18/08/2024
ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් පසුගිය දවසක සිදුවූ මෙම සිදුවීම ත්‍රාසජණක චිත්‍රපටයක ජවනිකාවක් බඳු විය...
සාමාන්‍යයෙන් කළපුවට දිය නෑමට පැමිණි සද්ධන්ත අලියෙක්, ඔහුටත් නොදැනිම සැතපුම් පහක් පමණ ගැඹුරු මුහුදට ඇදීගොස් අතරමං වී භයානක දුෂ්කරතාවයකට මුහුණදීමට සිදු විය...
කොකිලායි කලපුවෙන් සාමාන්‍ය දියනෑමක් ලෙස ආරම්භ වූ මෙම සත්වයාගේ දියනෑම, නොනවතුණු ඉන්දියන් සාගර ජල ප්‍රවාහයකට හසුවී මුහුදේ ඈතට ගසාගෙන යන අතරතුර, කොපමණ දක්ෂ පිහිණුම්කරුවෙක් උනත් ඊට එරෙහිව තම ජීවිතය බේරා ගැනීම සඳහා වූ දරුණු අරගලයක නිරතවීමට සිදුවිය...
ඡායාරූපවල ඇති මෙම දර්ශණ ගැන පොඩ්ඩක් බලන්න... එයින් පෙනෙන්නේ ජලයේ පිහිණීමට දක්ෂතාවයක් සහ ප්‍රසිද්ධත්වයක් උසුළන තේජාන්විත ජීවියෙකු හදිසියේම ඉන් පරාජය වී හෙම්බත්වී මුහුදේ ඈතට පාවී යාමට එරෙහිව පොරබදන ආකාරයි...
මෙම සත්වයාගේ විපත ගැන අවදියෙන් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වීමත් සමඟ එය කාලයත් සමඟ තරගයක් බවට පත්වී තිබිණ... කිමිදුම්කරුවන් සහ වනජීවී නිලධාරීන් මෙම යෝධයා බේරා ගැනීම සඳහා පැය 12 ක් පමණ වෙහෙස නොබලා, රළ සමඟ පොරබදමින් වෙහෙස මහන්සි වී වැඩ කරන්නට විය...
කඹ වලින් පරිස්සමට දැවැන්තයාව ගැටගසාගෙන, ආරක්‍ෂාකාරීව අඟලෙන් අඟලට නැවත මෙම සත්වයාව ගොඩබිම වෙත ගෙන යාමට ඔවුනට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය...
ගොඩබිමට රැගෙන ඒමෙන් පසු සම්පූර්ණ ශරීර පරීක්ෂාවකින් පසුව සද්ධන්තයාගේ ජීවත්වීමේ හැකියාව තහවුරු විය - සතාගේ වාසනාවකට පැය ගාණක මුහුද සමඟ පොරබැදීමෙන් හෝ නැවත ලණු දමා ඇදගෙන ඒමෙන් සතාට හෝ ශරීරයට කිසිඳු හානියක් සිදුවී නොතිබිණ... සතාගේ ධෛර්යය සහ මිනිසාගේ දයානුකම්පාව පිළිබඳ මෙම හෘදයාංගම කතාව අපට මතක් කර දෙන්නේ මිනිසුන් සහ වන ජීවීන් අතර ඇති විශිෂ්ට බැඳීම සහ රැකිය යුතු සම්පත ආරක්ෂා කිරීමට දයානුකම්පිත මිනිසා නිරන්තරයෙන් දරණ වෙහෙස මහන්සියයි...
- ධම්මික සමරතුංග -
...
📷