SLU SL Unit

බයියෝ කියන්නේ පුදුම සාපයක්. මූණට මූණ බලාගෙන රෙන්න හිටපු බයියන්ට අවසානයේ ඉංග්‍රීසි වචනයක් අහුවෙලා රවුම් කරගෙන නටනවා ලංකාව...
10/04/2026

බයියෝ කියන්නේ පුදුම සාපයක්. මූණට මූණ බලාගෙන රෙන්න හිටපු බයියන්ට අවසානයේ ඉංග්‍රීසි වචනයක් අහුවෙලා රවුම් කරගෙන නටනවා ලංකාව ඇමරිකන් කොලනියක් කරන්න හදන්නේ කියලා.

උන් ඇමරිකාවේ සෙඩ් එකක තෙල් ගහපු එකෙක් උස්සගෙන ඇවිල්ලා ජනාධිපති කරනකොට , මොලේ පුකේවත් නැති එකෙක්ව ඇමරිකාවේ ඉදලා උස්සගෙන ඇවිල්ලා ඌට මොල හතක් තියෙනවා කියලා මුදල් ඇමැති කරනකොට මුන්ගේ ඇමරිකන් විරෝධය කොහේද දන්නෙ නෑ තිබුණේ 😏😏

බයියෙක් වීම යනු ආත්ම ගානක් කරපු පව් එකවර මේ ආත්මයේ ඵල දීමක් කියන්නේ නිකන්ද 😏😏😏

29/10/2025
22/10/2025

01/10/2025

එකට කාලා බීලා තමයී ඇරියේ

01/10/2025
අද ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය. මේ දෙකටම හරියන්න පන්නිල මාමි, වැඩිහිටියෙක් ගෙනල්ලා හාවෙක් වගේ අන්දලා පොටෝ ගහලා ළමය...
01/10/2025

අද ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය. මේ දෙකටම හරියන්න පන්නිල මාමි, වැඩිහිටියෙක් ගෙනල්ලා හාවෙක් වගේ අන්දලා පොටෝ ගහලා ළමයින්ට තෑගි දීලා.. මේ වගේ විස්කම් කරන්න පුළුවන් ඡායාරූපකරණයට කෙළපැමිනි අයෙක්ට විතරයි.

🤣
01/10/2025

🤣

ලෝකෙ දරුණුම කණ්ඩායම්

පොන්ටින්ගේ ඕස්ට්‍රේලියාව
ග්‍රෑම් ස්මිත්ගේ දකුණු අප්‍රිකාව
ඉයන් මෝර්ගන්ගේ එංගලන්තය
එම්.එස්.දෝණිගේ ඉන්දියාව
ඩෙඩ් රබර් වලදී ශ්‍රී ලංකාව ❤️

ඩෙඩ් රබර් වල ලංකාව කොච්චර දරුණුද කියනවනම් තීක්ශණයා පවා ජොන්ටි රෝඩ්ස් වෙනවා 🐐

         🤣
01/10/2025

🤣

අනුර තමයි MASTERMIND 👌🧭කියෙවුවොත් වැටහේවී...🫰රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතව...
27/08/2025

අනුර තමයි MASTERMIND 👌🧭
කියෙවුවොත් වැටහේවී...🫰

රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතවයි... අනුරද එසේම කලේය. මේ සෙල්ලම අනුරගේ සැලසුම දකින කෝණයට වඩා වෙනස් ගැඹුරක් සමාජගත කර ඇත. විපක්ෂය ඒ දැළට දැන් අසුවී ඇත.

1. අනුර මුලින්ම කලේ සිය නිලධාරීන් හට විශ්වාස ඇති කලා කුමන තරාතිරමක අයකු හෝ අත්අඩංගුවට ගැනිමට හැකි කියන විශ්වාසය. එය කර පෙන්නුවා රනිල් අත්අඩංගුවට ගැනීමෙන්

2. විපක්ෂයේ කිසිදු එදිරිවාදිකම් නැති බවත් සියල්ල එකම කල්ලියක් බව ඔවුන්ට ගැටලුවක් ඇති විට එකතු වෙනවා කියලා ඔප්පුකරලාම පෙන්නුවා. ඒකෙන් විපක්ෂයේ සජිත් රනිල් ආරවුල ගැන විශ්වාස කරපු අය පවා සජිත් හොද එකෙක් කියන විශ්වාසය බිදිලා ගියා.(අන්තවාදී අය හැර) සජිත්ද එකම කල්ලියේ අයකු මිස වෙනසක් නැති බව පෙන්නුවා.

3. ඒසේම රටේ ව්‍යාවස්ථාවට අනුව ජනාධිපති ධුරයට මානසික හෝ ශාරිරික දුබල අයකු නුසුදුසු වන්නේය කියා සදහන් වේ. දැන් අනුර රනිල් නැවත ජනාධිපතිකම සදහා නුසුදුසු බව පෙන්වා හමාරයි.

4. ඊලගට අද අධිකරණය භූමිය අසලටම විපක්ෂ උද්ඝෝෂණය එන්න දීලා තමා ආරක්ෂක බැරියල් ඉදිකලේ. අධිකරණ තීන්දුවකට එරෙහිව උද්ඝෝෂණය විරෝධය දැක්වීම අධිකරණයට අපහාසයක්. සංවිධානය කිරීමද වරදක්. සෘජුවම දඩුවම් පැමිණවිය හැකි.
උද: රංජන් රාමනායක හට වුන සිද්ධිය

5. අද විපක්ෂ⁣ය ඒ වරද එකතුවෙලාම කරා. මෙතෙක් විපක්ෂයේ අලුතින් පාර්ලිමේන්තු ආපු ප්‍රසාද්ලා දූෂණ චෝදනා නැති දෙවන පෙල මන්ත්‍රීවරුත් අද සම්බන්ධ වුනා. දැන් අධිකරණය නියෝග කරලා අවසන් එම විරෝධය සංවිධානය කල අය පිළිබද විමර්ශනය කරන්න කියලා. වසර 5කටවත් අවම හිරේ යන වැඩක් හොදේ. මුළු විපක්ෂ කදවුරම එක් චෝදනාවකට යට කලා.

6. විශාල මහජන ඒකරාශි විමක් දඩුවම් දිමේදි සිදුනොවන බවත් ප්‍රතිරෝධ දක්වන පිරිස අවම බවත් අද ආපු 500ටත් අඩු පිරිස මගින් පෙන්නුවා.

7. ඉදිරියට එන්න නියමිත මහ බැංකු පාස්කු ලසන්ත ඝාතනය වගේ බරපතල නඩු වලදි තෝරු මෝරු ඇතුලට දාන්න පටන් ගන්නකොට විපක්ෂයේ විරුද්ධ වෙන්න ඉන්න චෝදනා නැති අය අනිත් පැත්තෙන් අධිකරණ යට අපහාස කිරීමේ චෝදනාවට යටත් කරලා දැන් සමස්ත විපක්ෂයකම කුමන හෝ වරදකට වරදකරුවන් වී හමාරයි. විරුද්ධ වෙන්න ඉන්න ඒ දූෂණ චෝදනා නැති පිරිසත් දැන් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකි හේතුවක් තියෙනවා.

8. උද්ඝෝෂණ කලත් නොකලත් අද ලැබුන සානුකම්පිත ඇපය රනිල්ට ලැබෙනවා කියා ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් දැන් ඇමකාලා අවසන්.

9. අනික් කරුන නම් අනුරගේ පුද්ගලික සංචාර වියදම් ගැන රනිල්ගේ නීතිඥයන් විස්තර ලබාගෙන තිබුනා නමුත් ඒවා ප්‍රශ්න කරන්න නොගියේම ඒ සියල්ල පක්ෂය මගින් ඒ ඒ වකවානු වලදි ගෙවා ඇති නිසා රජයට ඉන් පාඩුවක් වි හෝ මුදල් අවභාවිතයක් වී නැති නිසා. එය මාධ්‍ය හරහා ගියොත් අනුරට වෙනස්ම ගෞරවණිය ප්‍රතිරූපයක් හැදෙනවා කියලා දන්න නිසා.

10. අනුර කියනවා සැප්තැම්බර් ජනාධිපතිලාගේ හිමිකම් අහෝසි කිරීමේ පනත එනවා කියලා. එතකෙට මහින්දට වුනත් යන්න වෙනවා ගෙදරින්. ඒ වගේම අනිත් සියලුම නඩු වල විමර්ශන අවසන් අදියරේ නිසා ඒවාද පටන් ගන්නවා එතකොට විපක්ෂයට ඉන්න වෙන්නෙම වැඩිපුර උසාවියේ. නැත්නම් හිරගෙවල් වල. රටේ විපක්ෂයක් නැතිවෙන තරමටම විපක්ෂයට පාර්ලිමේන්තු බන්ධනාගාර බස් රථයෙන් එන්න වෙන තැනට දැන් සියලුම වටපිටාව හැදිලා අවසන්. සංස්කෘතික අරමුදලේ චෝදනා සම්බන්ධ විමර්ශනයද මේ දවස්වල යනවා. දන්නවානේ කාටද ඒකෙන් වැඩේ වරදින්නේ කියලා ඉතින්...🙃 දැන් එයාටත් මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රතිරූපය අවසන්.

11. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන අන්දමට "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි" එසේනම් මීලග 2029 ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් තුන්දෙනාටම දූෂණය නම් චෝදනාවත්, ඉන් දෙදෙනකු හට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවත් එල්ල වෙනවා... එතකොට මොකද වෙන්නේ ඉතින්... කියන්න අවශ්‍ය නැනේ...🤣

මාලිමාවේ අය නිතරම කියන දෙයක් තමයි අවුරුදු 20ක් බලයේ ඉන්නවා නැත්නම් ගත්තේ දෙන්න, නෙවේ කියන එක

බැලුවාම ඒක ඇත්ත වෙයි වගේ මොකද 2029 අනුර එක්ක තරග කරන්න විපක්ෂයක් දැන් නැතිවෙන්නම ඒ අයම අද අධිකරණ භූමියට ගිහින් පාරක් කපලා අවසන්...

ඇත්තටම විපක්ෂය එකතු වුනා නෙවේ අනුර එකතු කලා,
🤣
අධිකරණයට ආවා නෙවේ ඇත්තටම අනුර ගෙන්නුවා
🤣

කොටින්ම කිවුවොත් මේ චෙස් සෙල්ලමේ අනුර හොදටම ප්ලෑන් කරලා සෙල්ලම් කරනවා...👊
අනුර රුබිකන් නදිය මනාව සැලසුම් කොට තරණය කරනවා...
🫵
අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය දිනෙන් දින සුභ ලකුණු හැම පැත්තෙන්ම එනවා ආයෝජන , අපනයන , සංචාරක සියලුම මරමස්ථාන ඉතා ශක්තිමත් වෙනවා. ඉතින් ජනතාව දූෂිතයන්ට දඩුවම් දෙන එකට එරෙහි වෙන්නෙත් නෑ අද රනිල්ට ඇප දුන්න නිසා ඔවුන්ම අධිකරණය ස්වාධීනයි කියන නිසා දඩුවම් දෙන්නේ අධිකරණය නිසා ජනතාව සහයට යන්නෙත් නැ...
🫰
අනුර කියන්නේම MASTERMIND එකක් කියලා දැන් පැහැදිලි නේ...
🧭🫰
බලන් ඉන්න තමා දැන් තියෙන්නේ...
ඇත්තටම දැනුයි රුබිකන් නදිය තරණය ආරම්භ වන්නේ...
🫰
ආ අමතක වුනා,🤣
දයාසිරි ප්‍රභූ නිර්ප්‍රභූ කතාවෙන් විපක්ෂයේ සායමත් ගියා.. ආණ්ඩුව ට අනියමාර්ථයෙක් සහයක් දුන්නා කිවලා සමාජයට බැස්සාම තේරෙනවා.

©

උපුටාගැනීමකි.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය...
07/06/2025

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළවෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුවී ඇති බවද එහි දැක්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවී තිබේ.

ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි.

එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වෙයි.

කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SLU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category