19/01/2026
මට සමාවෙයන් මයේ අම්මා....
දරුවා ලැබී වාට්ටුවට දැම්ම මගේ රත්තරං නෝනව බදාගෙන මම ඇඩුවා...
මම මෙච්චර කල් හරිම කෙලි දොලෙන් ජීවිතේ ගෙවපු මිනිහෙක්...
උබ බඩින් කියනකොටත් මට ඒක එච්චර දැනුනේ නෑ...
මම උබට අඩු පාඩු කලේ නෑ..
උබව බලා නොගෙන හිටියේ නෑ..
ඒත් මගේ කොලු කම ගියේ නෑ...
අද උදේ උබ අමාරු වෙලා රෝහලට අරන් යනකොට..
මගේ බඩ ඇතුලේ මොකද්ද උනා..
ඒ බයට කියලා මම දන්නවා..
උදේ ඉදලා අපේ දරුවා මේ ලෝකෙට ගේන්න වින්ද දුක මම දැක්කා...
බබා ලැබෙනවා මහත්තයට බලන්න පුලුවන්..
නර්ස් ඇවිත් රෝසපාට ඇදුමක් අතට දීලා මට කියනකොට ගැහෙන හදවතින් මම ප්‍රසූතාගාරයට රිංගුවා...
දෙයියනේ...
උබ ලතෝනි දෙනවා....
ගෙදර හිටියත් හරිම සංවරව ඉන්න උබ...
කකුල් දෙකේ බාගයක් පෙන්න ඉද නොගත්ට උබ...
මහා වේදනාවෙන් කකුල් දෙක ඈත් කරගෙන කෑගහනවා...
උබේ වැහෙන්න ඕන තැන් ඇරිලා.
උබට ගානක් නෑ...
මාව දැක්කම ඇස් අග තිබ්බ කදුලක් කඩාගෙන වැටෙනවා මම දැක්කා...
මම ලගට ඇවිත් උබේ අත අල්ල ගත්තේ..
දරුවගේ අප්පා උනත් මට කරන්න දෙයක් තිබ්බේ නැති නිසා..
හැම බරක්ම උබේ කර උඩ පැටවිලා...
තව ටිකයි අම්මා..
තව ටිකයි.. අම්මා ඔයා අපිට උදව් කරන්න...
හොද හුස්මක් ගන්න අම්මා...
ඩොක්ට කියවනවා..
උබ මට බෑ කියලා කිව්වේ නැති උනාට..
උබේ ඇස් මට කියවන්න පුලුවන් රත්තරං..
මං බලාගෙන ඉද්දිම කතුරක් අරන් අමු අමුවේ උබේ මස් කපනකොට..
මට උබේ කකුල් දෙක මුල වැටිලා සමාව ගන්න හිතුනා...
මහා වේදනාවක් මැද්දේ උබේ හයියෙන්ම අපේ දරු පැටියා මෙලොව එළිය දැක්කා...
ඒත් වේදනා අඩු නෑ කියලා මම දැක්කේ..
දරු පැටියා එළියට ආවට පස්සේ කරන යුද්දේ දැකලා..
අමු අමුවෙන් ලේ තලි තලි වැටෙද්දී..
කපපු තැන් මහන්න දොස්තර ඉදිකට්ට අතට ගත්තා..
මට මතක් උනේ හැට්ට කට්ටක් ඇනිලා පැය ගානක් අඩපු උබව..
මෙච්චර දේවල් උබ කොහොම ඉවසුවාද මැණික..
ඇත්තමයි..
මව් පදවිය..
ඒක තාත්තෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
උබට අත් දෙක එකතු කරලා වැන්දට මට පව් නෑ... 🥺🥺🥺
ආදරණිය මහත්තයෙක්ගේ වේදනාව, සටහනක 😪💔..
Credit goes to respective owner
කාගෙද අදහස් කියලා නම් ඇත්තටම මම දන්නෙත් නෑ. කාගෙ උනත් හරිම ආදරණීය අදහස් ටිකක්.❤️