09/07/2026
හැම Chef කෙනෙක්ම,Chef කෙනෙක්ගෙ පව්ලෙ කෙනෙක්ම මේක කියවන්න 👇🙏
🚨 social media වල දාන ලස්සන video වලට එහා ගිය සුපවේදී කලාව 👨🍳💔🔥
සෝෂල් මීඩියා වල උඩට පහළට යද්දී අපි දකින්නේ මාරම ලස්සන, පිරිසිදු, කලර්ෆුල් ප්ලේට් එකක් උඩ කලාවක් කරන Chefs ලාව. නැත්නම් මිලියන ගණන් හම්බ කරලා ලෝකේ වටේ යන සාර්ථක සුපවේදීන්ගේ සුඛෝපභෝගී ජීවිත. ඒ දිලිසෙන ලෝකය දැකලා හැමෝම හිතනවා, "ෂා... මේක මාර ලේසි, ආතල්, ලස්සන රස්සාවක්නේ" කියලා.
හැබැයි මම උඹලට සැබෑ ඇත්ත කියන්නම්...
ලෝකයේ Stress (මානසික පීඩනය) වැඩිම රැකියා 5 ඇතුළට මේ සුපවේදී කලාව අයිති වෙන්නේ නිකන් නෙවෙයි.
ඒ දිලිසෙන වීඩියෝ වලට එහා පැත්තේ තියෙන්නේ දාඩිය, ලේ, කඳුළු සහ මාරාන්තික පීඩනයක් පිරුණු අඳුරු ලෝකයක්! 💯🛑
⏳ පැය 16-20 ක කට්ට සහ "එකම එක" වැරැද්දක මාරාන්තික වන්දිය!
කුස්සියක් ඇතුළේ දවසකට පැය 12ක්, 16ක්, සමහරවිට පැය 20 ක් එක දිගට හිටගෙන, අධික රස්නය සහ ගින්දර මැද, කෑගැසීම් සහ Orders පීඩනය අස්සේ වැඩ කරද්දී මොළය ක්‍රියා කරන්නේ උපරිම ධාරිතාවයෙන්. මෙතනදී "Quality Maintain" කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
සූපවේදියෙක් කරන එකම එක පොඩි වැරැද්දක්—උදාහරණයකට Cross-contamination එකක්, නොදැනුවත්ව සිදුවන Allergen මිශ්‍ර වීමක් හෝ සුළු Food Safety බිඳවැටීමක්—සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති වෙන්න පවා හේතු වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් වගේම අනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ රස්සාවේ, එක වැරැද්දක් වුණොත් තමන්ගේ මුළු ජීවිත කාලයම සිරගෙවල් සහ නීතිමය ප්‍රශ්න අස්සේ සදහටම විනාශ වෙලා යන්න පුළුවන්.
🧠 විශ්‍රාම යනකම් කට්ටකාපු Chef ලා සමහරක් ගැන අහන්න ලැබෙන ඇත්ත කතා… මේ වගේ තව ඕනිතරම් තියෙනවා…෴
ජීවිත කාලයම මේ පීඩනය දරාගෙන වැඩ කරලා විශ්‍රාම යන, නැත්නම් ක්ෂේත්‍රයේ ඉහළටම යන ප්‍රවීණයන් මුහුණ දෙන මානසික බිඳවැටීම් (Mental Health Issues) සහ දරුණු තත්ත්වයන්.
Gordon Ramsay වැනි ලෝක ප්‍රකට සුපවේදීන් පවා ප්‍රකාශ කර තිබෙන්නේ කුස්සියේ ඇතිවන පීඩනය නිසා තමන්ගේ පෞද්ගලික ජීවිත අහිමි වන බවයි.
ලෝක ප්‍රසිද්ධ 3-Michelin-Star Chef කෙනෙක් වුණු Bernard Loiseau තමන්ගේ ප්‍රමිතිය (Rating) අඩු වෙයි කියන අධික මානසික බිය සහ පීඩනය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත්තා.
ලෝක ප්‍රකට Anthony Bourdain ගේ ජීවිත කතාව දෙස බැලුවත් පෙනෙන්නේ, මුළු ලෝකයක්ම ආදරය කරද්දීත් කුස්සියේ ඇතුළාන්තයෙන් ඇතිවුණු ඒ දීර්ඝකාලීන තනිකම සහ පීඩනය (Depression) මිනිසෙකුව කෙතරම් අගාධයකට ඇද දමනවාද යන්නයි.
👥 පවුලේ අයගේ "ඉවසීම"
සමාජ විද්‍යාත්මක දත්ත (Sociological Data) දෙස බැලීමේදී, Chef කෙනෙක්ගේ පවුලක් කියන්නේ මාරම කැපකිරීමක් කරන පිරිසක්. සාමාන්‍ය මිනිස්සු නිවාඩු ගන්න සිංහල අවුරුද්දට, නත්තලට, පොහොයට, වැලන්ටයින් එකට, නැත්නම් සති අන්තයේ පවුලේ අය එකතු වෙද්දී—Chef කෙනෙක් කරන්නේ ලෝකයාට කන්න දෙන්න තමන්ගේ පවුල අමතක කරලා කුස්සියේ දාඩිය පෙරාගෙන ගේම ගහන එකයි.
අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, විශේෂයෙන්ම බිරිඳ සහ දරුවන්... මේ අයට මාරම ඉවසීමක් තියෙන්න ඕනේ. තමන්ගේ සැමියා හෝ තාත්තා උපන් දිනේට, ඇනිවර්සරි එකට ගෙදර නැති වෙද්දී, රෑ 12ට 1ට මළ කඳක් වගේ ගෙදර ඇවිත් මැරිලා වගේ නිදාගනිද්දී, ඒ පීඩනය තේරුම් ගන්න පුළුවන් උදාර පවුලක් Chef කෙනෙක්ට ඉන්නම ඕනේ. ඒ ආදරය සහ තේරුම් ගැනීම නැති තැන මුළු පවුල් ජීවිතයම දෙදරා යනවා.
🧘♂️ Ego පාලනය සහ Stress Balance කරන්නේ කොහොමද?
කුස්සියක් ඇතුළේ වැඩ කරන්නේ එක එක ජාතියේ, එක එක මානසික මට්ටම්වල මිනිස්සු. එතනදී තමන්ගේ "Ego" එක (මමත්වය) පාලනය කරගන්න බැරි වුණොත් මුළු දවසම විනාශයි. හැම Negative දෙයක්ම, හැම කෑගැසීමක්ම තමන්ගෙ Professional ජීවිතේට හොඳ පාඩමක් කියලදෙන්න වෙන දේවල් විදිහට Positively දකින්න මනස හදාගන්න ඕනේ.
හැමදාම වැඩ නිම වී විනාඩි 10ක් නිශ්ශබ්දව ඉන්න. Kitchen එකේ ප්‍රශ්න Kitchen එකේ තියලා එන්න පුරුදු වෙන්න. මනස නිදහස් කරගන්න සංගීතයට, ක්‍රීඩාවට යොමුවෙන්න.
🏆 "CHEF" කෙනෙක් වෙන්නේ සුළු පිරිසක් විතරයි!
අවුරුද්දකට මේ ෆීල්ඩ් එකට දහස් ගණන් ආවත්, අන්තිමට සාර්ථකව තමන්ගේ නම ඉස්සරහට "CHEF" කෑල්ල දාගෙන ජීවිතේ ජයගන්නේ 1%ක් වගේ සුළු පිරිසක් විතරයි. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි... මේ දරුණු Stress එක, Work-Life Balance එක සහ තමන්ගේ Skills එකට එකතු කරගෙන, හැඟීම් පාලනය කරගෙන වැඩ කරන්න පුළුවන් වුණේ ඒ සුළු පිරිසට විතරක් නිසයි.
අවසාන වශයෙන්, මේ හැම බරක්ම දරාගෙන, තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, තමන්ගේ ජීවිතේ ගොඩදාගන්න ලංකාවේ වගේම මුළු ලෝකය පුරාම ඉඳන් දාඩිය හලන, කට්ට කන හැම ලාංකික කොල්ලෙක්ටම, කෙල්ලෙක්ටම, හැම සහෝදර Chef කෙනෙක්ටම මගේ හදවතින්ම ගෞරව කරනවා! උඹලා ගහන ගේම දැනෙන්නෙ තවත් Chef කෙනෙක්ටම විතරයි.❤️ ඔයාලා ගහන ගේම වචනවලින් ලියන්න බැරි තරම් වටිනවා. ඔයාලගේ හැම හීනයකටම යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා! 🦾🔥Respect
"Chef rajive" herath