Ceylon Tea Leaf

Ceylon Tea Leaf The heaven of ceylon tea.

28/10/2023
06/10/2023

20/07/2023

Love you Dad 😘
18/06/2023

Love you Dad 😘

පොසොන් පොහොයේ වැදගත්කමඅද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කි...
03/06/2023

පොසොන් පොහොයේ වැදගත්කම

අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප්‍රරචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.

ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රතමවරට සවනක් ඝන බුදුරැස් විහිදීම, ලක්දිව ප්‍රරථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ.

- Happy Mother's Day ❤️- ආදරේයී අම්මා!
14/05/2023

- Happy Mother's Day ❤️
- ආදරේයී අම්මා!

සුභ වෙසක් මංගල්‍යක් වේවාவெசாக் தின வாழ்த்துகள் ! Happy Vesak Day
05/05/2023

සුභ වෙසක් මංගල්‍යක් වේවා
வெசாக் தின வாழ்த்துகள் !
Happy Vesak Day

Happy new year to all! May every wish of yours get fulfilled in the upcoming year 🌞🎂ඔබ සැමට සුභ නව වසරක් වේවා! ඉදිරි වසර...
14/04/2023

Happy new year to all! May every wish of yours get fulfilled in the upcoming year 🌞🎂

ඔබ සැමට සුභ නව වසරක් වේවා! ඉදිරි වසර තුළදී ඔබගේ සෑම පැතුමක්ම ඉටු වේවා.🌞

මැදින් පෝය අදයි 🌕
06/03/2023

මැදින් පෝය අදයි 🌕

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්...
16/02/2023

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 120 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.

60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

360+(61×16)=360+976=රු1336 යි

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ

පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.

දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිතා කලාම පොයින්ට් එකක් යනවා. 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ.

එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිතා කරන විට ටිකක් කල්පනාවෙන් භාවිතා කරන්න.

(චමිල ගමගේ මහතා විසින් ගුරුගෙදර සමූහයේ පල කල ලිපියකි)

Cylon Tea Leaf

Address

Ceylon Tea Leaf
Bandarawela
90112

Telephone

+94775563304

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Leaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tea Leaf:

Share

Category