Randidu Foods - Passara

  • Home
  • Randidu Foods - Passara

Randidu Foods - Passara Our services have all the process from preparing of food to its delivery

07/09/2026
24/03/2024
2023 අවුරුද්දේ වගේම 🌞 2024 සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලගේ අවුරුදු මේසය ලස්සන කරන්න, රසම රස අවුරුදු රසකැවිලි හා කල්ත...
22/03/2024

2023 අවුරුද්දේ වගේම 🌞 2024 සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලගේ අවුරුදු මේසය ලස්සන කරන්න, රසම රස අවුරුදු රසකැවිලි හා කල්තබා ගතහැකි ආහාර (මාළු තියල්, අච්චාරු වර්ග හා ලුණු දෙහි, බයිට් වර්ග) අරගෙන ඔයාලගේ ගෙදරට අවුරුද්දටත් කලින් නෑගම් එන්නයී අපි හිතුවේ...

මේ අවුරුදු දවස් ටිකේ ඔයාලටත් ගෙවල් වල වැඩ , කාර්යාලයේ රාජකාරි වැඩ වගේම අමතර වැඩ රාජකාරි නිසා කාර්‍යබහුල වෙන්න පුලුවන් ...

ඉතින් ගෙදර හැදුවා වගේ කෘතිම රසකාරක නැතිව පිරිසිදුවට රසම රසට කැවිලි හා කල් තබාගත හැකි ආහාර වර්ග ගන්න පුලුවන් මේ අවුරුද්දේත්.

15 / 20 කැවිලි දාලා පැක් උනත් ලස්සනට පොඩි gift pack එකක් වගේ හදලා කුරියර් කරන්නත් පුළුවන් 🌞 බදුල්ල / පස්සර නගර ආසන්නයේ ගෙදරටම වුනත් ගෙන්නත් පුළුවන්

අප්‍රේල් 5 ට කලින් අපිට ඇනවුම් ඔබගේ ලබා දෙන්න ...

වැඩි විස්තර (Whatsapp) 077 600 2223

ඔයාලා ආසම හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස්__________________________________🍫සීතල වෙලාවක බොන්න කියාපු පානය ක්නෙ මේ හොට් චොක්ලට් ...
29/04/2023

ඔයාලා ආසම හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස්
__________________________________🍫
සීතල වෙලාවක බොන්න කියාපු පානය ක්නෙ මේ හොට් චොක්ලට් ඩ්‍රින්ක් එක. ඔන්න අද හොට් චොක්ලට් හදන විදි 7ක්ම අරගෙන ආවා. කැමති විදියට ට්‍රයි කරලා බලන්න. චොක්ලට් දාලා හදම ඕනම කෑමකට කට්ටිය බෑ කියන්නැති නිසා ඔන්න ඔයාලා ආසම හොට් චොක්ලට් ඩ්‍රින්ක්ස්

01. Italian Hot Chocolate
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
කිරි කෝප්ප 1
කොකෝවා පව්ඩර් මේසහැඳි 1
කෝන්ෆ්ලා මේසහැඳි 1/2
සීනි මේසහැඳි 2

කිරි ටික ලිපේ තියලා උණුවෙනකොට ලිප ඕෆ් කරගන්න.
වෙනම බෝල් එකකට කොකෝවා පව්ඩර් හා කෝන්ෆ්ලා දාලා කිරිචුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න.
දැන් මේක කිරි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
සීනි ටිකත් දාලා ආයෙ ලිප ඔන් කරලා කලවම් කරගන්න.
ඊලඟට මේකට චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
මිශ්‍රණය ටික ටික තික් වේගෙන එනවා පෙනෙයි.
තව ටිකක් තියලා ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න.

02. French Hot Chocolate
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
කිරි මිලිලීටර් 500
කුරුදුපොතු කෑල්ලක්
වැනිලා ස්වල්පයක්
කොකෝවා පව්ඩර් මේසහැඳි 1
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්

කිරි ටික ලිපේ තියලා රත්වෙනකොට ඩාක් චොක්ලට් ටික දාගන්න.
මේකට කුරුදුපොතු හා වැනිලා දාලා කලවම් කරගන්න.
ඊලඟට මේකට කොකෝවා පව්ඩර් දාලා සීනි හා ලුණු ටික දාගන්න.
රත්වෙනකොට ග්‍රේට්කරගත් චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
හොඳටම මෙල්ට් වෙලා මිශ්‍රණය තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.

03. Mexican Hot Chocolate
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි කෝප්ප 2
චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2
කුරුදුපොතු කෑල්ලක්
රතු සීනි මේසහැඳි 3
වැනිලා ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
මිරිස්කුඩු පින්චක් (Cayenne Pepper)
කොකෝවා පව්ඩර් මේසහැඳි 2

කිරි ටික පෑන් එකට දාලා කුරුදුපොතු කෑල්ලක් දාලා ලිපේ තියන්න.
මේකට සීනි,වැනිලා හා ලුණු දාලා කලවම් කරන්න.
ටිකකින් ඩාක් චොක්ලට් ටික දාන්න.
මිරිස්කුඩු හා කොකෝවා පව්ඩර් ටික දාගන්න.
කිරි ටික හොඳට උනුවෙනකොට ලිපෙන් බාගන්න.
කෝප්පෙට දාලා කුරුදුපොතු කෑල්ලක් දාලා සර්ව් කරන්න.

04. Peppermint Hot Chocolate
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කොකෝවා පව්ඩර් මේසහැඳි 3
චොප්කරගත් පෙපර්මින්ට් කැන්ඩි 8-10
කිරි කෝප්ප 2
සීනි මේසහැඳි 3
වැනිලා ස්වල්පයක්
කුරුදුපොතු කෑල්ලක්
චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
ෆ්‍රෙශ් ක්‍රීම් ස්වල්පයක්

පෑන් එකට කිරි,සීනි,ලුණු හා කොකෝවා පව්ඩර් දාල ලිපේ තියන්න.
හොඳට විස්ක් කරගන්න.
ඊලඟට මේකට චොක්ලට් චිප්ස් ටික දාලා වැනිලා දාගන්න.
චොක්ලට් ටික හොඳට මෙල්ට් උනාම පෙපර්මින්ට් ටික දාගන්න.
හොඳට විස්ක් කරලා ලිපෙන් බාලා කප් වලට දාගන්න.
ෆ්‍රෙශ් ක්‍රීම් ටිකකින් ගානිශ් කරගන්න.

05. Nutella Hot Chocolate Recipe
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි කෝප්ප 1
නියුටෙලා මේසහැඳි 2
කොකෝවා පව්ඩර් තේහැඳි 1

කිරි ටික ලිපේ තියලා නියුටෙලා හා කොකෝවා පව්ඩර් දාලා කලවම් කරගන්න.
ලිපේ තියන ගමන් වේගෙන් විස්ක් කරගන්න ඕනේ.
ටිකක් තික් වේගෙන එනකොට ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න.

06. Milkmaid Hot Chocolate Recipe
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
මිල්ක්මේඩ් පොඩි ටින් 1
කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
ලුණු ස්වල්පයක්
වැනිලා ස්වල්පයක්
වතුර කෝප්ප 1

පෑන් එකට මිල්ක්මේඩ් දාලා කොකෝවා පව්ඩර් දාලා විස්ක් කරගන්න.
මේක ලිපේ තියලා වතුර, ලුණු හා වැනිලා දාලා හොඳට විස්ක් කරමින් උණු කරගන්න.
උණුවෙන්ම පිළිගන්වන්න.

07. Dutch Hot Chocolate
Hot Chocolate Recipes

අවශ්‍ය ද්‍රව්‍ය:-
චොප්කරගත් චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
කොකෝවා පව්ඩර් තේහැඳි 1
කිරි කෝප්ප 1 1/4
විප්ක්‍රීම් මේසහැඳි 1
බ්‍රැන්ඩි හෝ රම් ස්වල්පයක්
සීනි මේසහැඳි 1

පෑන් එකට කිරි වලින් භාගයක්, කොකෝවා පව්ඩර් හා සීනි දාලා ලිපේ තියන්න.
හොඳට විස්ක් කරගන්න.මේකට චොක්ලට් චිප්ස් ටිකත් දාගන්න.
ඉතුරු කිරි ටිකත් දාලා උණුකරගන්න.
අන්තිමට රම් හෝ බ්‍රැන්ඩි ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
කප්ස් වලට දාලා උඩින් විප්ක්‍රීම් වලින් ගානිශ් කරගන්න.

උපුටා ගැනීමකී

ළමා නිවාසයක ළමුන් 45 දෙනෙකු සඳහා දහවල් ආහාරයThank You Mr. Manoj Mahendran for your order
09/04/2023

ළමා නිවාසයක ළමුන් 45 දෙනෙකු සඳහා දහවල් ආහාරය

Thank You Mr. Manoj Mahendran for your order

Thank You Mr. Nuwan Anuradha for Your Order
09/04/2023

Thank You Mr. Nuwan Anuradha for Your Order

👩‍🍳කල්තබා ගත හැක ආහාර රැසක් දැන් අප වෙතින්...♨️ මාලු ඇඹුල් තියල් ♨️ කුකුල් මස් ඇඹුල් තියල් ♨️ සිංහල අච්චාරු හා අනෙකුත් අ...
06/04/2023

👩‍🍳කල්තබා ගත හැක ආහාර රැසක් දැන් අප වෙතින්...

♨️ මාලු ඇඹුල් තියල්
♨️ කුකුල් මස් ඇඹුල් තියල්
♨️ සිංහල අච්චාරු හා අනෙකුත් අච්චාරු වර්ග
♨️ කොහිල බයිට්
♨️ චට්නි වර්ග
♨️ ලුණු දෙහි
♨️ බටු මෝජු
♨️ චිලි පේස්ට්
♨️ උම්බලකඩ සම්බෝල
♨️ අලු කෙසෙල් මෝජු
♨️ හාල්මැස්සන් බැදුම
♨️ රට කජු බැදුම
♨️ කරවිල බැදුම
_______________________________________________
ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකිය..

✈️ විදෙස්ගත ඔබේ ආදරණීයයන් වෙනුවෙන් යවන්න
🤰 ගර්භණී මව්වරුන් වෙනුවෙන්
👩‍🎓නේවාසික සිසුන් වෙනුවෙන්
👩‍🍳කාර්‍යබහුල ගෘහණියන් වෙනුවෙන්
🎉️ උත්සව අවස්ථා වෙනුවෙන්
🥙 විවිධ රස සොයන ඔබ වෙනුවෙන්

ඇණවුම් කිරීම සඳහා

☎️ Whatsapp 0776002223

Address

Badulla

90500

Telephone

+94776002223

Website

Alerts

Be the first to know and let us send you an email when Randidu Foods - Passara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Randidu Foods - Passara:

Shortcuts

  • Want your business to be the top-listed restaurant?

Share