අපේ රටේ 100% නැවුමි තුනපහ යොදා ගනිමින් නැවුමි මැටි හටිටියේ සකස් කරන ලද කෘතිම රසකාරක කිසිවක් හෝ කල්තබා ගැනිමේ ද්‍රව්‍ය අඩංගු නොවන නියම පිරිසිදූ නැවුමි මාඑ යොදා නිෂ්පාදිත රුහුණේ ඇඹුල්තියල් වරක් රස බැලිමට ඔබට දැන් අවස්ථාව.

මේ දිනවල අප සැමට අත්‍යවශ්‍ය‍ ප්‍රතිශක්තිකරණය ඉහල නන්වා ගැනිම සදහා මාඑ ඇඹුල්තියල් වල අඩංගු කුඑ බඩු උපකාරි වේ.

ගොරකා - මිනිස් ශරීයේ අනවශ්‍ය මේදය දහනය කර රුධිරයේ සිනි පාලනය කරයි.

ගමිමිරිස් - හොදින් ආහාර ජිර්ණය සිදු කරයි. සෙමි රෝග වලට ගුණදායකයි. මේද දහනයට උපකාරි වේ.

#නැවුමි_මැටි_හටිටිය #ගමිමිරිස් #ගොරකා #මිරිස් #ලුණු #කරපිංච #උඑහාල්

දේශීය කුළු බඩු පමණක්‌ භාවිතා කර සකස් ?

Let's have a delicious Cuttlefish Stew! Just type "CUTTLE" and send to  076 330 4325 and get a special discount. The off...
21/11/2020

Let's have a delicious Cuttlefish Stew! Just type "CUTTLE" and send to 076 330 4325 and get a special discount. The offer valid until 30th of November. T&C

18/11/2020

Get free delivery to your door step. It's only for first 20 customers.
Hurry up!

දේශීය කුළු බඩු පමණක්‌ භාවිතා කර සකස් ?

Now we are open. Delicious Ruhune Embulthiyal        Lankan
17/11/2020

Now we are open. Delicious Ruhune Embulthiyal

Lankan

Address

No 111S, Isuru Uyana, Siybalagoda, Polgasowita
Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when Ruhune Embulthiyal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruhune Embulthiyal:

Share