Home Oven SL

Home Oven SL Homemade short eats, Baked goods and condiments for everyday meals and small gatherings.

27/05/2026
කොස් මදුලු පුරවල උයන්නෙ කොහොමද කියල දැන ගන්න කැමති අයට කියවන්න පහළින් ලියා ගෙන යන්නං.1. මුලින්ම හොඳින් පැහුණු කොස් මදුලු...
27/05/2026

කොස් මදුලු පුරවල උයන්නෙ කොහොමද කියල දැන ගන්න කැමති අයට කියවන්න පහළින් ලියා ගෙන යන්නං.
1. මුලින්ම හොඳින් පැහුණු කොස් මදුලු ටිකක් ඕන වෙනව. මේවා කැපිල, කැඩිල නැති ඒව වෙන්න ඕන.
2. කොස් මදුලු දික් අතට කපාගෙන පරිස්සමට කොස් ඇට මදුලු වලින් ඉවත් කර ගන්න.
3. කොස් ඇට සුද්ද කරගෙන වතුර, ලුනු සහ කහ ටිකක් දාල හොඳින් තම්බා ගන්න. මතක ඇතිව තමන් ගත්ත කොස් මදුලු ප්‍රමාණයට වඩා කොස් ඇට 3-4 ක් වැඩිපුර ගන්න.
4. ලොකු ලූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා සිහින්ව කපා ගන්න. මේවා තමන් ගත්ත කොස් ඇට ප්‍රමාණයට සාපේක්ෂව ගන්න ඕන. කුරුඳු පොතු කෑලි 2-3 ක්, උම්බලකඩ, කහ කුඩු, කෑලි මිරිස්, ලුනු සහ පොල්තෙල් ටිකක් එහෙමත් ඕන වෙනව.
5. තැම්බුන කොස් ඇට ටික වෙනත් භාජනයකට මාරු කරගෙන, පොල්තෙල් ට්කක් දාල තෙල් ටිකක් දාල ලූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා හොඳින් තෙම්පරාදු කර ගන්න. ඒ තෙම්පරාදුවට තම්බා ගත් කොස් ඇට දාල හොඳින් තෙම්පරාදු උනාම ඒකට, ලුනු, කෑලි මිරිස්, උම්බලකඩ සහ අවශ්‍ය නං කහ ටිකකුත් දාල මිශ්‍ර කරල පැත්තකින් තියන්න.
6. ඉන්පස්සෙ සෝදල වතුර බේරෙන්න තියපු කොස් මදුලු ඇතුළට කොස් ඇට මිශ්‍රණයෙන් පුරවා ගන්න. හැම මදුලක් ඇතුළට කොස් ඇටයක් අනිවාර්යයෙන්ම දාන්න ඕන.
7. ඒ පුරවා ගත් මදුලු උයන්න පුලුවන් භාජනයක අතුරල, කොස් ඇට තෙම්පරාදු කරගත්ත භාජනයේ තුනපහ තැවරිලා තියෙන නිසා ඒකට පොල් කිරි දාල, ලුනු, කහකුඩු, අමු තුනපහ කුඩු, උම්බලකඩ ටිකක්, මිරිස් කුඩු දාල හොඳින් මිශ්‍ර කරල කොස් මදුලු වලට දාන්න. කොස් මදුලු වැහෙන මට්ටමට පොල් කිරි දාලා පියනකින් වහල උයා ගන්න. වරින් වර පියන ඇරල වේගයෙන් මිශ්‍ර නොකර, කොස් මදුලු හෙමිහිට එහා මෙහා පෙරළන්න.
8. පොල්කිරි හිඳීගෙන එනකොට ලිපෙන් ඉවත් කරල, බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් ඉහින්න.

ලිපේ ගින්දර පාලනය ගොඩක් වැදගත්. දැනුත් කොස් තියෙනව. හදල බලන්න. ඔයාලගෙ coment එකත් දෙන්නකො. බොහොම ස්තුතියි.

කොස් තියේ නං මොන විදියට හැදුවත් ආසාවෙන් කන්න පුලුවන් කෑමක් නෙ. අද කිරිකොස් හැදුව වගේම කොස් මදුලු පුරවලත් ඉව්ව. කොස් මදුල...
26/05/2026

කොස් තියේ නං මොන විදියට හැදුවත් ආසාවෙන් කන්න පුලුවන් කෑමක් නෙ. අද කිරිකොස් හැදුව වගේම කොස් මදුලු පුරවලත් ඉව්ව. කොස් මදුලු පුරවල උයන්නෙ කොහොමද කියල හෙට වගේ recipe එක share කරන්න පුලුවන් වෙයි. ඒ වගේම කොස් මැල්ලුමකුත් හැදුව. මම ඉතින් ගොඩක් වෙලාවට bulk cooking කරන්න කැමති කෙනෙක්. එක දවසක් මහන්සි උනාම දවස් 3-4 ක් නිදහස්ව ඉන්න පුලුවන්. වෙලාව, මහන්සිය, වියදම ගොඩක් ඉතිරි කර ගන්න පුලුවන් විදියක් තමයි, bulk cooking. අත්දැකීමෙන් කියන්නෙ.

26/05/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

Battaramulla
10120

Telephone

+94771587866

Website

Alerts

Be the first to know and let us send you an email when Home Oven SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Home Oven SL:

Share

Category