Ceyroki Business Management

Call Contact the business

Ceyroki Business Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceyroki Business Management, 190/2/D, Galakumbura, Mawatha, Embilipitiya.

To provide simple, efficient, accurate and professional business registration, documentation and foundational corporate support services, enabling entrepreneurs to establish their businesses on a strong foundation for long-term success.

📢 Important Update!🇱🇰2026 නොවැම්බර් 01 සිට සෑම පුද්ගලයෙකුටම Taxpayer Identification Number (TIN) ලබාගැනීම අනිවාර්ය වන බව...
21/10/2026

📢 Important Update!🇱🇰

2026 නොවැම්බර් 01 සිට සෑම පුද්ගලයෙකුටම Taxpayer Identification Number (TIN) ලබාගැනීම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.

ඔබගේ දෛනික financial සහ legal කටයුතු බාධාවකින් තොරව සිදුකරගැනීමට දැන්ම සූදානම් වන්න! ✅

🔹 බැංකු ගිණුම් විවෘත කිරීම
🔹 Building Plans සඳහා අනුමැතිය ලබාගැනීම
🔹 වාහන ලියාපදිංචි කිරීම සහ Revenue License අලුත් කිරීම
🔹 ඉඩම් ලියාපදිංචි කිරීම සහ අයිතිය පැවරීම
🔹 ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ Company Shares නිකුත් කිරීම
🔹 Credit Card ලබාගැනීම

⚠️ ඔබටත් TIN Number එකක් තිබෙනවාද?
ප්‍රමාද නොවී මේ පිළිබඳව දැනුවත් වී අවශ්‍ය පියවර ගන්න!

19/10/2026

ඔබේ ජීවිතය වෙනස් කරන තීරණය අදම ගන්න.💪🔥
අද ඔබේ උත්සාහය, හෙට ඔබේ සාර්ථකත්වයයි!

🏢ඔබේ ව්‍යාපාරය අද කුඩාවට පටන් ගත්තත්, හෙට විශාල ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුද?එහෙනම් එකම විකල්පය Private Limited Compan...
18/10/2026

🏢ඔබේ ව්‍යාපාරය අද කුඩාවට පටන් ගත්තත්, හෙට විශාල ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුද?

එහෙනම් එකම විකල්පය Private Limited Company (Pvt Ltd) එකක් විදියට ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමයි.. 🚀

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන්,

✅ බැංකු ණය හා මූල්‍ය පහසුකම් සඳහා වඩාත් විධිමත් ව්‍යාපාරික අනන්‍යතාවයක් ගොඩනගාගත හැකියි.
✅ ආයෝජකයන් සමඟ නීත්‍යානුකූලව කටයුතු කළ හැකියි.
✅ ටෙන්ඩර්, සැපයුම් සහ ආයතනික ගනුදෙනු සඳහා ඉදිරිපත් විය හැකියි.
✅ ව්‍යාපාරයේ හිමිකාරීත්වය සහ කොටස් පැහැදිලිව වෙන්කරගත හැකියි.
✅ Online Business, Freelancing වැනි ව්‍යාපාර පවා විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යා හැකියි.

අනාගතයේ ව්‍යාපාරය පුළුල් කිරීමට හොඳ පදනමක් සකසා ගන්න

අදම අමතන්න - Call / WhatsApp: (077) 676 4529

CEYROKI Business Management
📍190/2/D, Galakumbura, Mawatha, Boralesgamuwa, Sri Lanka

🚀අද ඔබේ අදහසක්… හෙට ඔබේ ව්‍යාපාරික සන්නාමයක්!

17/10/2026

"ගලක් සිදුරු වන්නේ එකම තැනට නැවත නැවත වැටෙන ජල බිඳුවලිනි."🔥

ඔබත් උත්සාහවන්තව කටයුතු කරන්න, අඛණ්ඩ උත්සාහය පුංචි දෙයක් වුවත් විශාල ප්‍රතිඵල ගෙන එයි.

🔺Life Lesson of the Day!
Ceyroki Business Management

ශ්‍රී ලංකාවේ 2007 අංක 07 දරණ සමාගම් පනතට අනුව මොනයම් හෝ සමාගමක් සංස්ථාපනයේදී ඔබෙන් මේ Articles of Association නොහොත් සාං...
16/10/2026

ශ්‍රී ලංකාවේ 2007 අංක 07 දරණ සමාගම් පනතට අනුව මොනයම් හෝ සමාගමක් සංස්ථාපනයේදී ඔබෙන් මේ Articles of Association නොහොත් සාංගමික ව්‍යවස්ථාවලියක් ඉල්ලා සිටිනවා.

සමාන්‍යෙන් සමාගමක් / Company එකක් කියන්නෙ එකතු වීමක්. මෙතන ප්‍රධාන වශයෙන් සමාගමක පාර්ශව තුනක් ඉන්නවා.

01. කොටස්කරුවන් - Shareholders
02. අධ්‍යක්ෂකවරුන් - Directors
03. ලේකම් - Secretary

ඉතින් මේ ආකාරයේ පාර්ශවකරුවන් එකතුවීමකදී , සහ ඉදිරියට පවත්වාගැනිමේදී , ඉදිරි තීරණ ගැනීමේදී එකග කරගන්නා වූ ව්‍යවස්ථාවලියක් තිබිය යුතුයි.

මෙන්න මේ ආකාරයෙන් යම් සමාගමක් වෙනුවෙන්ම සකසන ලද ව්‍යවස්ථාවලියට තමයි Articles of Association කියන්නේ.

මේ ඒකමතිකව පිලිගත් ව්‍යවස්ථාවලිය එම සමාගමේ ප්‍රාග්ධනය සපයා , හිමිකම් කියන සියලු කොටස්කරුවන් අත්සන් තබා , සමාගම් රෙජිස්ට්‍රාර් වරයා විසින් සහතික කල පසු නීත්‍යානුකූලව 2007 අංක 07 සමාගම් පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කරගෙන යාමට අධ්‍යක්ෂකවරුන්ට සහ ලේඛම්වරුන්ට අවස්ථාව හිමිවේ.


“පරීක්ෂා නොකළ ජීවිතයක් ජීවත් වීමට වටිනා ජීවිතයක් නොවේ.” - සොක්‍රටීස් (Socrates)ජීවිතයේ සැබෑ දියුණුව ආරම්භ වන්නේ තමන් ගැන...
15/10/2026

“පරීක්ෂා නොකළ ජීවිතයක් ජීවත් වීමට වටිනා ජීවිතයක් නොවේ.” - සොක්‍රටීස් (Socrates)

ජීවිතයේ සැබෑ දියුණුව ආරම්භ වන්නේ තමන් ගැන අවබෝධ කරගැනීමෙනි.💡
අපි කරන වැරදි හඳුනාගන්න. ඒවායින් පාඩම් ඉගෙනගන්න. ඊයේ ඔබ කළ වැරදි අද නිවැරදි කරගෙන, හෙට වඩාත් හොඳ පුද්ගලයෙකු වීමට උත්සාහ කරන්න.

10/10/2026

අලුත්ම බලාපොරොත්තු සමගින් ඔබත් ලගදීම ඔබේ සිහින ව්‍යාපාරය ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවද?

2007 අංක 07 දරණ සමාගම් පනතට අනුකූලව, ඔබේ ව්‍යාපාරයත් අදම සමාගමක් ලෙස පැහැදිලිව , පිරිසිදුව රජයේ නීත්‍යානුකූල රාමුව තුලින් ලියාපදිංචිකර ගන්න අප සමග ඔබත් එක්වන්න.
අපගේ සමාගම් ලියාපදිංචි කිරීමේ පැකේජයට අදාළ සේවාවන් පහති දැක්වේ.

🔷 සංස්ථාපනය පිලිබද මූලික උපදේශනය (Consultant about Incorporation)
🔹ව්‍යාපාර නම වෙන් කර ගැනීම (Business Name Reservation)
🔹Form 01, 18, 19 ෆෝරම කට්ටලය සැකසීම
🔹 සාංගමික ව්‍යවස්තාවලිය සැකසීම (Preparing the Article of Association)
🔹 සහතික කරන ලද Certified Form 1
🔷 සහතික කරන ලද Certified Articles of Association
🔹 බදු හදුනාගැනීමේ අංකය සහිත සහතිකය (TIN Certificate)
🔷 ගැසට් කිරීමේ වියදම (Gazette Notice)
🔷 පුවත්පත් දැන්වීම් වියදම් (Papar Articles)
🔹 සමාගම් බැංකු ගිණුම සදහා අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා ලිපිය (Company Bank Account Resolution)
🔷 අන්තර්ජාල බැංකු , SMS සහ චෙක්පොත් සදහා ඉල්ලීම් ලිපිය
🔷 සමාගමේ නිල මුද්‍රාව (Company Official Stamp)
🔷අධ්‍යක්ෂක මුද්‍රාව (Director Stamp)
🔷 ලේකම් මුද්‍රාව (Secretary Stamp)
🔷 ලිපිගොනුව නිවසටම ඩිලිවරි කිරීම (Postal Delivery Service)

💼 මේ සියලුම සේවා සඳහා ගාස්තුව: රු. 42,950/-

ඔබත් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කර ගන්න.. අදම අප හා සම්බන්ධ වන්න.

📞 Call / WhatsApp: (077) 676 4529

CEYROKI (PVT) LTD - Business Management Service
📍190/2/D, Galakumbura, Mawatha, Boralesgamuwa, Sri Lanka

⚠️ සමාගම් අධ්‍යක්ෂවරුන් සහ ලේකම්වරුන්ගේ අවධානයට!ඔබේ සමාගමේ Beneficial Ownership තොරතුරු ඉදිරිපත් කරලද තියෙන්නෙ.. 2025 අං...
17/09/2026

⚠️ සමාගම් අධ්‍යක්ෂවරුන් සහ ලේකම්වරුන්ගේ අවධානයට!

ඔබේ සමාගමේ Beneficial Ownership තොරතුරු ඉදිරිපත් කරලද තියෙන්නෙ..

2025 අංක 12 දරන Companies (Amendment) Act යටතේ, සමාගම්වල Beneficial Ownership (සැබෑ හිමිකාරීත්වය) පිළිබඳ තොරතුරු Registrar of Companies වෙත ලබාදීම අනිවාර්ය කර තියෙනවා..

සරලව කිව්වොත්, සමාගමක සැබෑ ප්‍රතිලාභ ලබන හෝ අවසාන වශයෙන් සමාගම පාලනය කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු අදාළ පද්ධතියට ලබාදීම තමයි මෙහිදී සිදුවන්නේ.

මේකෙ අවසන් දිනය විදියට තියෙන්නෙ
2026 සැප්තැම්බර් 30

ඔබේ සමාගමට මෙම අවශ්‍යතාවය අදාළ නම්, සැප්තැම්බර් 30ට පෙර අවශ්‍ය Beneficial Ownership තොරතුරු ඉදිරිපත් කර තිබීම අනිවාර්යයි..

ඒ වගේම, අදාළ නීතිමය විධිවිධානවලට අනුකූල නොවීම වරදක් ලෙස සැලකිය හැකි අතර, නිල නිවේදනය අනුව රු. මිලියන 1ක් දක්වා දඩයක් හෝ වසර 10ක් දක්වා සිරදඬුවමක් හෝ දෙකම පැනවිය හැකියි.

👉 ඔබේ සමාගම මේ සඳහා අනුකූල වී තිබෙනවාද කියලා අදම පරීක්ෂා කර බලන්න.

✅ BO Submission සහ සමාගම් ලියාපදිංචි කටයුතු, ව්‍යාපාර කළමනාකරණය සහ අදාළ ව්‍යාපාරික ලේඛන කටයුතු සඳහා සහාය ලබාගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

CEYROKI Business Management
📍190/2/D, Galakumbura, Mawatha, Boralesgamuwa, Sri Lanka

📞 Call / WhatsApp: (077) 676 4529

📌 මෙම තොරතුරු Registrar of Companies විසින් නිකුත් කර ඇති නිල නිවේදනය මත පදනම් වේ.

ව්‍යාපාරයක් ආරම්භ කරලා, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අත්පත් කර ගත්තු බොහෝ ව්‍යාපාරික හිතවතුන්ට, ව්‍යවසායකයින්ට තියෙන පොදු ...
07/09/2026

ව්‍යාපාරයක් ආරම්භ කරලා, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අත්පත් කර ගත්තු බොහෝ ව්‍යාපාරික හිතවතුන්ට, ව්‍යවසායකයින්ට තියෙන පොදු ගැටලු කිහිපයකට විසදුම් ලබා දීම තමයි මේ ලිපියේ ප්‍රධාන අරමුණ. 👇

ඔබ දැනටමත් යම් කිසි ව්‍යාපාර ප්‍රවේශයක් ලබා ගෙන ඒ සදහා ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර හෝ සමාගමක් ලෙස කටයුතු කරන කෙනෙක් වෙන්න පුලුවන්.

ඔබ දිගු කාලීන හොද අරමුණක් සහිතව , නිසි පිලිගැනීමකින් යුක්තව ව්‍යාපාරයක් කරගෙන යාමට හිතන කෙනෙක් නම් අපි නිර්දේශ කරන්නේ ඔබගේ ව්‍යාපාරය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සීමාසහිත පෞද්ගලික සමාගමක් (Private Limited Company) ලෙස සංස්ථාපනය කිරීම සුදුසු බවයි.

අප සමග ඔබ දැනටමත් සමාගම් සංස්ථාපනය සිදුකරපු ව්‍යාපාරික හිතවතෙක් නම් දැනට මූලික වශයෙන් ඔබට පහත ලියකියවිලි කට්ටලය ඔබ වෙත ලැබී ඇත.

* ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ( Business Registration Certificate )
* සහතික කරන ලද Form 01 පිටපතක්
* සහතික කරන සාංගමික ව්‍යවස්ථාවලියේ පිටපතක් (Articles of Association)
* ව්‍යාපාර බැංකු ගිණුම් ආරම්භ කිරීම හා අනෙකුත් බැංකු සේවා සදහා Board Resolution
* සමාගම් නිල මුද්‍රාව, අධ්‍යක්ෂක මුද්‍රාව, ලේකම් මුද්‍රාව
* බදු ගෙවන්නා හදුනාගැනීමේ සහතිකය (TIN Certificate)

මේ ලියකියවිලි කට්ටලය ඔබ වෙත ලැබුණු වහාම ඔබ කල යුත්තේ ව්‍යාපාරයට අදාල ජංගම බැංකු ගිණුම (Business Current Account ), ව්‍යාපාර ඉතුරුම් ගිණුම (Business Savings Account ) , අන්තර්ජාල බැංකු සේවා පහසුකම් (Internet Banking Service Facility ) ලබා ගැනීමයි.

පසුව ඔබ මෙතෙක් කරගෙන පැමිණි සියලු ගනුදෙනු බැංකුව හරහා සිදු කිරීමට හුරු වීමට ඔබ විසින් උනන්දු විය යුතුයි.

ඔබගේ සියලු ව්‍යාපාරික ගනුදෙනු ඔබගේ ව්‍යාපාර බැංකු ගිණුම හරහාත්, ඔබගේ පෞද්ගලික ගනුදෙනු ව්‍යාපාරයෙන් වෙන්කොට තබා ගැනීමට ඔබ විසින් වග බලා ගැනීම කල යුතුයි.

මීට අමතරව ඔබ විසින් ඔබගේ ගනුදෙනු කරුවන් සමග කරන සියලුම ව්‍යාපාර ගනුදෙනු සදහා මූලාශ්‍ර ලේඛන (Source Document) රැස් කර තමා ගැනීම ඉතා වැදගත්.

අපි ඔබට නිර්දේශ කරන්නේ මූලිකව ඔබගේ ගනුදෙනු සදහා මූලාශ ලේඛන File 4ක් වෙන් කර ගන්නා ලෙසයි.

✔️ 1st File - Sales Invoices ( විකුණුම් ඉන්වොයිසි)
ඔබගේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා විකිණීමේදී ඔබ විසින් ඔබගේ ගැනුම්කරුවන්ට Invoice එකක් නිකුත් කරනවා ඇති. ඒ සියලුම Invoice එකතුව මේ File එකට එකතු කරන්න.

* ඔබ Online භාණ්ඩ විකුණුම් කරන ආයතනයක් නම් ඔබගේ බෙදාහැරීමේ ආයතනය (Delivery Agent) වෙත භාණ්ඩ ලබා දීමේදී ලැබෙන පිටපත (බොහෝවිට ඩිලිවරි ආයතනයෙ වෙබ් අඩවිය තුල ඔබේ ඩිලිවරි ඇතුලත් කර පසු බාගත කර ගත හැකි පිටපත ප්‍රමාණවත් )

* ඔබ මුදලට ගනුදෙනු කරනවානම් On approval Invoice එකක් සමග යට ඇති කාබන් පිටපත ප්‍රමාණවත්

✔️ 2nd File - Receipts (ලදුපත්)
ඔබගේ ගනුදෙනුකරුවගෙන් මුදල් ලැබුණු පසු ඒ පිලිබදව සටහන් කරගැනීමටත්, මුදල් ගෙවු බවට ඔවුන්ට තහවුරු කිරීම සදහා ඔවුන්ට යැවීමට ලදුපත භාවිතා කර යුතුයි.

සෘජුවම ඔබ සමග ගනුදෙනු කරන ගැනුම්කරුවෙක් නම් මෙහි පිටපතක් Paid නම් මුද්‍රාව යොදා ලබාදීම වඩා වැදගත් වෙයි.

ඔබ මුදල් මත ගනුදෙනු කරනවානම් එම මුදල් දිනපතා හෝ සතිපතා බැංකු ගතකොට බැංකුවෙන් ලැබෙන Receipt 2වන පිටපත එකතු කර ගැනීම සුදුසුයි.

දැන් ඔබගේ අදායම් පැත්තට අදාල Invoice සහ Receipt පිලිබද අවබෝධයක් ඇති.

ඊ ලගට එමු වියදම් පැත්තට

✔️ 3rd File - Bills (බිල්පත්)
මූලිකවම ඔබගේ ව්‍යාපාරයේ ප්‍රධානා භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගෙන් ඔබට ලැබෙන මූලාශ ලේඛන මෙහිදී ප්‍රමාණවත්. ඊට අමතරව ඔබගේ Rent, Electricity , Internet , සැපයුම්කරුවා විසින් සපනයන මාසික බිල ප්‍රමාණවත්.

✔️ 4th File - Payment Voucher (ගෙවීම් වවුචර්)
මෙහිදී ඔබ විසින් සෑම ගෙවීමක් සදහාම නියමිත ආකෘතියෙ ගෙවීම් වවුචරයක් පිලියෙල කර ගැනීම වඩාත් සුදුසුයි. ඉහත සදහන් බිල්පත් සදහා ඕනෑම ගෙවීමක් සිදු කරන අවස්ථාවදී ගෙවන වටිනාකම් සදහන් කර ගනිමින් පැහැදිලිව මෙම මූලාශ්‍ර ලේඛන එකතු කරගත යුතුයි.

මේ සියලු ලේඛන ගිණුම්කරණ මෘදුකාංගයක් (Quickbook , Zohobooks, Sage50) හරහා ඔබට කරගන්න පුලුවන්. නමුත් සෑම විටම මූලාශ්‍ර ලේඛණ වල දෘඩ පිටපත් (Hard Copy) වෙන් කරගෙන වෙනම පවත්වා ගැනීම ඉතාම වැදගත්.

______________________________

දැන් ඔබ ගිණුම්කරණ කටයුතු සදහාත් යම්කිසි ප්‍රවේශයක් ලබා ගත්තාට පසුව ඔබට ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් රජයට ඉටුකර යුතු වගකීම් කිහිපයක් තියෙනවා.

ම ඔබ සමාගමක් වශයෙන් ව්‍යාපාරය සංස්ථාපනය කල පසු මූලික වශයෙන් ඔබට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලාය හා දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව යන ආයතන දෙකට ඔවුන්ගේ රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවෙනවා.

ව්‍යාපාර ලියාපදිංචි කර දිනෙන් මාස 18 ක් ගත වීමට පෙර ඔබ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය සදහා Annual Return Submit කිරීම සිදු කල යුතු වෙනවා. එහිදී ඔබගේ ව්‍යාපාරයේ
Details of Share Register, Records, Shares, Directors, Secretaries, Auditors, Last Annual Return, Existing Shareholders, Annual General Meeting වැනි තොරතුරු සමග සමාගම් පනතේ 131 වැනි වගන්තිය ප්‍රකාරව Form 15 නම් ලියකියවිල්ල ඉදිරිපත් කර එහි පිටපතක් සහතික කරගෙන ඔබ විසින් ලග තබා ගත යුතුයි.

ඊට පසුව දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සදහා අවසාන මාර්තු 31 දක්වා අදල ඔබගේ ව්‍යාපාර මූල්‍ය වාර්තා කට්ටලය වරලත් ගණකාධිකාරිවරයෙකු හෝ වරලත් විගණන ආයතනක් ලවා විගණනය කොට , මූල්‍ය වාර්තා ආදායම් බදු ප්‍රවේශයට හරවා බදු ගණනය කොට ඉදිරිපත් කර යුතුයි. පසුව බදු මුදල් නොවැම්බර් 30ට පෙර බදු වාර්තාව ඉදිරිපත් කිරීම සිදු කල යුතුයි.

මේ අවසාන රජයේ ආයතන වන සමාගම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය හා දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සදහා අනුකූලතා (Compliance) සැපයීමේදී ඔබ විසින් තනිව කල හැකි කාර්‍යක් නොවන අතර ඒ සදහා බලපත්‍ර ලාභී සමාගම් ලේඛම් වරයෙක් හා වරලත් ගණකාධිකාරිවරයෙක් පෙනී සිටීම ඉතා සුදුසු වේ.

ඉහත සදහන් ඕනෑම කටයුත්තක් සදහා උපදේශනය හා සේවා සැපයීමට අප සූදානමින් සිටී.

CEYROKI Business Management
📍190/2/D, Galakumbura, Mawatha, Boralesgamuwa, Sri Lanka

Call / WhatsApp: (077) 676 4529

07/09/2026

2007 අංක 07 දරන සමාගම් පනතට අනුකූලව, ඔබේ ව්‍යාපාරයත් Private Limited Company එකක් ලෙස ලියාපදිංචි කර ගැනීමට අප සමඟ එක්වන්න.

අපගේ Company Registration Package එකට ඇතුළත් සේවාවන්:

🔷 සංස්ථාපනය පිළිබඳ මූලික උපදේශනය
🔹 ව්‍යාපාර නාමය වෙන් කර ගැනීම
🔹 Form 01, Form 18, Form 19 සකස් කිරීම
🔹 Articles of Association සකස් කිරීම
🔹 Certified Form 01
🔹 Certified Articles of Association
🔹 TIN Certificate
🔹 Gazette Notice
🔹 පුවත්පත් දැන්වීම්
🔹 Company Bank Account Board Resolution
🔹 Internet Banking, SMS Alerts සහ Cheque Book සඳහා ඉල්ලීම් ලිපි
🔹 Company Official Stamp
🔹 Director Stamp
🔹 Secretary Stamp
🔹 ලිපිගොනුව නිවසටම Delivery කිරීම

💼 මේ සියලුම සේවා සඳහා ගාස්තුව: රු. 42,950/=

📞 Call / WhatsApp: (077) 676 4529

CEYROKI Business Management
📍190/2/D, Galakumbura, Mawatha, Boralesgamuwa, Sri Lanka

Address

190/2/D, Galakumbura, Mawatha
Embilipitiya
10280

Telephone

+94113061444

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyroki Business Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyroki Business Management:

Shortcuts

Share