16/07/2026
Good morning ❤🥰
"පතොක් ඉඩෝරයට හුරුවූවා මිස,
වැස්ස ඉල්ලා හැඬුවේ නැත..." 🌵🤍
සමහර ජීවිත මල් වගේ නොවෙයි... පතොක් වගේ.
උණුසුම, හිස්කම, වේදනාව අතරත් ජීවත් වෙන්න ඉගෙනගත් ජීවිත.🌵🤍
හැමදාම ලැබෙන්නෙ නැති දේවල් ගැන පැමිණිලි කරනවා වෙනුවට, ලැබුණු තත්ත්වයට හැඩගැහෙන්න ඉගෙනගන්න එකයි සැබෑ ශක්තිය.
අඩුපාඩු මැදත් නැගී සිටින මිනිසුන්ට තමයි ජීවිතේ ලස්සනම මල් පිපෙන්නේ.🍃🌵
ඔබත් පතොක් වගේ වෙන්න...
කටු තිබුණත් හදවතේ මලක් පිපෙන,
දුෂ්කර කාලයත් නිහඬව දරාගෙන ඉදිරියට යන කෙනෙක් වෙන්න.🌵🤍
Niro cake & Fashion